Skip to main content

කපුටු බෝ...


කිරි කල හතකින් නෑවෙන. 
වතුර කල වලින් පෝෂනය වන.
කවි වලින් ආසිරි ලබන.. 
ගාථා වලින් ගෞරව ලබන..
බෝහිමියන්ගේ..
රුහිර උරා ප්‍රසූත්‍ර වන.
කපුටන් විසින් අනුභව කරන.
බෙටි සමග එලියට විසිවන.
සැදැහැවත් බෞද්ධයින්ගේ 
තාප්ප උඩ මුල් අදින.. 
අති ශ්‍රද්ධාවෙන්..
ගලවා විසිකරන.
කපුටු බෝ..

Comments

hare :-) said…
ඔය වගේම කතාවක් කියල තිබුණ ආචාර්ය ඊ.ඩබ්ලිව්. අදිකාරම් මහත්තයා. ගල් තලාවක් පාගාගෙන ඒකට බුලත් කෙල ගහගෙන ගිහින් ඒ ගල් තලාවේම කොටසකින් හදල තියෙන බුදු පිළිමෙට වඳින එක.

හික්! අන්තිමේ තමන්මයි රැවටිලා තියෙන්නේ...
දිල් said…
නියමයි...කාලෙකට පස්සෙ හොඳම හොඳ පද ටිකක් කියව්වා.... අනේ ඇත්තට ඉතින් ..
ඒකනම් ඇත්ත... මිනිස්සු අන්ධ වෙලා වගේ ඉන්නෙ........
malee_msg said…
නියමයි!! කියන්නේ මීට වඩා මේ ගැන කතා කරන්න ගියොත් ලියන්න වෙන්නේ රචානාවක්! කාලෙකට පස්සේ ලිව්වට උඹ සෑහෙන්න අමාරු කතාවක් හෙන සිම්ප්ලි ගොනු කරලා..!
රචනාවකින් ලියලත් ඉවර කරන්න බැරි තරම් වටිනා අදහසක්..නියමෙට පද වැලකට අමුනලා.
අපි මේ කරන්නේ බොරුවක් කියන එක අපිම තේරුම් ගන්න ඕනි දෙයක්. ඉතින් අපි අපිම එකතු වෙලා ඒක තේරුම් ගමු. ස්තූතියි හැමෝටම..
ඇත්තටම හරේ අයියා කියපු කතාව මාත් අහලා තිබුනා, කිව්වේ කවුද කියලා නොදන්නවාට. ඒ වගේම මේකේ අවසානයේදි ඒක මතකුත් උනා. මේ කරගෙන බොරුව, ඇන්දිල්ලත් එක්ක කාලෙකින් පස්සෙ උඹෙන් ආපු කවිය සිරා!
RanDil said…
ඔන්න වැඩේ නේද? ජයසිරිමා බෝධියෙන් ඵලගත් ඇටයක් කාලා වුනත් සැළලිහිණියෙක් පැල කලත් ඒක ඉතිං කපුටු බෝම තමයි නේද?
Charmi said…
@ RanDil,
නැතුව? ජාන ජයශ්‍රීමා හාමුදුරුවන්ගෙ උනත් වැදුවේ කපුටෙක් නම් නෝ චාන්ස්.........

ගොඩක් පැති වලට යන්න පුළුවන් අපූරු නිර්මාණයක්.
Weni said…
සොරි මචෝ මම උඹව කියවල තියෙනවනෙ මාරෙට.. කමෙන්ට් කරල නම් නැහැ..මට එක පාරටම මතක් නැති උනා බ්ලොග් එකේ නම..

වැඩිපුර බලපු..

දේශද්‍රෝහියා...

මගේ ගෙදර ගේට්ටුවේ ජාතික කොඩියක් නැත... එම නිසා මම දේශද්‍රෝහියෙකි .. මගේ ගෙදර මිදුලේ රතිඤ්ඤා පිපිරුනේ නැත... එම නිසා මම දේශද්‍රෝහියෙකි ... දේශප්‍රේමීන්ගේ පෙළපාලියට මා සහභාගී වූයේ නැත... එම නිසා මම දේශද්‍රෝහියෙකි .. ප්‍රභාකරන්ගේ මල කිරිබත මට කෑමට නොහැක.. එම නිසා මම දේශද්‍රෝහියෙකි ... බාගයක් ගසා දේශාභිමානී ගීත කීමට මට බැරිවිය... එම නිසා මම දේශද්‍රෝහියෙකි ... පිටස්තරයා නිවැරදිය මේ ගොං පාට් හමුවේ හෙට ප්‍රභාකරන් නැවත උපදිනු ඇත සිදුවිය යුත්තේ මෙයද? මා දේශද්‍රෝහියෙකි..

ජීවිතය නම් වේදනාව

ලිපගිනි මෙලවෙන තෙක් දිය      සැලියේ සැපයක් නම් කකුළුවා දිය         කෙලියේ අවදිව පෙරයම තෙක් දිවි             මළුවේ සේපාලික මල අඳුරෙම                නැසුනේ අව්වට වැස්සට හුරු               මිනිසුන්ගේ දහඩිය ඇයි කන්තෝරුවෙ         නැසුනේ කරමත ඇවිලෙන මරගිනි              අතරේ පොලවට නුසුලන තව බර          වැටුනේ සිල්වත දිදුලන වැලිතල                 අතරේ පඬුපැහැ කිරි කලයට මුසු         කෙරුනේ ගිනි අවි බිඳ යදමින් සිර                 ඇතුලේ ඇවිලුන ගිනිදැල් කඳුලින්              නිමුනේ

එය සිදුවිය යුතුව තිබුනි....!

එය එතරම් අසීරු යැයි එය සිදුවනතුරු මම දැනගෙන සිටියේ නැත. එය සිදුවිය යුතුව තිබුනි. නමුත් අප දෙදෙනාගෙන් එකෙකු හෝ එය භාරගන්නට සූදානම් නොවීය. අවසානයේ එය සිදුවී ඇත...! ජීවිතය නම් වූ නවකථාව තුල දෑවුරුද්දක පරිඡේදයක්  අවසාන වී ඇත. කතන්දර ගොඩක් මැද්දෙ හමුවූ දෙන්නෙක්  කතන්දර ගොඩක් මැද වෙන්වී ගොසින්ය සියල්ල අනාගතයට බාරදී අත පිහිදාගන්නට ආත්මාර්ථකාමී ආසාවක් හිතට ආවත් එය සිදුකිරීම එතරම් පහසුනම් මම එය දැනටමත් අහවර කොට හමාරය.  කතාන්දරය නිල වශයෙන්ම අවසන්ය. අවසානයේ මම පිදුම වෙනස් කරමි.... "මගේ අතේ එල්ලී මගේ කණ් ගොඩ කරපු දම්මිනීට.."  පින්තූරය අහක් කිරීමට තරම් මම මුග්ධයෙකු වී නැත.  එහෙත් දවසක එයද ඉවත් කිරීමට සිදුවනු ඇත..  ආදරය කියන සූදුවෙන් මම පැරදී ඇත.. මම ලඟ තුරුම්පු අවසන් වී තිබුනි... එය සිදුවිය යුතුව තිබුනි....!