සුජ්ජා අවසාන වතාවට මට හමුවෙන විට ඌ හිටියේ පෝරු මස්තකාරූඩවය. ඉන්පසුව මට වුවමනාවක් නැතිකම හෝ වැඩවැඩිකම හෝ ඌ අතුරුදහන් වීම හෝ වෙන කිසියම් කරුණක් නිසා මට ඌ හමුවුනේ නැත. කෙසේවෙතත් මම විශ්වවිද්‍යාලයට යන කාලේ ඌ මගේ රූමා යන්න වග මට මතකය.
සුජ්ජා සුන්දර මනුස්සයෙකි. ඒ ඌ කිසිම දෙයක් පිලිඹඳ ඕනාවට වඩා නොසිතන නිසා යැයි මම සිතමි. ඒ අවුරුදු හතර තුල සුජ්ජා මගේ හොඳම මිතුරන් කිහිප දෙනාගෙන් එකෙකු වීමට එයම හේතුවුනා යැයි මම සිතමි. ඒ කවරකටත් වඩා සුජ්ජා මට මතක හිටින්නේ වෙන හේතුවක් නිසා කිව්වොත් ඒ බොරුවක් නොවේ.
ලතා..
සුජ්ජා ලතා සමග හාද වෙනකොට විශ්වවිද්‍යාලෙට ගිහින් මාසයක්වත් නැතුව ඇති. පෞද්ගලික ආයතනයක අයි ටී උගන්නපු ලතා සුජ්ජා එක්ක යාළුවුනේ සුජ්ජාගේ තිබුන යම් ගුණයක් නිසා වෙන්න පුළුවන්. කෙසේවෙතත් හැමඑකටම හිනාවෙන්න පුළුවන් සුජ්ජාත් එක්ක යාළුවුන ලතා වාසනාවන්තයි කියලා මට නම් මේ දැනුත් හිතෙනවා. කොහොමත් මේ සම්බන්ධයට මාස හයක් විතර යද්දි සුජ්ජායි මගෙයි අතර සම්බන්ධතාවය හරිම යාන්ත්‍රික වෙලා තිබුනේ, ඒක සමහරවිට පුරුද්දට වගේ සතියකට ගිහින් ගහන ගල්බාගෙකට, හවසට කම්මැලිකම යන්න ගහපු සිගරට් එකකට සීමා වුනේ අපි දෙන්නාට කතා කරන්න තරම් විශේෂ දෙයක් තිබුනේ නැති නිසා වෙන්නත් පුළුවන්. කොහොම වෙතත් මේ යාන්ත්‍රික සම්බන්ධතාවය එකපාර අනික් පැත්ත ගැහුනේ සුජ්ජා උගේ ප්‍රශ්නෙකට මට උත්තර හොයන්න කියලා කියපු වෙලාවේ.
"මචං පොඩි අවුලක් වුනා."සුජ්ජා කතාව පටන් ගත්තේ එහෙමයි.
"මොකද්ද?"කොහොමත් වැඩි අවුලක් වෙන්න බෑ කියලා ඌ කියපු විදිහෙන් පෙර නිගමනයක හිටපු මම එහෙම ඇහුවේ වැඩි උවමනාවකින් නෙමෙයි.
"සිගරට් එකක් බොමුද? උඹ දැන් වැඩකද ඉන්නේ?"සිගරට් එකක් බොන්න කතා කරන සුජ්ජා සාමාන්‍ය වුවත් මම වැඩකද ඉන්නේ කියලා අහන සුජ්ජා නම් අසාමාන්‍ය නිසා මට වැඩේ ටිකක් බරපතලයි කියලා වැටහෙන්න පටන් ගත්තා.
"මචං ලතාට හිටලා"සුජ්ජා දැල්ලට සිගරට් එක ලංවෙනකොටම එහෙම කියාගෙන කතාව පටන් ගත්තා. මට උගෙන් අහන්න පුළුවන් වුනේ එකම ප්‍රශ්නයයි.
ඊට පස්සේ ඌ මොනවද කිව්වේ කින්ද මන්ද කියලා මට මතක නැත්තේ මට ඊට වඩා මතක හිටින දේවල් ඊට පස්සේ ගතවුන අවුරුදු හය හතට වුන නිසාත් වෙන්න පුළුවන්. කොහොම වෙතත් යන්තම් මමයි, බෝඩිමේ හිටපු අනිකයි, සුජ්ජයි එකතු වෙලා හොයලා හොයලා තැන් තුන හතරකට ගිහින් පනස්දාහක් විතර වියදම් කරලා වැඩේ සුද්ද කරලා දැම්මා. කවුරු කොහොම කිව්වත් කැම්පස් අවුට් වුන ගමන් සුජ්ජායි ලතායි පෝරු මස්තකාරූඩ වුනා. හැබැයි ලතාට අෂ්ඨක කියනකොට කලන්තේ දැම්මේ නම් නෑ. මම එතකොටත් එතන හිටියා, ඒ අප්පච්චිට අසනීප වෙන්න පැය බාගෙකට විතර කලින්.
"උඹට ෂුවර්ද?"
අවසාන වතාවට පසු වතාවේ සුජ්ජා මට හමුවුනේ බාර් එකක. පුටුවලට සහ කම්මැලිකමට පින්සිද්ද වෙන්නට කිලෝ විස්සක් විතර බර වැඩිවී තිබුනා වුනත් සුජ්ජාව අඳුරගන්න මට අමාරු වුනේ නෑ. සරලවම කියනවානම් අවුරුදු හය හතක් ගිහිනුත් සුජ්ජාව මට මතක තිබුනා. සමහර විට තව අවුරුද්දකින් මට ඌව අමතක වෙන්නත් ඉඩ නොතිබුනා නෙමෙයි.
"මචං"මාව අවුරුදු අටක් හෝ නමයක් ආපස්සට රැගෙන යන්නට උගේ ඇමතීම හේතු වුනා කිව්වොත් ඒක නම් බොරුවක් නොවේ. ඇත්තටම ඒ ඇමතුම මට පහුගිය අවුරුදු අටේ කොච්චර වුවමනා වෙලා තිබුනාද කියන එක මට ඌ ආපහු හම්බවෙනකම් හිතිලා තිබුනේ නෑ. අන්තිමට අපි ගෙදර යනකොට ජීවිතේ ගැන විකල්ප ගැන දේශපාලනය ගැන පවුල් ජීවිත ගැන සෑහෙන දේවල් කතා කරලා තිබුනා. අපි යන්න ගියා.
"මචං"ඔව්, මම සුජ්ජාට මගේ දුරකථන අංකය දීලා තිබුනා.
"අපි හම්බවෙමුද?"ඔව්, මම ඌව මට වැඩ නැතිවෙලාවක හවසක හම්බවෙන්න ගියා.
"උඹලා දොස්තර කෙනෙක්වත් හම්බ වුනේ නැද්ද?"මට වෙන අහන්න දෙයක් තිබුනේ නෑ. ඌ දොස්තරට මොනා කියන්න ඇතිද කියලා මට හිතාගන්න බැරිවුනා.
"එකෙක් නෙමෙයි බං පස් දෙනෙක් හම්බවුනා."සුජ්ජා සිටින්නේ දුකෙන් යැයි කියා සිතුනත් උගේ මුහුනෙන් දුකක් හෝ සතුටත් නොපෙනේ. මම ඉන්පසු උගේ හැඟීම් තේරුම්ගන්නට ගියේ නැත.
"ඉතිං"සුජ්ජා මගේ ගැටළුවට උත්තරයක් නොදී මට ෆයිල් එකක් දික්කලා.
"ඕක බලපන්, බලලා උඹට එන පලවෙනි ප්‍රශ්නේ මගෙන් අහන්න එපා. ඒකට උත්තරේ උඹට හිතාගන්න පුළුවන්. දෙවනි ප්‍රශ්නෙට උත්තරයක් මම ලඟ නෑ"මම ෆයිල් එක පෙරලා බැලුවේ එයින්වත් මගේ ඊට මොහොතකට කලින් ඇතිවුන වැරදිකාර හැඟීම නැතිකරගන්න පුළුවන් වෙයි යැයි සිතමින්. නමුත් ඒ ෆයිල් එක ඇතුලේ තිබුනේ එච්චර සංකීර්ණ දෙයක් කියලා මට ඒක අතට ගන්නකොට හිතුනේ නෑ
"මොකක්... උඹට තාත්තා කෙනෙක් වෙන්න බෑ? ඒ මොන කුණුහරුපයක්ද?"
"මචං ඊළඟ ප්‍රශ්නේ මගෙන් අහන්න එපා."ලතා ගෙදර තනියම මම යනවා. මතක තියාගනින් ලතා තාම ඕක දන්නේ නෑ. උඹත් ඕක දන්නෙ නෑ.
සුජ්ජා ගියේය. මම තාමත් ඒ ගැන කල්පනා කරමි. සුජ්ජා ඒ ගැන කල්පනා කරයිද නැද්ද යන්න මම නොදනිමි..

21 comments:
මේ වගේ කතාවලට මට ඉබේම හිනාවක් එනව... ඒ ඇයි කියන එක තාම තේරෙන්නෙ නෑ ;)
මම හිතන විදිහට නම් සුජ්ජා එල පොරක්...
උත්තරේ සුජ්ජම දිලා තියෙනව බං මෙක නිර්මාණයක් නම් පට්ට හැබැ ඇත්ත ජිවිත කතාවක් නම් මට තවත් සුජ්ජෙක් වෙන්ඩ බැරිවෙයි බං නමුත් දන්නෑ...............!
Monawa nathath Sujjata hoda hadawathak thibila thiyenawa.. ada loke ehema aya aduyi ;-)
මොනා උනත් සුජ්ජ අදහන්න වටින එකෙක්...
ළඟට කතා කරල කනට ගැහුව වගේ. :P
ෂෝට් ෆිල්ම් එකක් කරමුකො මේකෙන්...
සුජ්ජා හොදයි...ළමයි නං ළමයි..තාත්තා කවුද මගේ ලේද උගේ ඇතුලෙ යන්නෙ...
ළමයාගේ ඇටේ දුවන්නෙ මගේ ශුක්‍රානුද කියලා හොයන එක ගෝත්‍රික වැඩක්..
සුජ්ජාව අපිට මාර පොරක් වගේ පෙන්නේ ඌ අපිට වඩා ගොඩාක් ඉස්සරහට ගිහින් ඉන්න නිසා!
හරේ අයියණ්ඩිගේ යෝජනාව ගැන සලකා බලත්වා!
පුදුම කතාවක් :O
@සාතන් - හැබැයි මචං ලතා වුනත් මුකුත් දන්නේ නෑ කියලා ඉන්නවා.
@පූසා - ඇත්තටම ඌ ඉස්සරහින්ද ඉන්නේ. මට අනුව නම් ඒකා මෝඩයෙක්..
@කිබෑ - මේක පුදුම වෙන්නේ මේක අපිට හොයාගන්න බැරි කතාවක් නිසා මම හිතන්නේ..
@අමිල - උඹත් හරියට සුජ්ජා වගේනේ බං. ලමයි නං ලමයි. එක අතකට ඇත්තනේ. කොහොමහරි වර්ගයා බෝ වෙනවානම් ඒකනේ පරමාර්ථය.
@හරේ - කරමු කරමු. ෆිල්ම් බුවාලා මෙච්චර ඉන්න එකේ අපිට ඕක කරන්න බැරිද නලියට කතා කරලා බලමු. උඹයි ඌයි අධ්‍යක්ෂනය කරපන්.. :P
@සුදා - ඔව් බං. සිරාවට.
@රාජ්/@බුද්ධික/@ලොක්කා - ඇත්ත මචං. අපිට ඕනි වෙලාවක සුජ්ජෙක් වෙන්නත් පුළුවන් නොවෙන්නත් පුළුවන්..
මේ කවුරුත් සුජ්ජ හොඳයි, සුජ්ජ හොඳයි කිව්වට තමන්ට ඔය වගේ එකක් වුනොත් එහෙම...
නෑ එක්කො ඕනෙ නැ. :D
"ඇත්තටම ඌ ඉස්සරහින්ද ඉන්නේ. මට අනුව නම් ඒකා මෝඩයෙක්.."
ඔන්න ඔහොම අපි වගේ නොහිතන නිසා තමයි සුජ්ජා ඉස්සරහින් ඉන්නවා කියලා මං කිව්වේ. සුජ්ජාට දැන් ලතා එක්ක රණ්ඩු වෙලා වෙන ගෑණියෙක්ව බැන්දයි කියලා ඌ අද ඉන්න තැනේ පොඩි වෙනසක්වත් වෙනවද? නෑ.... එහෙනම් ආයෙත් ඌට එන්නේ ඔය ප්‍රශ්නමනේ! මං කිව්වේ දැන් ඌට තියෙන ප්‍රශ්නේ!
ඇයි උඹ මේකට ගබ්සාව කියලා නම් දැම්මේ?
පිස්සු හැදෙනවා යකෝ! ඉදලා ඉදලා ලියද්දි මෙහෙමත් ඒවා ලියනවද???
හැබැටම උඩ පූසා කියලා තියනවා වගේ සුජ්ජා පවුල කඩා ගන්නේ නෑ මොකද උගේ දෙවෙනි කසාදේ ගැණිට විස්තර විචාර කරන්න ඌට කම්මැලි හිතෙයි..
අන්තිමටම ලතා ගෙදර තනියම කියලා යන කෑල්ල නම් මරු.. මට දැනෙන විදියට එතන වෙනමම ස්ටෝරියක් තියෙනවා!
@මලී - ලතා තනියම, හහ් හහ් හා.. ඒක මරු තමා. බයද ආරක්ෂාවද?
@සුදා - ඇත්තටම අපි මොනවා කරයිද?
@පුසා - කතාව හරි. හැබැයි වංචාව හොඳ නෑ පුතේ.
මාතෘතවය නියතයක් . . .
පීතෘත්වය අනුමානයක් . . . .
පිස්සු කොරයි!
මේ හා සමාන කථාවක් තිබුණ ඒකාංගික කථාවක් ගියා කාලෙකට ඉස්සර. ජයලත් මනෝරත්න ප්රමධාන චරිතය කලේ. ළමයි 4 දෙනෙක් ඉන්නවා. ඔය අහු අස්සේ මේ උන්දැ වෙන කෙනෙක් එක්ක සම්බන්ධ වෙලාය, එතනත් දරුවෙක්ය කියලා වගේ කථාවක් පෙන්නුම් කරනවා. ඉතිං වයිෆ් රණ්ඩු කරලා දික්කසාද නඩු දානවා වගේ තමයි මතක. ඔන්න ඔතැනදී ඒ අනියම් සම්බන්ධයේ දරුවාගේ ජීව විද්යාාත්මක පියා සෙවීමේ කර්තව්යගට අත පෙවෙනවා. එතැනදි තමයි වැඩේ දෙල් වෙන්නේ. රපෝර්තුවට අනුව ප්ර ධාන චරිතයට දරුවන් හැදීමේ හැකියාවක් නැහැ. එතකොට අර ළමයි 4 දෙනා? උසාවියේ විත්ති කූඩුවේ ඉඳගෙන අසරණ ලෙසින් සිය බිරින්ඳෑ දෙස බලන තැනින් කථාව ඉවරයි. (වගේ තමයි මතක)
මේ හා සමාන කථාවක් තිබුණ ඒකාංගික කථාවක් ගියා කාලෙකට ඉස්සර. ජයලත් මනෝරත්න ප්රමධාන චරිතය කලේ. ළමයි 4 දෙනෙක් ඉන්නවා. ඔය අහු අස්සේ මේ උන්දැ වෙන කෙනෙක් එක්ක සම්බන්ධ වෙලාය, එතනත් දරුවෙක්ය කියලා වගේ කථාවක් පෙන්නුම් කරනවා. ඉතිං වයිෆ් රණ්ඩු කරලා දික්කසාද නඩු දානවා වගේ තමයි මතක. ඔන්න ඔතැනදී ඒ අනියම් සම්බන්ධයේ දරුවාගේ ජීව විද්යාාත්මක පියා සෙවීමේ කර්තව්යගට අත පෙවෙනවා. එතැනදි තමයි වැඩේ දෙල් වෙන්නේ. රපෝර්තුවට අනුව ප්ර ධාන චරිතයට දරුවන් හැදීමේ හැකියාවක් නැහැ. එතකොට අර ළමයි 4 දෙනා? උසාවියේ විත්ති කූඩුවේ ඉඳගෙන අසරණ ලෙසින් සිය බිරින්ඳෑ දෙස බලන තැනින් කථාව ඉවරයි. (වගේ තමයි මතක)
සිරා අදහස!
කාලෙකට පස්සෙ උඹ උඹේ කතාවෙම අන්තිම පේළියක් හෙඩිමට නොදා වෙනස් විදියකට ලියල තියෙනව. ඒත් හැමදාම ඒකට වදේ දාන මට හිතුනා අද ලතා ගෙදර තනියම වගේ හෙඩිමක් හොඳයි නේද කියලත්.
ඉඳල ඉඳල ලියද්දි මේ වගේ සිරා ප්ලොටක් එන එක පුදුමයක් නෙමෙයි. කොහොමවෙතත් අපේ කතා වලට සීමා වෙලා තිබ්බ ෂෝට් ෆිල්ම් කේස් එකටනං මේක මරු!
කාලෙකින් බ්ලොගක් කියෙව්ව ආතල් එක වැනසුවෙ නැතුව අප් කරාට ජය!
ලැබුවා වූ අලුත් අවුරුද්ද ඔබ ට පවුලේ සැමට වාසනාව ගෙනේවා.....
පැලැස්ස බ්ලොග් අඩවියෙන් සුබ පැතුම්
Post a Comment