Skip to main content

බ්ලොග් .... බ්ලොග්...

බ්ලොග් .... බ්ලොග්...
අපි බ්ලොග් ලියන්නේ සිංහලෙන් ...
අපිට වෙනම සිංහල බ්ලොග්කරුවන්ගේ සංගමයක් තියෙනවා...
බ්ලොග් කියන ඉංග්‍රිසි වචනෙට ඇත්තටම සිංහල හොඳ තෙරුමක් නැද්ද...
නැත්නම් තවදුරටත් බ්ලොග් කියලම ලියනවද... ?
මංදා මට නම් මේ ඉංග්‍රීසි වචනේ සිංහලෙන් ලියලා එපාවෙලා....
අපි ඔක්කම සිංහල දන්න එකේ කට්ටියම එකතුවෙලා සිංහල නමක් යෝජනා කරමුද...

Comments

ඔන්න පලවෙනි යෝජනාව මගෙන්.... මගේ යෝජනාව " සටහුව "
said…
හොඳ අදහස. මාත් මේ කීප දවසක්ම හිත හිත හිටියේ. ඔක්කොම සිංහල, බ්ලොග් විතරක් නැහැ. එකටත් මොනා හරි කරන්න එක හොඳා.

බාගයක් තිබ්බනම් හොඳ එකක් මේ දැන් කියන්න තිබ්බ.
malee_msg said…
ඒකත් හොද අදහසක් ඒත් මේ වෙලාවේ වචනයක් ඔළුවට එන්නේ නෑ. ගෙදර යන ගමන් කල්පනා කරලා බලන්නනම්
කුරුටු බලි
අන්තර් බලි
Anonymous said…
සටහුව කියන්නේ Recorder එකට නේද? Tape Recorder එකට පටි සටහුව කියනව වගේ මතකයි. ඒ සංවාදයේ තියෙන හැටියට නම් දැනටමත් බ්ලොග් කියන එක සිංහල. භාෂාවට අලුත් වචනයක් එකතු වුණා ම ඒක ස්ථිරව සටහන් වන රාජ්‍ය නාමාවලියක් වගේ මොකක් හරි තියෙනවද?
Pahan said…
මම දැක්ක සමහරු ඕකට "වියුණ" කියල තියෙනවා
Pahan said…
සමාවෙන්න මට පොඩ්ඩක් වැරදුනා වගේ වියුණ කියන්නේ වෙබ් අඩවියකටනේ
malee_msg said…
තාම නමක් හරිගියේ නැතෙයි?
ආනේ මේ දාන නමක් සරළව කියන්න පුළුවන් එකක් වෙන තරමට හොදයි නේද? බ්ලොග් කියන ව‍චනේ ‍වගේ ටක් ගාලා කියන්න ලියන්න මතක තියාගන්න පුළුවන් නමක් ?????
ඇත්ත ත‍‍මා... ‍සරල වුනොත් දි‍ව ‍උලුක් කර ගන්නේ නැතුව කියා ගන්න පුලුවන්.. කසුන් කියන කතාව හරිතත්සම පදය සිංහල ආරට හදා ගත්තාම ඒක සිංහල පදයක් ලෙස භාවිත කරන්න පුලුවන්... මට මතකයි "කබඩ්" එකට නේවසිකාගාරයේ කිව්වේ "ගඩිබිත්ත" කියලා... තව තව සිංහල වචන තියෙනවා ඒවා ප්‍රසිද්දියේ කියන එක හොඳ මදි......
said…
ඔව්, ඔව්
Blog
Blogger
Blog Post
ඔය තුනටම ගැලපෙන්න වචන හදන්න පුළුවන් වෙන්න ඔනෙ ඔය නමෙන්. නැත්නම් අපිව හඳුන්වන්න නමක් නැති වෙනව.

බලි කියලා දැම්මොත් අපි බලි කාරයො වෙන්වා.Blog Post එක බලි අරිනවා වෙනවානේ
said…
කාලෙකින් දැක්කේ නැහැ. අළුත් අවුරුද්දේ කාර්ය බහුලයි වගේ.

වැඩිපුර බලපු..

ජීවිතය නම් වේදනාව

ලිපගිනි මෙලවෙන තෙක් දිය      සැලියේ සැපයක් නම් කකුළුවා දිය         කෙලියේ අවදිව පෙරයම තෙක් දිවි             මළුවේ සේපාලික මල අඳුරෙම                නැසුනේ අව්වට වැස්සට හුරු               මිනිසුන්ගේ දහඩිය ඇයි කන්තෝරුවෙ         නැසුනේ කරමත ඇවිලෙන මරගිනි              අතරේ පොලවට නුසුලන තව බර          වැටුනේ සිල්වත දිදුලන වැලිතල                 අතරේ පඬුපැහැ කිරි කලයට මුසු         කෙරුනේ ගිනි අවි බිඳ යදමින් සිර                 ඇතුලේ ඇවිලුන ගිනිදැල් කඳුලින්              නිමුනේ

දේශද්‍රෝහියා...

මගේ ගෙදර ගේට්ටුවේ ජාතික කොඩියක් නැත... එම නිසා මම දේශද්‍රෝහියෙකි .. මගේ ගෙදර මිදුලේ රතිඤ්ඤා පිපිරුනේ නැත... එම නිසා මම දේශද්‍රෝහියෙකි ... දේශප්‍රේමීන්ගේ පෙළපාලියට මා සහභාගී වූයේ නැත... එම නිසා මම දේශද්‍රෝහියෙකි .. ප්‍රභාකරන්ගේ මල කිරිබත මට කෑමට නොහැක.. එම නිසා මම දේශද්‍රෝහියෙකි ... බාගයක් ගසා දේශාභිමානී ගීත කීමට මට බැරිවිය... එම නිසා මම දේශද්‍රෝහියෙකි ... පිටස්තරයා නිවැරදිය මේ ගොං පාට් හමුවේ හෙට ප්‍රභාකරන් නැවත උපදිනු ඇත සිදුවිය යුත්තේ මෙයද? මා දේශද්‍රෝහියෙකි..

උක්කුං පටි බෝල බැලන්ස්.. පුක් පේපර්.. පුක් පේපර්...

“මහත්තයා අර ජිනේ මැරිලා“  හමීඩ් මුදලාලි රෙදි මනින ගමන් එහෙම කිව්වෙ මද සිනාවක් එක්කමයි “ මොනවා...! වෙන්න බෑ “  මම එහෙම කිව්වෙ සමහරවිට ජිනේ මැරෙන්නේ නැති එකෙක් කියලා මගේ ඔළුවේ කොනක තිබුන නිසා වෙන්න ඇති “ මිනිහා ඉන්න තැනක් වත් දන්නවාද? “ මම එහෙම ඇහුවේ පව් සමාකරගන්න ගිහින් මූණවත් පෙන්නලා එන්න කියලා හිතාගෙන. ඒත් මාව දන්නේ ජිනේ විතරනේ.. “ ජිනේ “ තාත්තා හැමසතියෙම විකුණන්න ගෙනියන දොර රෙදි යාර 30 ගන්න කොලඹට එනකොට මමත් පස්සෙන් එන්නේ කොලඹ බලන්න. ඒත් අනික් එවුන් කොලඹ ඇවිල්ලා ග්‍රහලෝකාගාරේ, කටුගේ බලලා යනකොට මට බලන්න වුනේ බසාර් එකේ රෙදිකඩ ටිකයි තුන්වෙනි හරස්වීදියේ එලවළු කඩ ටිකයි විතරයි..                 ජිනේ මම මුලින්ම දැක්කේ මම සාමාන්‍ය පෙල කරන කාලයේ වගේ මතකයි. අව්වට කළුවුන අඩි 6 විතර උස ජිනේව මම එදා දැක්කේ යෝධයෙක් වගේ. ජිනේගෙන් තාත්තාගේ කඩේ විකුණන්න බ්‍රෙසියර් දුසිම් දෙකක්, ලංකට් දුසිම් දෙකක් අරගෙන යන එක සිරිතක් වගේ වෙලා තිබුනේ. ලොකු ලොකු කඩවල ලොකු ලොකු නෝනලා මහත්තුරු බර ගනන් දීලා ගන්න ලොකු ලොකු බ්‍රෑන්ඩ් ජිනේ තුට්ටු දෙකට කරත්තේ තියාගෙන විකුණුවා...