Skip to main content

දෑවුරුද්ද

හෙටක් ගැන නොහිතා අද වියදම් කරනවා කියලා හැම සතියකම මට බනින්න ඇති. යාළුවොත් එක්ක සෙට්වෙලා ආතල් දදා ඉන්නව කියලා මිසක් වෙන වැඩක් නෑ කියලා මට අනන්තවත් කෑ ගහලා ඇති. පාඩම් කරන්නෙ නැතුව පිස්සු කෙලිනවා කියලා මට අනන්තවත් නෝක්කාඩු කියලා ඇති. තරහවුනාම මූණ ඇඹුල් කරගෙන මාත් එක්ක කතා නොකර ඉන්න ඇති. ඉඳලා හිටලවත් බොන්න එපා කියලා අඞලා ඇති දොඩලා ඇති. 

ඒත්.............

මම බොරුව දාන්න ඇති.
ජිල්මාට් දාන්න ඇති.
සමහර විට බනින්නත් ඇති.
ඊට වඩා උඹ මට ආදරය දෙන්නත් ඇති.
ඒකමට හරියට තේරෙන්නත් ‍නැතුව ඇති.

"මහවරුසාවට පසුව නැගෙන සඳ
වෙනදාටත් වැඩියෙ‍න් එළියයි
නෝක්කාඩුවට පසුව ඔබේ වත 
ඒ එළියට වැඩියෙන් එළියයි"

මේ අවුරුදු දෙක මට මගේ ජීවිතේටම ඇති.
සමහරවිට පහුගිය ආත්ම හතෙත් ලැබෙන්න නැතුව ඇති.

ප්‍රථම ප්‍රේමයට අවුරුදු දෙකයි.....
තුත්තිරි ගහ දැන් පඳුරක් වෙලා.....

ජය ශ්‍රී ..... !

Comments

said…
මෙන්න පඳුරට අපෙන් සුභ පැතුම වතුර බිඳක්
චියර්ස්!!!!!
බිඟූ said…
මෙන්න මගෙන් මී පැණි බින්දුවක්...

ගොඩාක් දෙන්නනම් බෑ ඔන්න


/බිඟුවා...!
ස්තූතියි මචංලා...
Unknown said…
මගෙනුත් උණුසුම් සුභ පැතුම්!!


/නොදරුවා.....!
අවුරුදු ගාණකට සුබ පැතුම්!!!

/පිටස්තරයා...!
ස්තූතියි...!

/ආගන්තුකයා...!
Anonymous said…
අප්පේ.. සතුටුයි බං..
තව අවුරුදු බර ගානක්ම එකටම ඉන්න ලැබෙන්න, පිස්සු කෙලින්න ලැබෙන්න කියලා මං ප්‍රාර්ථනා කරනවා ඔන්න...
ප්‍රථම පෙම අවසන් පෙමම වී සොඳුරු කැදැල්ලක කූඩුවෙන්න ලැබෙන්න කියා මමත් මුළු හදින්ම පතනවා.
Raven said…
මගෙනුත් උණුසුම් සුබපැතුම් මචෝ!
ආපු වසන්තය
දෝතින්ම තුරුලු කරගෙන
ජීවිතේ පුරාවටම
සෙනෙහස දෝරේගලා
ඔබ දෙදෙනාගේ හදවත්
එක් වෙන්නයි
අපේ පැතුම
Anonymous said…
ආගන්තුකයාටත් දම්මිනීටත් මගෙන් සුභ පැතුම් මල් මිටක්....!!!
LishWish said…
මෙන්න මගෙනුත් සුභ ම සුභක්. හැබැයි.........,
/ලිශ්විශ්...!
Kasun said…
සුභ පැතුම් !!, මචං
:)
දුකා said…
අම්මෝ. උඹ පව් බං. අවුරුදු දෙකක් මොන දුකක් විඳින්න ඇද්ද. හික් හික්. මොනා වුනත් දෙහ්නටම මගෙන් සුභ පැතුම් . . !
සරසවියේ ඉන්නකම් විතරක් නෙමෙයි සැරයටියෙන් යනෙන කම්ම . . මැරනකම්ම ගහ මරා(නො)ගෙන ජොලියෙන් ඉන්න ලැබේවා . . .

/දුකා . . . !
Narada said…
සුභම සුභ පැතුම් මචන්!!!
hashan said…
උඹගේ අවුරුදු දෙකේ කුළුදුල් පේ‍්‍රමයට හද පතුලෙන්ම අඩව්වේ අපෙන් සුභ පැතුම්. ඔය කවිකාර හිතට අපි ගොඩක් ආසයි. එ් වගේම ඔය ආදරෙත් ලස්සන වෙන්න කියලා සුභ පතනවා.
h said…
ෂා නියමයි... දෙන්නටම සුභපැතුම් ග‍ඟේ ගහගෙන නොයා ජීවිතේ විවිධ පැති වල සැරිසරන්න ලැබේවා...
සුභම සුභ පැතුම් මචන්
සචී said…
මෙන්න අපෙනුත්
සුබ ම සුබ පැතුම්....!!

/සචී...!
ස්තූති වේවා.. සියළු දෙනාට..
SL Tech Express said…
ඔන්න මගෙනුත්...
සුළ0 පොදක්...
සුභ පැතුම්!!

වැඩිපුර බලපු..

ජීවිතය නම් වේදනාව

ලිපගිනි මෙලවෙන තෙක් දිය      සැලියේ සැපයක් නම් කකුළුවා දිය         කෙලියේ අවදිව පෙරයම තෙක් දිවි             මළුවේ සේපාලික මල අඳුරෙම                නැසුනේ අව්වට වැස්සට හුරු               මිනිසුන්ගේ දහඩිය ඇයි කන්තෝරුවෙ         නැසුනේ කරමත ඇවිලෙන මරගිනි              අතරේ පොලවට නුසුලන තව බර          වැටුනේ සිල්වත දිදුලන වැලිතල                 අතරේ පඬුපැහැ කිරි කලයට මුසු         කෙරුනේ ගිනි අවි බිඳ යදමින් සිර                 ඇතුලේ ඇවිලුන ගිනිදැල් කඳුලින්              නිමුනේ

වඳුරන්ගේ රට.

ඒ අනාගතය කියලා පටන්ගත්තොත් අනාගතය කොයි වගේ එකක්ද කියල අපේ හිත්වල තියෙන පින්තූරයට මේක ටිකක් සමාන වෙලා පෙනෙන්න පුළුවන්. ඒ පින්තූරය හදලා තියෙන්නේ වැඩිපුරම පොත්වලින් සහ චිත්‍රපටිවලින් කියලා කිව්වොත් වැරැද්දක් නෑ. කවුරුහරි මේක Planet of the Apes වගේ කතාවක් කියලා කිව්වොත් ඒකෙ ඇති වැරැද්දකුත් නෑ හරියකුත් නෑ. අපි ඒ ග්‍රහලෝකයට මැඩේෂියාව කියලා කියමු. මැඩේෂියාව භූ පිහිටීම අතින් ගත්තොත් තනි මහද්වීපයකින් සමන්විත විවිධ ජනවර්ග වලින් සමන්විත වුන රටක්. එක අතකින් මැඩේෂියාව සිංගප්පූරුවට සමානයි.  මේක අතීතය, අනාගතය, වර්තමානය යන තුන්කාලයෙන් ඕනිම කාලයක සිදුවෙන්න පුළුවන් සිදුනොවෙන්නත් පුළුවන් සිදුවීමක්. හෝමෝ නියර්ඩල්තාල්ගෙන් හෝමෝ ඉරෙක්ටස්ට පරිණාමය වුනේ වඳුරා වුනාට හෝමෝ ඉරෙක්ටස්ගෙන් හෝමෝ එක්සලන්ස් වෙන්නේ ඔය වඳුරාද කියන ගැටළුවත් එක්ක අපි කතාව පටන්ගමු. මෙන්න මේ හේතුව නිසා තමා මැඩේෂියාව තුල මැඩේෂියාවේ පූර්වජයා ලෙස ඉගැන්වෙන චිම්පන්සියාව දේවත්වයෙන් සලකන්නේ. මැඩේෂියාව මූලිකව ද්වී ආගමික රටක්. චිම්පන්සියුස් නමින් හැඳින්වෙන මූලික ආගම නිර්මාණය වෙලා තියෙන්නේ මැඩේෂියාවන් පැවත එන්නේ චිම්පන්සින්ගෙන් කියන හරය...

උක්කුං පටි බෝල බැලන්ස්.. පුක් පේපර්.. පුක් පේපර්...

“මහත්තයා අර ජිනේ මැරිලා“  හමීඩ් මුදලාලි රෙදි මනින ගමන් එහෙම කිව්වෙ මද සිනාවක් එක්කමයි “ මොනවා...! වෙන්න බෑ “  මම එහෙම කිව්වෙ සමහරවිට ජිනේ මැරෙන්නේ නැති එකෙක් කියලා මගේ ඔළුවේ කොනක තිබුන නිසා වෙන්න ඇති “ මිනිහා ඉන්න තැනක් වත් දන්නවාද? “ මම එහෙම ඇහුවේ පව් සමාකරගන්න ගිහින් මූණවත් පෙන්නලා එන්න කියලා හිතාගෙන. ඒත් මාව දන්නේ ජිනේ විතරනේ.. “ ජිනේ “ තාත්තා හැමසතියෙම විකුණන්න ගෙනියන දොර රෙදි යාර 30 ගන්න කොලඹට එනකොට මමත් පස්සෙන් එන්නේ කොලඹ බලන්න. ඒත් අනික් එවුන් කොලඹ ඇවිල්ලා ග්‍රහලෝකාගාරේ, කටුගේ බලලා යනකොට මට බලන්න වුනේ බසාර් එකේ රෙදිකඩ ටිකයි තුන්වෙනි හරස්වීදියේ එලවළු කඩ ටිකයි විතරයි..                 ජිනේ මම මුලින්ම දැක්කේ මම සාමාන්‍ය පෙල කරන කාලයේ වගේ මතකයි. අව්වට කළුවුන අඩි 6 විතර උස ජිනේව මම එදා දැක්කේ යෝධයෙක් වගේ. ජිනේගෙන් තාත්තාගේ කඩේ විකුණන්න බ්‍රෙසියර් දුසිම් දෙකක්, ලංකට් දුසිම් දෙකක් අරගෙන යන එක සිරිතක් වගේ වෙලා තිබුනේ. ලොකු ලොකු කඩවල ලොකු ලොකු නෝනලා මහත්තුරු බර ගනන් දීලා ගන්න ලොකු ලොකු බ්‍රෑන්ඩ් ජිනේ තුට්ටු දෙකට කරත්තේ තියාගෙන විකුණුවා...