Skip to main content

ප්‍රකාශ විද්‍යාව.

උඩුකුරු
වස්තුවට වඩා විශාල
වෙලා තිබුන
ප්‍රතිබිම්බයක..
ආදරය කියලා අකුරු හතරක්
මකුලු දැල් කඩලා
එලියට ගන්න කොට
පාර්ශ්වික අපවර්තනය වෙච්ච
වස්තුවට වඩා කුඩා
යටිකුරු
අකුරු හතරක් එක්ක
තවත් සෙල්ලම් කරන්න 
බෑ කියලා තේරෙන්න ගත්තා....
සොරි....

Comments

Jay said…
තුන් පාරක්ම කියෙව්වා, ඒත් තේරුණා මදිද මන්දා..
:D :D
malee_msg said…
අන්තිමේ සොරි කිව්ව එක නම් තේරුනා..

යටි පෙළ ගැන මං හිතා ගත්තා.. එහෙම නැතුව කවිය මට තේරුනේ නම් නෑ මචං.. මං ඉතිං වැරදිලාවත් ඒලේවල් මැත්ස් /සයන්ස් පංති පැත්තේ ගිහින් නැති නිසා ඔය නියමයවල් නිකං ලැටින් වගේ.
මෝඩයා said…
පට්ටම පට්ට.......අති ප්‍රභල අවතල කාචයකින් බිම බලලා ලෝකය ගොලාකාර බව ඔප්පු කොරන්න පුලුවන් නම් ආදරේ තෙරුමත් හොයාගන්න ඇහැකිවෙයි අනිවා...
Naදී said…
අග්...තව ටිංගෙන් රඹුටන් ඇටෙත් උගුරේ හිර වෙනවා. වචනෙන් වචනේ වෙන වෙනම කියෙව්වට පස්සේ පැහැදිලි වුණා. සරල සිද්ධියක තියන නොදුටු ගැඹුර ගැන පෙන්නල දුන්න විදිහ නම් සුපර්. දැටිස් වට් අයි අන්ඩස්ටුඩ් :)
Teena said…
Ansh Lucky සහ මලි හා එකඟ වෙමි..

@Naදී - අනේ මචෝ මටත් කියල දෙන්නකෝ තේරිච්ච දේ..

@මේක ලියපු කෙනාට - හිටු! තේරුම අහං ඇවිත් අදහසක් දාන්නම්..
h said…
මට නං තේරුණා. ඒත් කවියෙ තේරුම නෙවෙයි. අර කිව්ව වගේ යටිපෙල. කව්යෙ තේරුමෙන් හිතන්න ගියාට වැඩක් නැ කියලත් මට ‍තේරුණා... අර මකුළු දැල් කඩන්න යන එක නම් හොඳයි...
වන්නි said…
අර "සොරි" කියනඑක ආවෙනැත්තං පබැඳුමේ ගතිය යනවා... "සොරි" එකෙන් මාරම මෙව්වා එකක් ඇවිල්ලා තියෙනවා... එළ
මේක මෙහෙමම උනා කියලා හිතන්න අමාරුයි... උනේ එහෙමයි කියල පස්සෙ හිතෙන්න ගත්තා මිසක්...

මම ඉන්නෙ උඹේ කතාවෙම උඹට වඩා ඉස්සරහිං... ඒකයි බය නැතුව කිව්වෙ.... :)
Anonymous said…
කෙල්ල ගෙන මුලින් ලොකුවට හිතාගෙන හිටියට පස්සේ එකී අවුල් කියලා දෙනාගෙන බූට් එකක් තියන්න වුන සීන් එකක් නේද?
මම ඔබට සුභ පතනවා!!!. ඔබ භාවිත කර තියන භාෂාව ඉතා විශිෂ්ඨයි!!!

(අවංකවම කිව්වොත් මටනං මෙලෝ අකුරක් තේරුන්නෑ අර සොරි කියන එක ඇරෙන්ඩ.. හික්!)
දියත් කුලේ දැන් අපි විතරයි... ඇයි උඹ නිහඬ වෙලා...?
කියන දෙයක් තේරෙන්න කියනවාකෝ......

වැඩිපුර බලපු..

දේශද්‍රෝහියා...

මගේ ගෙදර ගේට්ටුවේ ජාතික කොඩියක් නැත... එම නිසා මම දේශද්‍රෝහියෙකි .. මගේ ගෙදර මිදුලේ රතිඤ්ඤා පිපිරුනේ නැත... එම නිසා මම දේශද්‍රෝහියෙකි ... දේශප්‍රේමීන්ගේ පෙළපාලියට මා සහභාගී වූයේ නැත... එම නිසා මම දේශද්‍රෝහියෙකි .. ප්‍රභාකරන්ගේ මල කිරිබත මට කෑමට නොහැක.. එම නිසා මම දේශද්‍රෝහියෙකි ... බාගයක් ගසා දේශාභිමානී ගීත කීමට මට බැරිවිය... එම නිසා මම දේශද්‍රෝහියෙකි ... පිටස්තරයා නිවැරදිය මේ ගොං පාට් හමුවේ හෙට ප්‍රභාකරන් නැවත උපදිනු ඇත සිදුවිය යුත්තේ මෙයද? මා දේශද්‍රෝහියෙකි..

ජීවිතය නම් වේදනාව

ලිපගිනි මෙලවෙන තෙක් දිය      සැලියේ සැපයක් නම් කකුළුවා දිය         කෙලියේ අවදිව පෙරයම තෙක් දිවි             මළුවේ සේපාලික මල අඳුරෙම                නැසුනේ අව්වට වැස්සට හුරු               මිනිසුන්ගේ දහඩිය ඇයි කන්තෝරුවෙ         නැසුනේ කරමත ඇවිලෙන මරගිනි              අතරේ පොලවට නුසුලන තව බර          වැටුනේ සිල්වත දිදුලන වැලිතල                 අතරේ පඬුපැහැ කිරි කලයට මුසු         කෙරුනේ ගිනි අවි බිඳ යදමින් සිර                 ඇතුලේ ඇවිලුන ගිනිදැල් කඳුලින්              නිමුනේ

එය සිදුවිය යුතුව තිබුනි....!

එය එතරම් අසීරු යැයි එය සිදුවනතුරු මම දැනගෙන සිටියේ නැත. එය සිදුවිය යුතුව තිබුනි. නමුත් අප දෙදෙනාගෙන් එකෙකු හෝ එය භාරගන්නට සූදානම් නොවීය. අවසානයේ එය සිදුවී ඇත...! ජීවිතය නම් වූ නවකථාව තුල දෑවුරුද්දක පරිඡේදයක්  අවසාන වී ඇත. කතන්දර ගොඩක් මැද්දෙ හමුවූ දෙන්නෙක්  කතන්දර ගොඩක් මැද වෙන්වී ගොසින්ය සියල්ල අනාගතයට බාරදී අත පිහිදාගන්නට ආත්මාර්ථකාමී ආසාවක් හිතට ආවත් එය සිදුකිරීම එතරම් පහසුනම් මම එය දැනටමත් අහවර කොට හමාරය.  කතාන්දරය නිල වශයෙන්ම අවසන්ය. අවසානයේ මම පිදුම වෙනස් කරමි.... "මගේ අතේ එල්ලී මගේ කණ් ගොඩ කරපු දම්මිනීට.."  පින්තූරය අහක් කිරීමට තරම් මම මුග්ධයෙකු වී නැත.  එහෙත් දවසක එයද ඉවත් කිරීමට සිදුවනු ඇත..  ආදරය කියන සූදුවෙන් මම පැරදී ඇත.. මම ලඟ තුරුම්පු අවසන් වී තිබුනි... එය සිදුවිය යුතුව තිබුනි....!