"දමිත් රණවක"පොන්ටින් කට් එකක් එක්ක ලාවට කෘන්තක දත් දෙකක් පේන්න හිනාවෙලා ඉන්න මූණ පැත්තෙන් අවමංගලාධාර සමිතියේ නිවන් සැප ලැබේවා යන වචන තුන කළුපාටින් ඇඳ තිබුනි.
"මාත් එක්කම ලයිෂන් එක ගන්නකොට ගත්තු පොටෝ එක..."
මම හිතේ තිබුන ඡායාරූපය සමග බැනරයේ තිබුන ඡායාරූපය සංසන්දනය කර අදහස ස්ථිර කර ගතිමි.
"නෙළුව හන්දියේ ඉඳන් කිලෝමීටර එක හමාරක් විතර ආවම නන්ද ස්ටෝර්ස් කියලා කඩයක් ඇති අයියා එතන ඉස්සරහ පාරෙන් පල්ලෙහාට බහින්න."දමියා ගෙන් මම අසාගත යුතුව තිබූ මාර්ග සලකුණු මට නවෝදා නංගිගෙන් අසා ගැනීමට සිදුවී තිබුනි .
මම ජීවිතේ පලවෙනි සිගරට් එක බිව්වේ දමියා සමගය. එදා දමියා කහිනු දැක සිනාසුනු මගේ සිගරට් එක නිවුනේ මම කබරයෙකු දැමීමත් සමගය.
"තනියම සිගරට් බොන්න එපා බං බොන එකක් මාත් එක්ක බීපං සිගරට් බොන එකේ ඩයලොග් එක රසවිඳපන්. තනියම බිව්වත් තමන් එක්ක හරි කතා කර කර බීපං. කවදා හරි දවසක අපිත් එක්ක තනි රකින්න ඉතුරුවෙන්නේ මූ විතරයි බං."දමියා දුම දිහා බලාගෙන එසේ කිව්වා මතකය.
අළුත ගොයම් කපා තිබූ ලියද්ද මත එලදෙනක් උලාකයි. මම අවුරුදු විස්සක් තුල ඒමට අතපසු කල ඒ ගමන අද දමියා විසින් මට එන්නට සිද්ද කර ඇත.
මග කඩේකින් සිගරට් එකක් පත්තුකරගෙන එලියට බහින විට මම කිලෝමීටර බාගයක් විතර ඇවිත් තියෙන්න ඇති.මම සිගරට් එකත් ඇද ඇද නැවත නන්ද ස්ටෝර්ස් සොයා ඉදිරියට ඇදෙන්නට විය.
"මම සිගරට් එකට මෙච්චර කැමති මේකෙ දුම ඇතුලට ඇදලා රත්වෙලා තියෙන බොක්කට ගන්න පලවෙනි හුස්ම මාර කූල් එකක් තියෙන හින්දා හරියටම කියනවානම් ඒකෙ තියෙන්නෙ මාර මෙව්වා එකක්. "මම සිගරට් උගුරක් ඉහලට ඇද පිටකර පසුව ගැඹුරු හුස්මක් ඉහලට ඇද දමියාගේ මෙව්වා එක සෙවීමට තැත් කලෙමි.
දුම්රියේ රෝදය දමියාගේ බඩ උඩින් ඇදීගොස් තිබුනි. අවාසනාවට දමියාව අඳුනාගන්නට සිදුවූයේ මටය. එතැන් පටන් මේ මොහොත දක්වාම දමිත් රණවක නම් ද්‍රෝහියාට දෙස් දෙවොල් තබමින් මම ඇවිදගෙන යමින් සිටිමි.
"වල් පරයා වගේ කොණ්ඩේ වවන්නේ නැතුව ඕක කපලා දාපං. ඔයිට වැඩිය දේවල් මිනිස්සුන්ට වෙනවා."උගේ මරණයට සතියකට පෙර මම කියපු කතාවට පිලිතුරු විදිහට මට මේ ගමන එන්න සිද්ද කල ඒ පරයා සිනාසෙමින් එහෙම කිව්වා මතකය.
"නෑ බං මම මේ වවන්නේ අවුරුදු තුනක් තිස්සේ වවන්න බැරිවුන මගේ ඇරියස් එක බං"
"ලව් කියන එක හිතුවට වඩා අමාරුයි බං ඒකි එක්ක හිටපු හැම තත්පරේම ඔළුවෙන් අයින් කරන්න එක්කො මම දවසම බඩු ගහන්න ඕනි, නැත්නම් උදේ පාන්දරම බීලා සිගරට් බිබී වෙරි බහින්න නොදී තියාගන්න ඕනි, නැත්නම් කෝච්චියට පනින්න ඕනි මෙහෙම කරනකොට ඉවරයි."මැදගිල්ලත් මාපටැඟිල්ලත් එකට තබා ටක් ගාලා සද්දයක් දාමින් දමියා කිව්වේ වියරු සිනාවක් එක්කය
අවසානයේ දමියා අවසාන තීරණය ක්‍රියාත්මක කර ඇත. මට දුකකට වඩා ඇත්තේ කේන්තියකි.එය නිමා නොවන කේන්තියකි.. මම බසය තුල කිලෝමීටර දෙසිය ගාණම පසුකලේ ඒ කේන්තියෙන් පැසවමිනි.
නන්ද ස්ටෝර්ස් එක පහල පාරෙ ලයිට් කණුවකට ඉණිමගක් තබාගෙන සුදු පොලිතීන් කොඩි වැලක් ගැට ගසන මාමා කෙනෙකු
"පුතේ ඇතුලට යන්න"යැයි පැවසුවේ මාව අඳුරගෙනද නැත්නම් මනුස්සකමටද කියලා මට තේරුනේ නැත.
"අප්පා මම මලොත් නම් මිනිය දවසකට වඩා තියාගන්න දෙන්නෙ නෑ.."මම දමියා කියපු කතාවට එහෙම කින්ඩියක් දැම්මා මතකය..
"එතකොට මිනිය දවසකට වඩා තියාගන්නවාද කියලා බලන්නඋඹ ජීවත් වෙලා ඉන්නවද බලපංකො.."
අන්දර වවා තිබුන වැට මැද කළුපාට ගේට්ටුවෙන් ඇතුලට යනකොට රතුම රතු පාට තාම කඳුලු හරියට වේලිලා නොතිබුන නවෝදා නංගිගේ දෙනත් මාව සොයාගෙන තිබුනි.
"යං අයියේ ඇතුලට..!"මම සෙරෙප්පු දෙක ගලවා ඇතුලට අඩිය තිබ්බෙමි..
අභයගේ මගුලටවත් කෝට් එකක් නොදැමූ දමියා කෝට් එකක් දමා මද සිනාවෙන් යුක්තව වැතිරගෙන සිටී..
"වල් පරයා"ඇත්තටම මට අඬන්නට වුවමනා වී තිබුනි. අවාසනාවට මට හඬන්නට නොහැකි විය..

35 comments:
කියන්න බැරි මොකක්ද එකක් වුණා බං...
ඇයි බං අපේ පපුවටම මෙහෙම දැනෙන්නේ..?
මේ වචන ටික තාම මගේ ඔලුවේ දෝංකාර දෙනවා
ඇත්තටම මට අඬන්නට වුවමනා වී තිබුනි. අවාසනාවට මට හඬන්නට නොහැකි විය..
උපරිමයි.. කියවලා ඉවර වෙලා ආපහු කියෙව්වා. කරකවලා අතෑරියා වගේ, නිකන්. පට්ට...!!
ගින්දර... වෙන කියන්න දෙයක් නෑ...
මම මේවට කමෙන්ට් දාන්නේ නෑ එච්චර මචන්..ඒත් අද උදේ පාන්දරම තමයි කියෙව්වේ.... හිතෙ තියෙන නිසල බවත් එක්කම, අමුතුම විදියට උඹේ ඔය වචන ටික කිදා බැස්ස මචන්... බොක්කටම වැදුනා... හැමදාම බ්ලොග් වල දකින පෘශ්ඨීමය රඩිකල් පොර ටොක් වලට වඩා අමුතුම රසයක් තිබුනා.... සුභ පැතුම්....
කොටින්ම කිව්වොත් උපරිමයි..
මම දමියා අදුරන්නෙ නෑ මචන්.... එක සිගරට් එක බීපු යලුවෙක්ගෙ වෙන්වීම අතිශය ශෝකජනකයි කියලා අමුතුවෙන් කියන්න දෙයක් නෑ.. මමත් ඒක විදලා තියෙනවා....
සිගරට් බීම වැරදියි ඒත් කතාව පෙලගස්වල තියෙන ට්‍රැක් එක මාර ලස්සනයි..
මට කියා ගන්න ෙදයක් ෙත්ෙරන්ෙන් නෑ මිත්‍රය!
ලියලා තියෙන විදිය නම් උපරිමයි...........
මචෝ ඒ වචන ටිකෙන් මුළු කතාවම මං තේරැම් ගත්තා. දුකයි මචං කොල්ලකුට හමහෙම වුණාම. මං ටික දවසින් උඹ ගැන තේරැම් ගත්තා. ඒ හැමදේම උඹ ලියපු මේ වචන ටිකෙන් එළියට පනිනවා. මොනා කරන්නද නියතයක් වෙනස් කරන්නෙ කොහොමද?
උපරිමයි..හිතට වැදුනා උපරිමෙන්ම..
Kiyanna wachana na macho!! Damiyage kathawa mage sahodarayekge kathawamai!
Ee mathakayan hithata eddi adannawada hina wenawada kiyala hithaganna amarui..
ප්‍රශ්නාර්ථයක් !!!!
කථාව ඉතාමත්ම හදවතට වදින සුළුයි. ඒ ගැන කියන්නම දෙයක් නැහැ. හැමෝටම මෙහෙම ලියන්න බැහැ. හැබැයි මේ සිගරට් කොටස නම් හරි යන්නේ නැහැ. මේ කියන රසය සොයන්න තව අය පෙළඹෙනවා නම් ඒක එච්චර සුභ නැහැ නේද?
මොකක්ද කියන්නේ මම.... හිතා ගන්න බැහ... ඇත්තටම ඇස් දෙකට කඳුලු ආවා...
සිගරට් කතාවට විරුද්ද අයට : සිගරට් හොඳ නැහ.. ඒත් ඒක කතාව ඇගට දැනෙන්න ලොකු හේතුවක්... මම බොන්නෙත් නැහ.. ඒත්..
හ්ම්ම්ම්.....................!!
හ්ම්ම්ම්.....................!!
කමෙන්ට් කරනවා කියන්නේ හිතට එන එක ලියන එක. ඔන්න එහෙනං ලීවා...
හිස්තැනක්!
කමෙන්ට් කරනවා කියන්නේ හිතට එන එක ලියන එක. ඔන්න එහෙනං ලීවා...
හිස්තැනක්!
කතාව හුගක් හිතට වදිනව අයියේ... සිරාවටම ලියලා තියනවා
දුකයි.......... ඔයා ලියපු විදියට හිත.......................................
මේක මුලින්ම කියවන්න ඇත්තේ මම. මතක විදියට මේකේ එන එක සිදුවීමක් අපි එකට විඳපු එකක් නිසා මට ඒක දැනෙනවාත් වැඩි.
මට හිතෙන්නේ ඔයා ඉන්නෙ වැරදි තැනක මල්ලි. ඔයා මොන කෙංගෙඩියකට සොෆ්ට්වෙයා ඉන්ජිනියර් කෙනෙක් උනාද මම අහන්නේ?
ඒ උනාට අරහෙම සිගරට් බොන එක මං අහන්නේ....?
(අඩෝ ඔහොම බොන්න එපා අපිට සිගරට් නැති වෙනවා.... චරියා)
This is very touching... can't describe the feeling after going through it...
But, there is one thing....
"You can't lose someone you never had ..."
එළ එළ....මැක්සා
ලසිත් අයියා. මොකක් ලිවුවත් අරක ගැන ලියවෙනව නේද ?
උපරිමයි . . . කියනවාට වඩා වැඩි යමක් කීවොත් උපරිමයි කියූ එකේ බර අඩු වෙයි කියා සිතෙන නිසා වෙන කිසිවක් නොකියමි . . .
ප.ලි. මේ සත්‍ය කතාවක්මද . . ???
කතාව නම් සත්‍ය කතාවක් නෙමෙයි ඒත් මේ වගේ කතාවක් කොහේවත් නෑ කියලා මට කියන්නත් බෑ..
සිගරට් බීම ලියපු එක ගැන නම් කියන්න තියෙන්නේ ඒ ලියපු දේවල් වල කලාවක් තියෙනවා නම් ඒක ඒ විදිහට ගන්න කියලා තමා.. නැතුව සිගරට් බොන්නනම් හදන්න එපා.. මොකද මම මේක ලිව්වේ සීටීසී එකෙන් සල්ලි අරන් නොවන නිසා.. :)
මිනිස්සු සංවේදී වෙන එක එක පැති තියෙනවා. කඳුලු හැලීම විතරක් දුක කියන්න බෑ. කේන්තිය තරහව කියන එකෙනුත් දුක ප්‍රකාශ කරන්න පුළුවන් නේද.. දුකේ නියෝජනය කඳුලු විතරක්ද කියන එක ප්‍රශ්න කිරීමකුත් මේ හරහා අපිට කරන්න පුළුවන්...
මේක ඇත්ත ජීවිතයේ මතකයක් වෙලා තිබුන ෆොක්ස් සහෝදරයාට පෝස්ට් එකෙන් හිතේ අවුලක් වුනා නම් සමාවෙන සේක්වා...
සද්දයක් දාලා ගිය හැමෝටම ස්තූතියි කියලා ෂේප් වෙන එක හරි නැති වුනත් ස්තූතියි කියලා ෂේප් වෙන්නම්..
පරයා... අඬ අඬ දෙපාරක්ම කතාව කියෙව්වා... පස්සෙ හිතට ආපු දුකට comments ඔක්කොමත් කියෙව්වා... මෙන්න අන්තිමට මූ කියපි කතාව සත්‍ය කතාවක් නෙමේලු...
පරයා...
හිහි... කතාව ඇත්ත නොවුනු එකටනම් ඇත්තටම සතුටුයි...
හැමදාම වෙලාවක් ලැබුනොත් උඹේ blog එක කියවනවා...
තව තවත් හොඳ හොඳ post දාන්න... අපෙනුත් සුබ පැතුම් !!
මේක සත්‍ය කතාවක් නොවෙන නිසා මෙහෙම කියන්නම්.
"වල් පරයෝ, මේක ගති!"
අනේ යකෝ... ඇයි උඹ අර ආගන්තුක සගයට කර දේ මටත් කරේ..? මේක ඇත්ත නොවිච්ච එකනං ලොකු දෙයක්... භයානක හීනයක් දැකලා ඇහැරිල බැලුවම එක හීනයක් විතරයි දෙයියනේ කියල දැනුනම ඇති වෙන සතුට මේ දැන් මට දැනෙනවා... ඒ සතුට වැඩි කමටයි මෙහෙම කියන්නේ... උඹ නම් මාර පරයෙක්..
අයියො මදැයි ඇත්ත කතාවක් කියලා කදුලු බින්දුවකුත් ඇහැ අගට එකතු කරගන කියෙවුවා.කොහොම වුනත් එලකිරි කතාව.හිතට දැනුනා ඔය වගෙ සිද්දියක් මටත් සමීප නිසා
මොකක්දෝ අමුතු එකක් වෙලා හිරි වැටිලා පපුවෙ ඉඳලා කකුල් 2ටම ගියා සහොදරයා..සාහිත්‍ය කාරයො කැලේ
දමියා මගේ හිතේ ජීවත් උනු කෙනෙක් තරම් සමීපව දැනෙන්න තරම් සන්වේදීව ලියලා...ඇත්තටම කදුලු ආවා ඇස් වලට...සුබ පැතුම්
පොස්ට් එක ඉස්සර කියවද්දි, මම හිතුව ලසිත් අයිය පට්ට කෙටිකථා කාරයෙක් කියල.............
එත් දැන්නම් එහෙම හිතෙන්නෙ නෑ.
උඹට මේක නොලිය ඉන්න තිබ්බෙ ලසිත් අයියෙ.........
Post a Comment