2.08.2010

සුප්‍රබුද්ධ වික්ටර්

අටේ පන්තියේදී..
මම අපේ ලොවක් සොයා ගියෙමි...
ඒත් වික්ටර් වික්ටර්ම විය......

සාමාන්‍යපෙළ කරන වි‍ට..
මම දෙව්රම් වෙහෙරේ නාමලක්ව මියගියෙමි...
ඒත් වික්ටර් ‍වික්ටර්ම විය....

උසස් පෙල අවසන් වන විට..
මම පාවෙන වලාවක තනිතරුව වෙත යාත්‍රා කලෙමි...
ඒත් වික්ටර් ‍වික්ටර්ම විය....

සරසවිය ඇරඹුනි...
මම පෙම්බර මධූ සමග දෛවයේ සරදම් ලැබුවෙමි..
ඒත් වික්ටර් ‍වික්ටර්ම විය....

අද මම විශ්වවිද්‍යාලයෙන් පිටවී යමි..
අපි ඔක්කම රජවරුය...
ඒත් වික්ටර් ‍වික්ටර්මය....

23 comments:

Anonymous said...

උඹට සහෘදයා කියල කියන්න වටින්නෙ මේ වගෙ පෝස්ට් දාන නිසාය.

Raven said...

නියමයි සහෝදරයා.

Anonymous said...

පට්ට

h said...

උඹල අපි ඉතිං කවද හරි කසාදත් බැඳල, ළමයිනුත් හදල වයසට ගිහින් මැරෙනකල්ම වික්ටර් වෙනස් වෙන එකක් නෑ නේද මචෝ...

Rachintha Jayawardhana said...

එළ.. .උඹයි එහෙනං මූලාරම්භය දුන්නේ!
සිරාම සිරා!

Aravinda said...

විශිෂ්ටයි සහෝදරයා

malee_msg said...

වා.. ව්.. ඒක්සලන්ට්..!!!

අපි ආයෙමත් හමු වෙන දවස් ගැන කැලැන්ඩර් වල පිටු පෙරල පෙරල නිවාඩු දවස් හොයද්දි.. අපිට ඇතින් ඉදන් වික්ටර් හදපානේ අත්පටලා යමු ආයේ කියද්දි ඇතිවෙන හැගීම දෙන්න පුලුවන් වික්ටර්ටම විතරයි.!

සචී said...

එහෙනම් වචනය වචනයට සීමා නොකර පටන් ගත්තා නේද වැඩේ? අපූරුයි.

sajee said...
This comment has been removed by a blog administrator.
sajee said...
This comment has been removed by a blog administrator.
Kasun said...

nice :-)

ආගන්තුකයා | Stranger said...

ඉහත සජී නමින් තිබූ ‍කමෙන්ට් දෙක ඉවත් කලා. ඒක මෙතන කියල වැඩක් නෑ.. තරහා වෙන්න එපා ඇත්තටම වික්ටර් යුග එකතු කරපු ගායකයෙක්..

ආගන්තුකයා | Stranger said...

වික්ටර් රාමුවකට කොටු නොවුනු ගායකයෙක් තාම වික්ටර් ජීවමාන ඒක නිසා වෙන්න ඇති..

බිඟූ said...

මගේ ප්‍රියතම ගායකයෙක් තමා වික්ටර් මහත්තයා.
අද පායන තරු වගේ නෙමෙයි,
හැමදාම අහසේ දිලිසි දිලිසි තියෙනවා කල්ප ගනනාවක්.

/බිඟුවා...!

Anonymous said...

පෙම්බර මධූ නම් මටත් අදාලයි

මියුරංග said...

මමත් ආසම ගායකයෙක්
මටත්
පෙම්බර මධූ නම් අදාලයි

Anonymous said...

බැලුවහම පෙම්බර මධු ගොඩක් දෙනෙක්ට අදාලයිනෙ...
ඒකනෙ කලාකරුවන්ට සහෘදයන් කියන්නෙ. බැලුවහම ගොඩක් අය සහෘදයො තමයි. එයාල අපට ගොඩක් සංවේදීනෙ. වාසනාවකට මේ වගෙ ගායකගො ගායකයොම වීම වඩා වැදගත් කාරණයක්.
ඒ කොහොම උණත් පෙම්බර මධූ මගේ මා නැතේ ඔබෙන් මිදුනේ............

නිදහස said...

සරලයි. ලස්සනයි. එළ මචං :)

ආගන්තුකයා | Stranger said...

ස්තූතිය හැමෝටම...

ආගන්තුකයා | Stranger said...

අනිවා හරේ අපි මැරුණත් වික්ටර් ජීවමානව ඉඳී.

පිටස්තරයා said...

උඹ වැඩේට අත්පොත තිබ්බා නේද?

මෙච්චර කලින් මේක ලියපු එකෙන්ම පේනවා උඹ කොච්චර ඒක ගැන හිතුවද කියලා.

මැක්සා

ආගන්තුකයා | Stranger said...

වික්ටර් මම කැමතිම ගායකයෙක්. ඒකත් එක හේතුවක් කිව්වොත් හරි.

දුකා said...

ane machan, samaweyan . .
mama meka dakke nahane . . ehenam uba aarambhaya dunna . . .
rachiya th 1k damma . . .mamth ekak damma . . .
hashitha kaalekata kalin ekak liwwa . . ..

ela ela machan . ..