Skip to main content

දියත් කුලේ පරණ වූ වගයි..

10.29.2008

මුලකුර.....

තාම Blog එකේ මුලකුර කියවන්න පටන් ගත්තා විතරයි. ලියන්න ‍දේවල් නම් අනන්තවත් තියෙනවා.. ටික ටික පුලුවන් විදිහට ලියලා බලමු.. දන් පටන් ගත්තානේ දැනට ඒ ඇති...... ජය..

6 අදහස්:

Shapeshifter said...

කිටියා වෙල්කම් ටු සිංහල බ්ලොගින්....
සාදරයෙන් පිළිගන්නවා

පහන් සරත්චන්ද්‍ර said...

වෙලාව තියෙන හැට්යට ලියමු.

Sabour said...

එල එල කිටී. . . ලියපං ලියපං. . . අපි බලාගෙන ඉන්නවා

said...

පුළුවන් විදිහට ලියන්න අපි ඉන්නව කියවන්න.

කෙහෙළිය බණ්ඩාර ගල්ලබ said...

අම්මට සිරි!!
ඇඹලෙ අයියගෙ blog එක...
කාලයක් නොදැක ඉදලා සයිබර් වනාන්තරයක දි වත් මුන ගැහුණම පුදුම සතුටක් දැනෙන්නෙ...
ජය වෙවා හැම දේකටම...

කෙභෙළිය
http://galpotha.wordpress.com

ආගන්තුකයා said...

කෙහෙලිය නේද මේ... මම හිතන්නේ අපි ලඟදීම හම්බවෙයි... බලමු ලෝකය හිතනවට වඩා පොඩියිනෙ...

මීට අවුරුද්දකට කලින් "දියත් කුලේ" පලවුනු පලමු සටහන.. දැක්කම අවුරුද්දක් මම බ්ලොග් ලිවුවද කියලත් හිතෙනවා. නා නා විධ චරිත අළුතෙන් මගේ ජීවිතේට එකතු කරපු මේ කෙරුවාවනම් මාර ආතල්.. ගල් මුල් වල් පල් හැම එකක් එක්කම මාත් එක්ක හිටපු හැමෝටම ස්තූතිය..

Comments

දුකා said…
ජය වේවා . . . . දිගටම ලියන්න . . .! !
Unknown said…
සමහර දේවල් පරණ වෙනකොට නේ අගේ වැඩි වෙන්නේ. දියත් කුලෙත් ඒ වගේ තමයි. මමත් බ්ලොග් කරණයට ආදර්ශය ගත්තෙ අයියලගේ බ්ලොග් දැකලා.

ලසිත අයියාට හැමදාම බොහොම අපූරු සටහන් දියත් කුලයට එකතු කරන්න ලැබේවා කියල ප්‍රාර්ථනා කරනවා.
malee_msg said…
මම අප්ඩේට් වෙනකම් බලන් ඉන්න වර්ග‍යේ බ්ලොග් එකක් මේක.. සුභ පැතුම් දිගටම ලියන්න!
Anonymous said…
අවුරුද්දක් තිස්සේ ඇදලා අපි එකතු කර ගත්ත දේවල් නම් බොහෝමයි.

සුභ පැතුම් කිටියට!!!
Anonymous said…
Dude!

Jayaweva!
Kasun said…
එල එල, දිගටම ලියමු. :)
Sankha said…
සුභ පැතුම් මචං...
දිගටම ලියපං
ස්තූතිය.. ඇත්තටම තවත් එකෙක් හරි මම අපි ලියන ඒවා කියවනව කියන්නෙ ඒක කොච්චර හයියක්ද...? ඒකනෙ අපි ෆලෝවර්ලා වැඩිවෙනවට මෙච්චර ආස...
Supun Sudaraka said…
අඩේ... එළ එළ! මෙන්න අපෙනුත් සුබ පැතුම්! :-)
said…
ඕන් එහෙනම් මගෙනුත් සුභ පැතුම්
චියර්ස්!!!!!!!!!!!!!!
Anonymous said…
එළ එළ මචං... සුභ පැතුම්... තව බොහොම කාලයක් ලියන්න ලැබේවා! :)
dilanrf said…
එල එල මචන් , දිගටම ලියමු :)
බිඟූ said…
බොන්න... ඕකේ සෙට් වෙමු එහෙනම් ඉතින්.
/නිශාන්ත

වැඩිපුර බලපු..

දේශද්‍රෝහියා...

මගේ ගෙදර ගේට්ටුවේ ජාතික කොඩියක් නැත... එම නිසා මම දේශද්‍රෝහියෙකි .. මගේ ගෙදර මිදුලේ රතිඤ්ඤා පිපිරුනේ නැත... එම නිසා මම දේශද්‍රෝහියෙකි ... දේශප්‍රේමීන්ගේ පෙළපාලියට මා සහභාගී වූයේ නැත... එම නිසා මම දේශද්‍රෝහියෙකි .. ප්‍රභාකරන්ගේ මල කිරිබත මට කෑමට නොහැක.. එම නිසා මම දේශද්‍රෝහියෙකි ... බාගයක් ගසා දේශාභිමානී ගීත කීමට මට බැරිවිය... එම නිසා මම දේශද්‍රෝහියෙකි ... පිටස්තරයා නිවැරදිය මේ ගොං පාට් හමුවේ හෙට ප්‍රභාකරන් නැවත උපදිනු ඇත සිදුවිය යුත්තේ මෙයද? මා දේශද්‍රෝහියෙකි..

ජීවිතය නම් වේදනාව

ලිපගිනි මෙලවෙන තෙක් දිය      සැලියේ සැපයක් නම් කකුළුවා දිය         කෙලියේ අවදිව පෙරයම තෙක් දිවි             මළුවේ සේපාලික මල අඳුරෙම                නැසුනේ අව්වට වැස්සට හුරු               මිනිසුන්ගේ දහඩිය ඇයි කන්තෝරුවෙ         නැසුනේ කරමත ඇවිලෙන මරගිනි              අතරේ පොලවට නුසුලන තව බර          වැටුනේ සිල්වත දිදුලන වැලිතල                 අතරේ පඬුපැහැ කිරි කලයට මුසු         කෙරුනේ ගිනි අවි බිඳ යදමින් සිර                 ඇතුලේ ඇවිලුන ගිනිදැල් කඳුලින්              නිමුනේ

එය සිදුවිය යුතුව තිබුනි....!

එය එතරම් අසීරු යැයි එය සිදුවනතුරු මම දැනගෙන සිටියේ නැත. එය සිදුවිය යුතුව තිබුනි. නමුත් අප දෙදෙනාගෙන් එකෙකු හෝ එය භාරගන්නට සූදානම් නොවීය. අවසානයේ එය සිදුවී ඇත...! ජීවිතය නම් වූ නවකථාව තුල දෑවුරුද්දක පරිඡේදයක්  අවසාන වී ඇත. කතන්දර ගොඩක් මැද්දෙ හමුවූ දෙන්නෙක්  කතන්දර ගොඩක් මැද වෙන්වී ගොසින්ය සියල්ල අනාගතයට බාරදී අත පිහිදාගන්නට ආත්මාර්ථකාමී ආසාවක් හිතට ආවත් එය සිදුකිරීම එතරම් පහසුනම් මම එය දැනටමත් අහවර කොට හමාරය.  කතාන්දරය නිල වශයෙන්ම අවසන්ය. අවසානයේ මම පිදුම වෙනස් කරමි.... "මගේ අතේ එල්ලී මගේ කණ් ගොඩ කරපු දම්මිනීට.."  පින්තූරය අහක් කිරීමට තරම් මම මුග්ධයෙකු වී නැත.  එහෙත් දවසක එයද ඉවත් කිරීමට සිදුවනු ඇත..  ආදරය කියන සූදුවෙන් මම පැරදී ඇත.. මම ලඟ තුරුම්පු අවසන් වී තිබුනි... එය සිදුවිය යුතුව තිබුනි....!