මම වයිරා.
කතාව කොහොම පටන් ගත්තත් අන්තිමට ඉවරවෙන්නේ එකම විදිහට හින්දා මම ලේසි විදිහෙන් පටන් ගන්නම්.
මගේ ගොන් ජීවිතයේ වැස්සියෝ දෙතුන් දෙනෙක්ගෙන් කට්ට කාලා තිබුනත් රත්තිට වෙන නාම්බෝ දෙතුන් දෙනෙක් යෝජනා ගෙනත් තිබුනත් මම රත්ති ගැන හිතාගෙන හිටියා.
හඳයා... හඳයා මට වඩා වයසයි. පුන්නක්කු පාවිච්චියක් නෑ. හඳයාත් රත්තිට යෝජනා වුන එක නාම්බෙක්. මම ඊයේ වෙනකම් හිතාගෙන හිටියේ රත්ති මට කැමතියි කියලා. හඳයාට රත්ති කැමති නැති බව රත්ති මට කියලා තිබුනා. ඒත් ඊයේ පාන්දර ගලගාව වෙල්යායේදී රත්ති හඳයාට කැමැත්ත දුන්නා කියලා කිව්වා. ඒ ඇයි කියන්න රත්ති දැනගෙන හිටියේ නෑ, එක්කෝ කියන්න බැරිකමක් තිබුනා, නැත්නම් වුවමනාවක් තිබුනේ නෑ වෙන්නත් පුළුවන්.
රත්ති එක්ක මගේ ලොකු සම්බන්ධයක් තිබුනේ නෑ. ඒත් රත්තිගේ ඒ දික් හොම්බ, වයිරන් වැටුන හම, සැරින් සැරේ මැස්සෝ අයින් කරන්න මගේ පිට උඩට වැටෙන රත්තිගේ නැට්ට. මේවාට මම ඒ සතිය ඇතුලේ වශීවෙලා හිටියේ.
මම ටිකක් වෙලා පැත්ත ගහලා ඉඳලා ආයි රත්තිට කතා කලා. රත්ති ඇඬුවා, දෙඩුවා, පොලවේ හැපුනා, ඒත් ඊයේ හැම ප්‍රශ්නෙටම උත්තර තිබුන රත්තිට මගේ ප්‍රශ්නවලට දෙන්න උත්තර නැතිවෙලා. සරලවම අපේ සම්බන්දේ ඉවරයි.
කොහොමත් මට මැරෙන්න තිබුනේ මීට ඉස්සර.. මේ උත්පත්තිය දුකක්. කොහොමත් මට හිතුනා ජීවිතේ ඇති කියලා. හැබැයි මට මැරෙන්න හේතුව රත්තිවත් හඳයාවත් නෙමෙයි. මමමයි.
සාමාන්‍යෙයන් මිනිස්සුන්ගේ කතාවල හරක් මස් කඩේ අයිතිකාරයායි පොලීකාරයයි දෙන්නම තම්බි. ඒත් මම කොහෙන්හරි කැරකිලා ආපු මස් කඩේ අයිතිකාරයා සිංහල එකෙක්. මට නම් ඔය කෝකත් එකයි. මගේ ප්‍රාර්ථනාව ක්ෂණික මරණයක්. ඒකට වර්තමානයේ තියෙන හොඳම තැනට තමා මම ආවේ.
ජනවාරි පලවෙනිදා කියලා අපිටනම් ඉතින් වැඩි වෙනසක් නෑ. කොහා නැත්නම් ඔය මිනිස්සුන්ගේ අවුරුදු දෙකේ වෙනසක් හොයාගන්නත් බැරිතරම්. කොහොමත් මිනිස්සු වැඩිපුර අතට අත දෙන්නෙයි අනික් එවුන් බදාගන්නෙයි ඔය දවස් දෙකේ විතරයි. බලන බලන එකා අත බදාගත්තු ගමන්.
පිරිත් කියනකොට මට හිතුනේ මාව මරන්න යනවා කියලා. ඒත් ජනවාරි පලවෙනිදා මාව නිදහස් කරලා! මගේ නිදහස් මරණයෙන් මාව ගලවාගෙන! ගවයෙකුට මිනිස්සු අභය දානය දීලා. අළුත් අවුරුද්ද දවසේ පුන්‍ය කර්මයක් කරලා. මම හාමුදුරුවෝ ලඟ දනෙන් වැටුනේ මාව නිදහස් කරන්න එපා කියලා කියන්න. කොහොමහරි දායක සභාවෙන් මාව ආයෙත් ගලගාව වෙල්යායට නිදහස් කලා.
ඈත රත්ති ඒකිගේ ලස්සන දික් හොම්බෙන් හඳයාගේ බඩ පිරිමදිනවා. ටික වෙලාවකින් වෙන දේ මට හිතාගන්න පුළුවන් නිසා මම උන් දෙන්නා පැත්තට පස්ස හැරෙව්වා.
ෂික් මට මේ මිනිස්සුන්ගේ භාෂාවලින් එකක්වත් පුළුවන් වුනානම්......
අන්තිමට මම ආයි රත්තියි හඳයයි දිහාට බෙල්ල හැරෙව්වා.
13 comments:
මේ සම හරක් මිනිස්සු නිසා හරකෙක්ටවත් පාඩුවේ මැරෙන්න නිදහසක් නෑනේ! :D
සිරා කතාව ...
ඔහොම ඉනකොට උබට හරියන වැසියෙක් හම්බවේව් ... ටිකක් ඉවසල හිටපන්...
අයියෝ වයිරට ගිය කල
ela
අන්තිමේදි අවුරුද්ද නිකං සෝබනයක් විතරයි!
හෙට ආයෙත් මස් කඩේට ගියානං හරි!
මේක සුපිරි, උඹ කියන්න උත්සාහ කරාද නැත්ද කියල මටත් ෂුවර් නැති ඒත් මං හිතාගෙන ඉන්න යටින් යන කතාවට මම කැමතියි.
සුදාරකගෙ කමෙන්ට් එකම ආයෙ මෙතන ලියන්න ඕනෙ නෑ.. කියලා හිතුණ හින්දා..මම මුකුත් නොලියා ඉන්නම්. මාත් කැමති මං හිතා ඉන්න යට කතාවටද මන්දා!
වයිරට අලුත් රත්තියෙක් හොයලා දෙන්න තිබුනා අර මිනිස්සුන්ට
කොයිම වෙලාවෙක හෝ නිතරම අපිත් අපේ ජිවිතේ අස්සේ වයිරාලා වෙනවා බං..! ඒත් වයිරා පොරක් වෙන්නේ දං ගෙඩියට ගියොත් නෙවෙයි..! එක රත්තියෙක්ට වඩා ගොඩක් රත්තිලා පස්සෙන් ගෙන්න ගත්තොත්! එහෙම මේ ගොන් සමාජය හැදිලා තියෙන්නේ!!!
welld said.... :-|
ඇත්තටම වයිරා කියන්නේ මොකෙක්ද? ඇත්තටම අපි නිදහස් කරන්න ගිය හරකෙක්ට මැරෙන්න හිතිලා ගිහින් තිබුනොත් මොනා වෙයිද? වයිරා පව්.. පුසා කියනවා වගේ ඇත්තටම එහෙම වුනොත් අපි පින් කරන්න ගිහින් වෙනම මොකක්ද අමුතු කැටගරියක එකක් කරගෙන.
හරේ කියනවා වගේ හොඳම විසඳුම හෙට මස්කඩේට යන එක තමා.
සිරාවට බං මලියෝ අපි මේ ඉන්නේ පට්ට ගොන් සමාජයක. ඒක අපි අපිම හදාගත්තු එකක්..
මේකේ යටින් කියන කතාව එක එක පැතිවලට හරවලා කියවන්න පුලුවන් උනත් මම කැමති සරලවම වයිරට වයිරා වයිරා වීම නිසාම ඇතිවුනු හිස් බව නිසාම මැරෙන්න ඕන උනා. . . ඒත් මේ සමාජයේ එහෙම ලේසියෙන් මැරෙන්න බෑ . . ඉතිං ඌ ජීවත් වෙනවා. ඔහේ ජීවත් වෙනවා.
හරකුන්ගෙ ලෝකෙ කාන්තාවාදය නැති එක ඔක්කොටම වඩා වටිනව. එහෙම මතවාදයක් තිබුනනම් මූ බොහොම ඉකමනට මස් කඩේ මුදලාලිව හම්බවෙයි උවමනාවෙන්ම.
http://prathiwadhiya.blogspot.com/
http://sthreevaadaya.blogspot.com/
Post a Comment