
"අක්කව ඇඩ්මිට් කරලා"
දවස් ගාණක ඉඳන් දැන් වෙයි දැන් වෙයි කියලා බලාගෙන හිටියත් එක පාර ආරංචිය ඇහුවම නිකං මාවත් කරකැවෙන්න පටන් ගත්ත හින්දා මම දම්මිනීට SMS ගහ ගහ මොහොතින් මොහොත අප්ඩේට් වුනා.
"හෙට මොනා වෙයිද..?"
නොවැම්බර් දහනමවැනිදා මහ රෑ එකොලහයි හයට "බනුලි" කියලා පුංචි කෙළිපැටික්කියෙක් මේ ලෝකෙ දකින්නට පටන් අරන්. මාරයිනෙ මමත් දැන් මාම කෙනෙක්... ඒකත් නරකම නෑ...!
"ඊයෙ හොඳ නැකැත් දවසක් වෙන්න ඇති.සීසර් කරපු අයම දාහතක්.."
අයියා එහෙම කිව්වෙ තමන්ගෙ කෙළිපැටික්කි ඉපදුනු ආඩම්බරේ හිතේ තියාගෙන වෙන්න ඇති. ඉතිං ආඩම්බර නැද්ද... සෙල්ලං නෑනෙ තාත්ත කෙනෙක් වුනාම.
"එහෙනම් ඊයෙ රාජයෝගයක් තියෙන්න ඇති. තව අවුරුදු තිහකින් ලංකාවට රජවරු දාහතයි රැජිණයි"
මම පුංචි විහිළුවක් කළා.
පොඩි එකීව අතට ගන්න ආස හිතුනත් බය හිතුන හින්දා මම තොටිල්ල වහලා තිබුනු නෙට් එක අස්සෙන් ලේලි පොඩ්ඩගෙ මුහුණ දිහා බලාගෙන හිටියා. ඇඟිල්ලක් උර උර හොඳටම නිදි..
මිනිහා උපදිනකොට කොච්චර දුර්වලද? මිනිහට තමන්ගෙ දෙපයින් නැගිටින්න කොච්චර කල් යනවද? ඒත් මිනිහා කොච්චර ප්රබල වෙන්න දඟලනවද? පුංචි එකී දඟලන්න ගත්තම මම කල්පනා ලෝකෙන් එලියට විසිවුනා.
"දුවේ මාමා යන්න හදන්නෙ."
දම්මිනීගෙ අම්ම එහෙම කියද්දී අන්තිමට මමත් මාමෙක් වුනා නේද කියලා මට හිතුනා. යන්න කලින් ආයි කෙල්ලව වඩාගන්න හිතුනත් වැටෙයි කියලා හිතුන නිසා වඩාගත්තෙ නෑ.. ඒ වෙනුවට මම ලේලි පොඩ්ඩ ලඟට ගිහින් පුස් බැඳිලා වගේ සුදුපාට තිත් තිත් වැටිලා තිබුනු ඇබිති නහය අල්ලලා එන්න පිටත් වුනා..
15 comments:
උඹත් එහෙනම් මාමා කෙනෙක් වුනා. තාත්තා කෙනෙක් වුන දවසටත් මේ වගේ සටහනක් දාපන් අපිට කියවන්න. එදාට, අපිට මේ සිදුවීම මතක් වෙයි. :)
අයියා දැන්ද මාම කෙනෙක් උනේ අපෝ මම නම් මාම කෙනෙක් වෙලා මාස 9ක් විතර වෙනවා. අපේ ලොකු අම්මලහ අක්කගෙ බබා.මොනව උනත් කතාව ඇත්ත. වඩාගෙන ඉන්නමයි හිතෙන්නෙ. මම ගෙදර ආවහම අනිවාර්යෙන් යන තැනක් තමයි අක්කලාගෙ ගෙදර ඒ පුතාව ටිකක් වඩාගෙන හුරතල් කරලා එන්න.
hmmm very nice kitty:):)
අප්පා.. මම නැන්දා කෙනෙක් උනේ දැන් අවුරුදු3 කට විතර කලින්.. ඔය කෙලි පැටික්කිම තව අවුරුදු3 කින් විතර මේ තොටිල්ලේ හිටිය කෙනාද කියලා හිතාගන්න බැරි විදියට වෙනස් වෙලා පණ්ඩිත ආච්චියෙක් වෙලා ඉදි.. බලන්නකෝ..
මම කොහේදෝ ඈත ඉන්න කාටද මාමා කෙනෙක් කියලා ආරංචියි. කවුද කියලා දැකලවත් නෑ.
උඹට පුදුම සතුටක් ඇත්තේ. මේ සටහනින් ඒ සතුට බෙදා ගත්ත එකට ස්තූතියි.
අනිත් එක දැන් දෙන්නා හරබර නැන්දා මාමා ඩබලක් නේද ;)
Onna maame kella penapi
KK
ඒ පවුලට සුභ පැතුවා කියන්න හොදේ,මාම මචං?
මාමේ, දැන් බබීට කියන්න කතාන්දර, සෙල්ලං, අනං මනං ඉගෙන ගන්න වගේම වැඩිපුර කමිසයක් එයාව බලන්න යන වාතාවක් පසා අරං ගන්න වෙයි ;)
"අමුත්තිය" ගැන අහන්න ලැබීම සතුටක්. මටත් ඉන්නවා දුවක් අවුරුදු 3 ක් වෙන, ඔබලාගේ දුවත් ඉක්මනට වැඩේවි, දුවක් හරිම හුරතල්, කියන්න කතන්දර එහෙම මතක්කර ගන්න වෙයි දැන්මම. සුභපැතුම් චූටි දෝණිට අපෙන්
මාමේ ..........
ස්තූතිය. ඇත්තටම පොඩ්ඩියෙක් දැක්කම මොන රැඩිකලයා වුනත් සැලෙන එක නම් අනිවාර්යයි. හැමෝටම ස්තූතිය.
කතන්දරකාරයට පොඩි එවුන්ට කියන කතන්දරත් පටන් ගන්න වෙයි.. දැන් ඒවත් ඕනි වෙන කාලෙ..
ගෙදරක නිතර කිරි හිනා හඩක් ඇහෙන එක මොන තරම් සිරියාවන්තද කියලා දැනෙන්න ඒ වගෙ අත්දැකීමක් වින්දනය කරලා තියෙන්නම ඕනෙ. මමත් අවුරුදු 2 1/2 ක පුන්ඡි දෝණියෙක් ගෙ පුන්චි කෙනෙක්. හරීම හුරතලයක්..හැබැයි අහන ප්රශ්න වලත උත්තර දෙන එක තමා වැඩේ.."මේ මොකක්ද? මේකෙන් මොකක්ද කරන්නෙ? ඇයි එහෙම කරන්නෙ?ඔයත් එහෙම කරනවද? මටත් කරන්න පුලුවන්ද?..."ඔය වගේ ප්රශ්න වලත උත්තර දැන්ම හදා ගන්න වෙයි..සුබ පැතුම් පුන්චි දෝණියේ..
මාත් දැන් පියෙක් වෙන්න යන පාරේ, නමුත් බාප්පෙක්, ලොකු තාත්තෙක් හා බාප්පෙක් වී ගොඩාක් කල්ය.
/නිශාන්ත
mata issellama maama kiyana eka dan matath wadaa lokui . . . . dan mata maama kiyanna 7 denek innawa . . akkage 5i . . nangiye 2i. . .. appachchci kiyanna taama inna ekai . . . hiks . .. satutui uba mamek wune eka gana . . !
Post a Comment