ඒ අනාගතය කියලා පටන්ගත්තොත් අනාගතය කොයි වගේ එකක්ද කියල අපේ හිත්වල තියෙන පින්තූරයට මේක ටිකක් සමාන වෙලා පෙනෙන්න පුළුවන්. ඒ පින්තූරය හදලා තියෙන්නේ වැඩිපුරම පොත්වලින් සහ චිත්රපටිවලින් කියලා කිව්වොත් වැරැද්දක් නෑ. කවුරුහරි මේක Planet of the Apes වගේ කතාවක් කියලා කිව්වොත් ඒකෙ ඇති වැරැද්දකුත් නෑ හරියකුත් නෑ. අපි ඒ ග්රහලෝකයට මැඩේෂියාව කියලා කියමු. මැඩේෂියාව භූ පිහිටීම අතින් ගත්තොත් තනි මහද්වීපයකින් සමන්විත විවිධ ජනවර්ග වලින් සමන්විත වුන රටක්. එක අතකින් මැඩේෂියාව සිංගප්පූරුවට සමානයි. මේක අතීතය, අනාගතය, වර්තමානය යන තුන්කාලයෙන් ඕනිම කාලයක සිදුවෙන්න පුළුවන් සිදුනොවෙන්නත් පුළුවන් සිදුවීමක්. හෝමෝ නියර්ඩල්තාල්ගෙන් හෝමෝ ඉරෙක්ටස්ට පරිණාමය වුනේ වඳුරා වුනාට හෝමෝ ඉරෙක්ටස්ගෙන් හෝමෝ එක්සලන්ස් වෙන්නේ ඔය වඳුරාද කියන ගැටළුවත් එක්ක අපි කතාව පටන්ගමු. මෙන්න මේ හේතුව නිසා තමා මැඩේෂියාව තුල මැඩේෂියාවේ පූර්වජයා ලෙස ඉගැන්වෙන චිම්පන්සියාව දේවත්වයෙන් සලකන්නේ. මැඩේෂියාව මූලිකව ද්වී ආගමික රටක්. චිම්පන්සියුස් නමින් හැඳින්වෙන මූලික ආගම නිර්මාණය වෙලා තියෙන්නේ මැඩේෂියාවන් පැවත එන්නේ චිම්පන්සින්ගෙන් කියන හරය...
කිටියා වෙල්කම් ටු සිංහල බ්ලොගින්....
සාදරයෙන් පිළිගන්නවා
වෙලාව තියෙන හැට්යට ලියමු.
එල එල කිටී. . . ලියපං ලියපං. . . අපි බලාගෙන ඉන්නවා
පුළුවන් විදිහට ලියන්න අපි ඉන්නව කියවන්න.
අම්මට සිරි!!
ඇඹලෙ අයියගෙ blog එක...
කාලයක් නොදැක ඉදලා සයිබර් වනාන්තරයක දි වත් මුන ගැහුණම පුදුම සතුටක් දැනෙන්නෙ...
ජය වෙවා හැම දේකටම...
කෙභෙළිය
http://galpotha.wordpress.com
කෙහෙලිය නේද මේ... මම හිතන්නේ අපි ලඟදීම හම්බවෙයි... බලමු ලෝකය හිතනවට වඩා පොඩියිනෙ...