Skip to main content

දෑවුරුද්ද

හෙටක් ගැන නොහිතා අද වියදම් කරනවා කියලා හැම සතියකම මට බනින්න ඇති. යාළුවොත් එක්ක සෙට්වෙලා ආතල් දදා ඉන්නව කියලා මිසක් වෙන වැඩක් නෑ කියලා මට අනන්තවත් කෑ ගහලා ඇති. පාඩම් කරන්නෙ නැතුව පිස්සු කෙලිනවා කියලා මට අනන්තවත් නෝක්කාඩු කියලා ඇති. තරහවුනාම මූණ ඇඹුල් කරගෙන මාත් එක්ක කතා නොකර ඉන්න ඇති. ඉඳලා හිටලවත් බොන්න එපා කියලා අඞලා ඇති දොඩලා ඇති. 

ඒත්.............

මම බොරුව දාන්න ඇති.
ජිල්මාට් දාන්න ඇති.
සමහර විට බනින්නත් ඇති.
ඊට වඩා උඹ මට ආදරය දෙන්නත් ඇති.
ඒකමට හරියට තේරෙන්නත් ‍නැතුව ඇති.

"මහවරුසාවට පසුව නැගෙන සඳ
වෙනදාටත් වැඩියෙ‍න් එළියයි
නෝක්කාඩුවට පසුව ඔබේ වත 
ඒ එළියට වැඩියෙන් එළියයි"

මේ අවුරුදු දෙක මට මගේ ජීවිතේටම ඇති.
සමහරවිට පහුගිය ආත්ම හතෙත් ලැබෙන්න නැතුව ඇති.

ප්‍රථම ප්‍රේමයට අවුරුදු දෙකයි.....
තුත්තිරි ගහ දැන් පඳුරක් වෙලා.....

ජය ශ්‍රී ..... !

Comments

said…
මෙන්න පඳුරට අපෙන් සුභ පැතුම වතුර බිඳක්
චියර්ස්!!!!!
බිඟූ said…
මෙන්න මගෙන් මී පැණි බින්දුවක්...

ගොඩාක් දෙන්නනම් බෑ ඔන්න


/බිඟුවා...!
ස්තූතියි මචංලා...
Unknown said…
මගෙනුත් උණුසුම් සුභ පැතුම්!!


/නොදරුවා.....!
අවුරුදු ගාණකට සුබ පැතුම්!!!

/පිටස්තරයා...!
ස්තූතියි...!

/ආගන්තුකයා...!
Anonymous said…
අප්පේ.. සතුටුයි බං..
තව අවුරුදු බර ගානක්ම එකටම ඉන්න ලැබෙන්න, පිස්සු කෙලින්න ලැබෙන්න කියලා මං ප්‍රාර්ථනා කරනවා ඔන්න...
ප්‍රථම පෙම අවසන් පෙමම වී සොඳුරු කැදැල්ලක කූඩුවෙන්න ලැබෙන්න කියා මමත් මුළු හදින්ම පතනවා.
Raven said…
මගෙනුත් උණුසුම් සුබපැතුම් මචෝ!
ආපු වසන්තය
දෝතින්ම තුරුලු කරගෙන
ජීවිතේ පුරාවටම
සෙනෙහස දෝරේගලා
ඔබ දෙදෙනාගේ හදවත්
එක් වෙන්නයි
අපේ පැතුම
Anonymous said…
ආගන්තුකයාටත් දම්මිනීටත් මගෙන් සුභ පැතුම් මල් මිටක්....!!!
LishWish said…
මෙන්න මගෙනුත් සුභ ම සුභක්. හැබැයි.........,
/ලිශ්විශ්...!
Kasun said…
සුභ පැතුම් !!, මචං
:)
දුකා said…
අම්මෝ. උඹ පව් බං. අවුරුදු දෙකක් මොන දුකක් විඳින්න ඇද්ද. හික් හික්. මොනා වුනත් දෙහ්නටම මගෙන් සුභ පැතුම් . . !
සරසවියේ ඉන්නකම් විතරක් නෙමෙයි සැරයටියෙන් යනෙන කම්ම . . මැරනකම්ම ගහ මරා(නො)ගෙන ජොලියෙන් ඉන්න ලැබේවා . . .

/දුකා . . . !
Narada said…
සුභම සුභ පැතුම් මචන්!!!
hashan said…
උඹගේ අවුරුදු දෙකේ කුළුදුල් පේ‍්‍රමයට හද පතුලෙන්ම අඩව්වේ අපෙන් සුභ පැතුම්. ඔය කවිකාර හිතට අපි ගොඩක් ආසයි. එ් වගේම ඔය ආදරෙත් ලස්සන වෙන්න කියලා සුභ පතනවා.
h said…
ෂා නියමයි... දෙන්නටම සුභපැතුම් ග‍ඟේ ගහගෙන නොයා ජීවිතේ විවිධ පැති වල සැරිසරන්න ලැබේවා...
සුභම සුභ පැතුම් මචන්
සචී said…
මෙන්න අපෙනුත්
සුබ ම සුබ පැතුම්....!!

/සචී...!
ස්තූති වේවා.. සියළු දෙනාට..
SL Tech Express said…
ඔන්න මගෙනුත්...
සුළ0 පොදක්...
සුභ පැතුම්!!

වැඩිපුර බලපු..

දේශද්‍රෝහියා...

මගේ ගෙදර ගේට්ටුවේ ජාතික කොඩියක් නැත... එම නිසා මම දේශද්‍රෝහියෙකි .. මගේ ගෙදර මිදුලේ රතිඤ්ඤා පිපිරුනේ නැත... එම නිසා මම දේශද්‍රෝහියෙකි ... දේශප්‍රේමීන්ගේ පෙළපාලියට මා සහභාගී වූයේ නැත... එම නිසා මම දේශද්‍රෝහියෙකි .. ප්‍රභාකරන්ගේ මල කිරිබත මට කෑමට නොහැක.. එම නිසා මම දේශද්‍රෝහියෙකි ... බාගයක් ගසා දේශාභිමානී ගීත කීමට මට බැරිවිය... එම නිසා මම දේශද්‍රෝහියෙකි ... පිටස්තරයා නිවැරදිය මේ ගොං පාට් හමුවේ හෙට ප්‍රභාකරන් නැවත උපදිනු ඇත සිදුවිය යුත්තේ මෙයද? මා දේශද්‍රෝහියෙකි..

ජීවිතය නම් වේදනාව

ලිපගිනි මෙලවෙන තෙක් දිය      සැලියේ සැපයක් නම් කකුළුවා දිය         කෙලියේ අවදිව පෙරයම තෙක් දිවි             මළුවේ සේපාලික මල අඳුරෙම                නැසුනේ අව්වට වැස්සට හුරු               මිනිසුන්ගේ දහඩිය ඇයි කන්තෝරුවෙ         නැසුනේ කරමත ඇවිලෙන මරගිනි              අතරේ පොලවට නුසුලන තව බර          වැටුනේ සිල්වත දිදුලන වැලිතල                 අතරේ පඬුපැහැ කිරි කලයට මුසු         කෙරුනේ ගිනි අවි බිඳ යදමින් සිර                 ඇතුලේ ඇවිලුන ගිනිදැල් කඳුලින්              නිමුනේ

එය සිදුවිය යුතුව තිබුනි....!

එය එතරම් අසීරු යැයි එය සිදුවනතුරු මම දැනගෙන සිටියේ නැත. එය සිදුවිය යුතුව තිබුනි. නමුත් අප දෙදෙනාගෙන් එකෙකු හෝ එය භාරගන්නට සූදානම් නොවීය. අවසානයේ එය සිදුවී ඇත...! ජීවිතය නම් වූ නවකථාව තුල දෑවුරුද්දක පරිඡේදයක්  අවසාන වී ඇත. කතන්දර ගොඩක් මැද්දෙ හමුවූ දෙන්නෙක්  කතන්දර ගොඩක් මැද වෙන්වී ගොසින්ය සියල්ල අනාගතයට බාරදී අත පිහිදාගන්නට ආත්මාර්ථකාමී ආසාවක් හිතට ආවත් එය සිදුකිරීම එතරම් පහසුනම් මම එය දැනටමත් අහවර කොට හමාරය.  කතාන්දරය නිල වශයෙන්ම අවසන්ය. අවසානයේ මම පිදුම වෙනස් කරමි.... "මගේ අතේ එල්ලී මගේ කණ් ගොඩ කරපු දම්මිනීට.."  පින්තූරය අහක් කිරීමට තරම් මම මුග්ධයෙකු වී නැත.  එහෙත් දවසක එයද ඉවත් කිරීමට සිදුවනු ඇත..  ආදරය කියන සූදුවෙන් මම පැරදී ඇත.. මම ලඟ තුරුම්පු අවසන් වී තිබුනි... එය සිදුවිය යුතුව තිබුනි....!