Skip to main content

අනේ මහතුනේ පිනට යමක්..


මැහැල්ලකි...
අයැදීය
අනේ මහතුනේ පිනට යමක්..
වැටේද..?
ඉඳහිටවත් මුදලක්
අතරැඳි බඳුනට...
ජසිරි බෝමැඩට යන
මල් දෝතක් පුරවා
සුන්දර දේහමත වැජඹුන
විතරාගය මුසුවූ
දෑත්
දිගුවූයේද...?
ඈ වෙත
කරුණාවෙන්...
ශ්‍රද්ධාව උතුරා යන
කාන්තිමත් දෙනෙත්
බැලුවේද...?
ඈ දෙස
අනුකම්පාවෙන්...
සනාතන දම් තෙපලූ 
රත් පැහැ දෙතොල්..
විවරවීද ඈ හට
මෘදුව...
දැන දැනම එය අයැදීය ඈ...
‘අනේ මහතුනේ පිනට යමක්‘

Comments

මේක තමා මුලින්ම මුද්‍රිත මාධ්‍යයක පලවුන මගේ මුල්ම කවිය.. එතකොට මම සාමාන්‍ය පෙල කරනවා ලඟදී දවසක ඒ සඟරාව අහුවෙලා මම මේක පොතේ කුරුටුගාගෙන ආවා.. දැන් බ්ලොග් එකට දැම්මා..
RanDil said…
ඇස්පනාපිට පේන සත්‍යයක් වුනත් මසැස් වසාගෙන ඉන්න නිසා පෙනෙන්නේ නැහැ.
RanDil said…
This comment has been removed by the author.
Jay said…
මේක ලිව්වෙ අවුරුදු 16න්??
ඇත්තටම සුපිරි..!!
තවත් එක් කතාවක් මේ අදුරු සමාජයේ....
අනර්ඝයි මේ නිසදැස.......

වැඩිපුර බලපු..

දේශද්‍රෝහියා...

මගේ ගෙදර ගේට්ටුවේ ජාතික කොඩියක් නැත... එම නිසා මම දේශද්‍රෝහියෙකි .. මගේ ගෙදර මිදුලේ රතිඤ්ඤා පිපිරුනේ නැත... එම නිසා මම දේශද්‍රෝහියෙකි ... දේශප්‍රේමීන්ගේ පෙළපාලියට මා සහභාගී වූයේ නැත... එම නිසා මම දේශද්‍රෝහියෙකි .. ප්‍රභාකරන්ගේ මල කිරිබත මට කෑමට නොහැක.. එම නිසා මම දේශද්‍රෝහියෙකි ... බාගයක් ගසා දේශාභිමානී ගීත කීමට මට බැරිවිය... එම නිසා මම දේශද්‍රෝහියෙකි ... පිටස්තරයා නිවැරදිය මේ ගොං පාට් හමුවේ හෙට ප්‍රභාකරන් නැවත උපදිනු ඇත සිදුවිය යුත්තේ මෙයද? මා දේශද්‍රෝහියෙකි..

ජීවිතය නම් වේදනාව

ලිපගිනි මෙලවෙන තෙක් දිය      සැලියේ සැපයක් නම් කකුළුවා දිය         කෙලියේ අවදිව පෙරයම තෙක් දිවි             මළුවේ සේපාලික මල අඳුරෙම                නැසුනේ අව්වට වැස්සට හුරු               මිනිසුන්ගේ දහඩිය ඇයි කන්තෝරුවෙ         නැසුනේ කරමත ඇවිලෙන මරගිනි              අතරේ පොලවට නුසුලන තව බර          වැටුනේ සිල්වත දිදුලන වැලිතල                 අතරේ පඬුපැහැ කිරි කලයට මුසු         කෙරුනේ ගිනි අවි බිඳ යදමින් සිර                 ඇතුලේ ඇවිලුන ගිනිදැල් කඳුලින්              නිමුනේ

එය සිදුවිය යුතුව තිබුනි....!

එය එතරම් අසීරු යැයි එය සිදුවනතුරු මම දැනගෙන සිටියේ නැත. එය සිදුවිය යුතුව තිබුනි. නමුත් අප දෙදෙනාගෙන් එකෙකු හෝ එය භාරගන්නට සූදානම් නොවීය. අවසානයේ එය සිදුවී ඇත...! ජීවිතය නම් වූ නවකථාව තුල දෑවුරුද්දක පරිඡේදයක්  අවසාන වී ඇත. කතන්දර ගොඩක් මැද්දෙ හමුවූ දෙන්නෙක්  කතන්දර ගොඩක් මැද වෙන්වී ගොසින්ය සියල්ල අනාගතයට බාරදී අත පිහිදාගන්නට ආත්මාර්ථකාමී ආසාවක් හිතට ආවත් එය සිදුකිරීම එතරම් පහසුනම් මම එය දැනටමත් අහවර කොට හමාරය.  කතාන්දරය නිල වශයෙන්ම අවසන්ය. අවසානයේ මම පිදුම වෙනස් කරමි.... "මගේ අතේ එල්ලී මගේ කණ් ගොඩ කරපු දම්මිනීට.."  පින්තූරය අහක් කිරීමට තරම් මම මුග්ධයෙකු වී නැත.  එහෙත් දවසක එයද ඉවත් කිරීමට සිදුවනු ඇත..  ආදරය කියන සූදුවෙන් මම පැරදී ඇත.. මම ලඟ තුරුම්පු අවසන් වී තිබුනි... එය සිදුවිය යුතුව තිබුනි....!