Skip to main content

අනේ මහතුනේ පිනට යමක්..


මැහැල්ලකි...
අයැදීය
අනේ මහතුනේ පිනට යමක්..
වැටේද..?
ඉඳහිටවත් මුදලක්
අතරැඳි බඳුනට...
ජසිරි බෝමැඩට යන
මල් දෝතක් පුරවා
සුන්දර දේහමත වැජඹුන
විතරාගය මුසුවූ
දෑත්
දිගුවූයේද...?
ඈ වෙත
කරුණාවෙන්...
ශ්‍රද්ධාව උතුරා යන
කාන්තිමත් දෙනෙත්
බැලුවේද...?
ඈ දෙස
අනුකම්පාවෙන්...
සනාතන දම් තෙපලූ 
රත් පැහැ දෙතොල්..
විවරවීද ඈ හට
මෘදුව...
දැන දැනම එය අයැදීය ඈ...
‘අනේ මහතුනේ පිනට යමක්‘

Comments

මේක තමා මුලින්ම මුද්‍රිත මාධ්‍යයක පලවුන මගේ මුල්ම කවිය.. එතකොට මම සාමාන්‍ය පෙල කරනවා ලඟදී දවසක ඒ සඟරාව අහුවෙලා මම මේක පොතේ කුරුටුගාගෙන ආවා.. දැන් බ්ලොග් එකට දැම්මා..
RanDil said…
ඇස්පනාපිට පේන සත්‍යයක් වුනත් මසැස් වසාගෙන ඉන්න නිසා පෙනෙන්නේ නැහැ.
RanDil said…
This comment has been removed by the author.
Jay said…
මේක ලිව්වෙ අවුරුදු 16න්??
ඇත්තටම සුපිරි..!!
තවත් එක් කතාවක් මේ අදුරු සමාජයේ....
අනර්ඝයි මේ නිසදැස.......
Muthu Paba said…
Dukayi me kaviya..

වැඩිපුර බලපු..

වඳුරන්ගේ රට.

ඒ අනාගතය කියලා පටන්ගත්තොත් අනාගතය කොයි වගේ එකක්ද කියල අපේ හිත්වල තියෙන පින්තූරයට මේක ටිකක් සමාන වෙලා පෙනෙන්න පුළුවන්. ඒ පින්තූරය හදලා තියෙන්නේ වැඩිපුරම පොත්වලින් සහ චිත්‍රපටිවලින් කියලා කිව්වොත් වැරැද්දක් නෑ. කවුරුහරි මේක Planet of the Apes වගේ කතාවක් කියලා කිව්වොත් ඒකෙ ඇති වැරැද්දකුත් නෑ හරියකුත් නෑ. අපි ඒ ග්‍රහලෝකයට මැඩේෂියාව කියලා කියමු. මැඩේෂියාව භූ පිහිටීම අතින් ගත්තොත් තනි මහද්වීපයකින් සමන්විත විවිධ ජනවර්ග වලින් සමන්විත වුන රටක්. එක අතකින් මැඩේෂියාව සිංගප්පූරුවට සමානයි.  මේක අතීතය, අනාගතය, වර්තමානය යන තුන්කාලයෙන් ඕනිම කාලයක සිදුවෙන්න පුළුවන් සිදුනොවෙන්නත් පුළුවන් සිදුවීමක්. හෝමෝ නියර්ඩල්තාල්ගෙන් හෝමෝ ඉරෙක්ටස්ට පරිණාමය වුනේ වඳුරා වුනාට හෝමෝ ඉරෙක්ටස්ගෙන් හෝමෝ එක්සලන්ස් වෙන්නේ ඔය වඳුරාද කියන ගැටළුවත් එක්ක අපි කතාව පටන්ගමු. මෙන්න මේ හේතුව නිසා තමා මැඩේෂියාව තුල මැඩේෂියාවේ පූර්වජයා ලෙස ඉගැන්වෙන චිම්පන්සියාව දේවත්වයෙන් සලකන්නේ. මැඩේෂියාව මූලිකව ද්වී ආගමික රටක්. චිම්පන්සියුස් නමින් හැඳින්වෙන මූලික ආගම නිර්මාණය වෙලා තියෙන්නේ මැඩේෂියාවන් පැවත එන්නේ චිම්පන්සින්ගෙන් කියන හරය පදන

ගබ්සාව..

සුජ්ජා අවසාන වතාවට මට හමුවෙන විට ඌ හිටියේ පෝරු මස්තකාරූඩවය. ඉන්පසුව මට වුවමනාවක් නැතිකම හෝ වැඩවැඩිකම හෝ ඌ අතුරුදහන් වීම හෝ වෙන කිසියම් කරුණක් නිසා මට ඌ හමුවුනේ නැත. කෙසේවෙතත් මම විශ්වවිද්‍යාලයට යන කාලේ ඌ මගේ රූමා යන්න වග මට මතකය.            සුජ්ජා සුන්දර මනුස්සයෙකි. ඒ ඌ කිසිම දෙයක් පිලිඹඳ ඕනාවට වඩා නොසිතන නිසා යැයි මම සිතමි. ඒ අවුරුදු හතර තුල සුජ්ජා මගේ හොඳම මිතුරන් කිහිප දෙනාගෙන් එකෙකු වීමට එයම හේතුවුනා යැයි මම සිතමි. ඒ කවරකටත් වඩා සුජ්ජා මට මතක හිටින්නේ වෙන හේතුවක් නිසා කිව්වොත් ඒ බොරුවක් නොවේ. ලතා.. සුජ්ජා ලතා සමග හාද වෙනකොට විශ්වවිද්‍යාලෙට ගිහින් මාසයක්වත් නැතුව ඇති. පෞද්ගලික ආයතනයක අයි ටී උගන්නපු ලතා සුජ්ජා එක්ක යාළුවුනේ සුජ්ජාගේ තිබුන යම් ගුණයක් නිසා වෙන්න පුළුවන්. කෙසේවෙතත් හැමඑකටම හිනාවෙන්න පුළුවන් සුජ්ජාත් එක්ක යාළුවුන ලතා වාසනාවන්තයි කියලා මට නම් මේ දැනුත් හිතෙනවා. කොහොමත් මේ සම්බන්ධයට මාස හයක් විතර යද්දි සුජ්ජායි මගෙයි අතර සම්බන්ධතාවය හරිම යාන්ත්‍රික වෙලා තිබුනේ, ඒක සමහරවිට පුරුද්දට වගේ සතියකට ගිහින් ගහන ගල්බාගෙකට, හවසට කම්මැලිකම යන්න ගහපු සිගරට් එක

නිර්වාණයේ දොරකඩ හිඳිමි.

පුරහඳ.. හැමදාම නැතිවුනත්. හැමදාම තිබුනත්. මට ඒ පුරහඳ මතක් වෙන්නේ මාසෙකට සැරයයි.. පුරහඳේ.. හාවෝ හිටියත්.. හාවෝ නොහිටියත්.. මට ඒ පුරහඳ මතක්වෙන්නේ මාසෙකට සැරයයි... පුරහඳ.. ආවත් නොආවත්.. ඒ පුරහඳ තියෙනකම්.. මම නිර්වාණයේ දොරකඩ.. ඇතුල්වීම තහනම්..