Skip to main content

හැඟුමන්....

5ක් එකතු වුනා තව හතර දෙනෙක් එකතු කරගෙන...
රංගික අයියගෙ සිංදුවකට හැදුවා රූප පෙලක්...
ඔන්න අපේ Multimedia Project එක

Comments

ස්තුතිය සුපුන් අයියට, සුලක්ෂිට,ඉරෝෂාට,කනිශ්කට වගේම අපේ කන්ඩායම... දොරේ, වසන්නා, මීමින්නී, හුරුල්ලා සහ මම
said…
හොඳා හොඳා
Anonymous said…
@ආගන්තුකයා
උඹ මොකද උඹටම ස්තුති කරගෙන. ඔන්න මම උඹට ස්තුති කරන්නම්
ස්තුතිය
කිරිකැටියාට
malee_msg said…
මම කලින් බැළුවට වැඩ අස්සේ කියන්න අමතක උනානේ ඒ වෙලාවේ.. කියන්න කිව්වේ ලියන්න බැරි වුනා..

සිංදුව ලස්සනයි!

වැඩිපුර බලපු..

දේශද්‍රෝහියා...

මගේ ගෙදර ගේට්ටුවේ ජාතික කොඩියක් නැත... එම නිසා මම දේශද්‍රෝහියෙකි .. මගේ ගෙදර මිදුලේ රතිඤ්ඤා පිපිරුනේ නැත... එම නිසා මම දේශද්‍රෝහියෙකි ... දේශප්‍රේමීන්ගේ පෙළපාලියට මා සහභාගී වූයේ නැත... එම නිසා මම දේශද්‍රෝහියෙකි .. ප්‍රභාකරන්ගේ මල කිරිබත මට කෑමට නොහැක.. එම නිසා මම දේශද්‍රෝහියෙකි ... බාගයක් ගසා දේශාභිමානී ගීත කීමට මට බැරිවිය... එම නිසා මම දේශද්‍රෝහියෙකි ... පිටස්තරයා නිවැරදිය මේ ගොං පාට් හමුවේ හෙට ප්‍රභාකරන් නැවත උපදිනු ඇත සිදුවිය යුත්තේ මෙයද? මා දේශද්‍රෝහියෙකි..

ජීවිතය නම් වේදනාව

ලිපගිනි මෙලවෙන තෙක් දිය      සැලියේ සැපයක් නම් කකුළුවා දිය         කෙලියේ අවදිව පෙරයම තෙක් දිවි             මළුවේ සේපාලික මල අඳුරෙම                නැසුනේ අව්වට වැස්සට හුරු               මිනිසුන්ගේ දහඩිය ඇයි කන්තෝරුවෙ         නැසුනේ කරමත ඇවිලෙන මරගිනි              අතරේ පොලවට නුසුලන තව බර          වැටුනේ සිල්වත දිදුලන වැලිතල                 අතරේ පඬුපැහැ කිරි කලයට මුසු         කෙරුනේ ගිනි අවි බිඳ යදමින් සිර                 ඇතුලේ ඇවිලුන ගිනිදැල් කඳුලින්              නිමුනේ

වඳුරන්ගේ රට.

ඒ අනාගතය කියලා පටන්ගත්තොත් අනාගතය කොයි වගේ එකක්ද කියල අපේ හිත්වල තියෙන පින්තූරයට මේක ටිකක් සමාන වෙලා පෙනෙන්න පුළුවන්. ඒ පින්තූරය හදලා තියෙන්නේ වැඩිපුරම පොත්වලින් සහ චිත්‍රපටිවලින් කියලා කිව්වොත් වැරැද්දක් නෑ. කවුරුහරි මේක Planet of the Apes වගේ කතාවක් කියලා කිව්වොත් ඒකෙ ඇති වැරැද්දකුත් නෑ හරියකුත් නෑ. අපි ඒ ග්‍රහලෝකයට මැඩේෂියාව කියලා කියමු. මැඩේෂියාව භූ පිහිටීම අතින් ගත්තොත් තනි මහද්වීපයකින් සමන්විත විවිධ ජනවර්ග වලින් සමන්විත වුන රටක්. එක අතකින් මැඩේෂියාව සිංගප්පූරුවට සමානයි.  මේක අතීතය, අනාගතය, වර්තමානය යන තුන්කාලයෙන් ඕනිම කාලයක සිදුවෙන්න පුළුවන් සිදුනොවෙන්නත් පුළුවන් සිදුවීමක්. හෝමෝ නියර්ඩල්තාල්ගෙන් හෝමෝ ඉරෙක්ටස්ට පරිණාමය වුනේ වඳුරා වුනාට හෝමෝ ඉරෙක්ටස්ගෙන් හෝමෝ එක්සලන්ස් වෙන්නේ ඔය වඳුරාද කියන ගැටළුවත් එක්ක අපි කතාව පටන්ගමු. මෙන්න මේ හේතුව නිසා තමා මැඩේෂියාව තුල මැඩේෂියාවේ පූර්වජයා ලෙස ඉගැන්වෙන චිම්පන්සියාව දේවත්වයෙන් සලකන්නේ. මැඩේෂියාව මූලිකව ද්වී ආගමික රටක්. චිම්පන්සියුස් නමින් හැඳින්වෙන මූලික ආගම නිර්මාණය වෙලා තියෙන්නේ මැඩේෂියාවන් පැවත එන්නේ චිම්පන්සින්ගෙන් කියන හරය...