ඔයා ඒකාලේ බොනී අයියව අඳුරගන්න තිබුනේ.තුෂාර අයියා කතාව පටන් ගත්තේ එසේය බොනී අයියා නැති තැනක අපි බොන්නට සෙට් වුනොත් අනිවා බොනී අයියා ගැන වචනයක් හෝ කතා කිරීම සිරිතක් වී තිබුනි. සාමාන්‍යෙයන් මිනිසුන් වන අප තව එකෙකු ජීවත්ව සිටියදී වර්ණනා කිරීම හරිම කලාතුරකින් සිදුවන කරුණකි. එසේ සිදුවීමට නම් ඒ මිනිසා වටිනාකමින් වැඩි මිනිසෙකු විය යුතුය.
අපේ තාත්තාට වඩා වයසින් අවුරුදු දෙකක් පමණ බාල බොනී අයියා උසින් අඩින් පහයි එකොලහක් වූ මටත් වඩා අඟල් දෙකක් විතර උස දෙකේ දෙකේ පොරකි. අවාසනාවකට බොනි අයියා මට හමුවන විට බොනී අයියා චණ්ඩිකම් නවත්වා ඇත.
එක දවසක් ඔය වස්කඩුව පැත්තේ පණුවා කියලා එකෙක් හතරමං හන්දියට බොන්න සෙට්වුනා. දෙකක් දානකොට උගේ සද්දේ වැඩියි. බොනියට මල පැනලා දුන්නා ආයි පැත්ත පලාතේ ආවේ නෑ.තුෂාර අයියා දිගටම කතා කරගෙන යයි.
ඔය ඔයාලා කින්ඩි දාගෙන ඉන්නකොට ඉවසගෙන හිටියාට බොනියට මල යකා ආවේස වෙනවා. බලන්න තව අවුරුදු දහයකින් ඇවිල්ලා කතා කරන්න ගානට අඳුරගනී. ඒ බැරිවුනත් අත ඇල්ලුවොත් මිනිහා ටක් ගාලා නම කියයි. මාර ඉවක් තියෙන්නේ.ඔව් බොනි අයියා අන්ධයෙකි. අනික් හැම අන්ධයෙකුටම වගේ අන්ධ වීම සම්බන්ධ කතාවක් බොනීටද ඇත. නමුත් බොනී මට විශේෂය.
බොනී මාමේ ඇස් පේන්නෙ නැති එක නිකං මොන වගේද?මම එසේ ඇසුවේ අඳුරේ ජීවත් වීම ගැන තිබූ කුතුහලය බොනීගෙන් අසා තුරල් කරගැනීමට විය යුතුයි. මට අද වෙනතුරුත් මම එසේ ඇසුවේ ඇයිදැයි සිතාගන්නට නොහැක.
හහ් හහ් හහ්..ස්වාභාවයෙන්ම බොනී අයියා සද්ද නගා හිනාවෙයි. මද සිනාවක් ගැන බොනී අයියා දන්නේ නැත. කින්ඩියට වුවද බොනී අයියා සද්ද දමා හිනාවෙයි. මූනිච්චාවට සිනාවක් තාම බොනී අයියා විසින් හොයාගෙන නොතිබුනි. එසේත් නැතිනම් එය මට දමා නැත.
හහ් හහ් හහ්... බොනී අයියා තාමත් සිනාසෙයි.
ලසී.. ඒක නිකං ඇස් පේනවා වගේ තමා. හහ් හහ් හහ්..ඇස් පෙනීම කොයි වගේද යන්න මම සිතීමට වෑයම් කලෙමි. ඇස් පෙනීම මේවගේ යැයි මට සිතාගත නොහැකිවිය. එතනින් අපේ කතාව සීමා විය.
බොනී මාමේ මම උඹ ගැන පත්තරේට ලිවුවා.මම එක දවසක් විහිළුවට බොනියාට එසේ කිව්වා මතකය..
අපෝ එහෙනම් උඹ ෂුවර් එකට මගේ ඇස්පේන්නේ නෑ කියලා ලියන්න ඇති.බොනී අයියා එදා සිනාසුනේ නැත. එය බොරුවක් කියා වැටහෙන තුරු සිනාසුනේ නැත.
මම ලැපෙන් චිත්‍රපට බලන විට බොනි අයියා මම චිත්‍රපටි බලනවා යන්න ඇස් දෙකෙන් දකී. පසුව ඔහු චිත්‍රපටිය ගැන විස්තර මගෙන් අසාගනී. පසුව බොනි අයියා ඒ චිත්‍රපටිය හතරමං හන්දියේ හැමෝගේම කණේ තියයි. දිනක් මම බැලූ එහෙත් නොබැලූ "අයන් මෑන්" මම රසවින්දේ එසේය.
බොනී හතරමං හන්දියෙන් පුෂ්පාරාමේ පැත්තට එයි. ඇවිත් ලසී සහ ලක්ෂ්මන් සමග ෂොට් එකක් ගසා නැවත හතරමං හන්දියට ඇවිද යයි.
අපරාදේ.... මට ඒකාලේ බොනී අඳුරගන්න තිබුනේ.. බොනියාට ග්ලූකෝමා හැදුනේ නැතුව තිබුනානම්...
මට එහෙම සිතුනි. එසේ නම් මෙය නොලියවෙනු ඇත...
බොනී අයියා මට වඩා අඟල් දෙකක් උසය..

12 comments:
නියමෙටම ලියවිලා තියෙනවා වෙනද වගේම එලකිරි මචං............
හ්ම්ම්.... ගොඩක් කාලෙකින්.....!!
ඇත්තටම ලසී අඳුරා ගන්න ඉස්සෙල්ල කොට මිනිස්සු කොච්චර නම් අඳුරා ගත්තට පස්සෙ උසද කියලා තේරෙන කොට මටත් හිතෙන්නෙ චිහ්..මීට කලින් ඉඳන් දැනන් උන්නනම් කොයි තරම් නම් වටිනවද කියලයි !
මිනිස්සු කියවනකොට ලස්සන තැන් අහුවෙනවා කියලා හිතෙන්න ගන්නේ මෙන්න මේවගේ පෝස්ට් කියවනකොට තමා.., ජීවිතේ අස්සෙන් සමහර පැති වලින් අපිට වඩා ඉස්සරහට ගිය බොනී අයියලා අපි මොනතරම් උස ගියත් අපිට වඩා උසට හැමදාම ඉඳීවී.
ජය!
ලසිය උබ හුඟ දවසකින්.. නියම ලියවිල්ලක්.
අපි සමාජයේ දකින සමහර චරිත බැලු බැල්මට නොපෙනුනත් ඇහුලතින් අපිට වඩා හුඟක් උසයි...
අඩේ ඇස් දෙක පේන්නේ නැති, බොන්න සෙට්වෙන හිතහොද මිනිහෙක් ගැන මම තව කොහේ හරි කියෙව්වානේ... කොතනද මතක නෑ...
උඹ මේ ගැන වෙන කොහේ හරි ලිව්වද..?
වෙනද තරම්ම සිරා නැතත් . . . හ්හ්ම්ම්ම්ම්
සමහර උන්ගෙ පින්තූරයක් බලල හිතෙනවට වඩා ළඟට ගියාම උන් මාර උසයි!
ඒකේ අනික් පැත්තත් එහෙමමයි හරේෂ්. සමහර උන් පින්තූරවලින් උසට පෙනුනට ලඟට ගියාම හෙන කොටයි..
උඹේ බොනි අයියගේ සීඩ් එක ආව තැන දන්න නිසා මම වැඩිය සද්ද දාන්න යන්නේ නෑ... ඒ උනාට මේ ලිව්ව ටික ලිව්වේ උඹේ හිතේ තියන අවුලකින් ගැලවෙන්න කියලා මට දැනෙනවා...
ජෙසිකා ඇල්බාගේ හනී ෆිල්ම් එක බලල තියෙනවද මල්ලී?
ඒකේ හනීට කොකා පෙනපු ඩිරෙක්ටර් ආපහු හනී හොයාගෙන ආවහම එයා කියනවා ඉස්සර මම උඹව දැක්කේ අඩි දහයක් උසට . . ඒත් දැන් මෙන්න මෙච්චරයි කියලා ඇඟිලි දෙකෙන් අඟලක ප්‍රමානයක් පෙන්වනවා . . .
කොකාගේ සුද පෙන්නේ ඉගිලෙන කොට වගේ ගොඩක් උසයි කියලා හිතපු අයගේ නියම උස පෙනෙන්නේ අපි ඒ අය ලඟින් හිට ගත්තාමයි . .
දිගටම ලියමු හොදේ
www.cinelanka.net
Post a Comment