ලිපගිනි මෙලවෙන තෙක් දිය සැලියේ සැපයක් නම් කකුළුවා දිය කෙලියේ අවදිව පෙරයම තෙක් දිවි මළුවේ සේපාලික මල අඳුරෙම නැසුනේ අව්වට වැස්සට හුරු මිනිසුන්ගේ දහඩිය ඇයි කන්තෝරුවෙ නැසුනේ කරමත ඇවිලෙන මරගිනි අතරේ පොලවට නුසුලන තව බර වැටුනේ සිල්වත දිදුලන වැලිතල අතරේ පඬුපැහැ කිරි කලයට මුසු කෙරුනේ ගිනි අවි බිඳ යදමින් සිර ඇතුලේ ඇවිලුන ගිනිදැල් කඳුලින් නිමුනේ
අහපු කියපු දැකපුවට පොඩි කැටයමක්.
Comments
දැක්කත් ඇති
කල්පයක්
ජීවත් වෙන්න
නොහලන්න කදුලක්
ගෙන මුවට මුකුලක්
හිනැහෙන්න නැවතත්
රැදෙනු තව මොහොතක්...
මට මොකක්වත් හිතා ගන්න බැරි වුණා මේක කියෙව්වම, ඔය වචන ටික ඇරෙන්න.