මගේ ගෙදර ගේට්ටුවේ ජාතික කොඩියක් නැත... එම නිසා මම දේශද්‍රෝහියෙකි .. මගේ ගෙදර මිදුලේ රතිඤ්ඤා පිපිරුනේ නැත... එම නිසා මම දේශද්‍රෝහියෙකි ... දේශප්‍රේමීන්ගේ පෙළපාලියට මා සහභාගී වූයේ නැත... එම නිසා මම දේශද්‍රෝහියෙකි .. ප්රභාකරන්ගේ මල කිරිබත මට කෑමට නොහැක.. එම නිසා මම දේශද්‍රෝහියෙකි ... බාගයක් ගසා දේශාභිමානී ගීත කීමට මට බැරිවිය... එම නිසා මම දේශද්‍රෝහියෙකි ... පිටස්තරයා නිවැරදිය මේ ගොං පාට් හමුවේ හෙට ප්රභාකරන් නැවත උපදිනු ඇත සිදුවිය යුත්තේ මෙයද? මා දේශද්‍රෝහියෙකි..
අහපු කියපු දැකපුවට පොඩි කැටයමක්.

Comments
දූවිලි බැඳුනු මේ බ්ලොග් එක තාමත් බුක්මාර්ක් කරගෙන
මම උඹ ලියනකම් බලා ඉන්නවා.
ජීවිතේ අතරමැද
තාමත් උඹෙ ලිපි වෙනුවෙන් ඉඩක්.
ආගන්තුකයා කෝ උඹ.
හැමදාම රෑට රීඩරේ තියෙන තියෙන
අනිත් බ්ලොග් එක්ක
මම නිදි වදිනකොට
උඹ ලියන්නැතුව කන පැලෙන්න බීලා නිදාගන්නවද?
ආගන්තුකයා...
දිස්නේ නැතිවෙන්න කලින්
මේ කමෙන්ට් එකත් අරන් පලයන්..
මම
බීට්ල්..
:D
http://www.youtube.com/watch?v=wqmhwXevvJU
මොකද ලියන්නේ නැත්තේ යකෝව්...?