හුස්මක් කටක් ගන්නට බැරුව හිරවුන..
පෙනහළු පිරෙන්න ඇද්ද නිකොටින් එක්ක
ගිනි ඇවිලිලා දැවිල්ල ගත්තු ආමාශය..
නිවෙන්න බීපු ගිනිවතුරෙන් මත්වෙලා
කණ්නාඩියට මූණ හංගන්න
වවාගත්තු රැවුලට පින්සිද්ද වෙන්න..
හෝදන්න හිතුන නැති කපු කමිසයත්..
පට්ට ගැහිච්ච ඩෙනිමක් ඇඳන් යන
මට අනුකම්පා කරපු...
කාණු පල්ලේ ප්රේමය....!
තවමත් මම ජීවතුන් අතර....

12 comments:
හුගාක් හිතට දැනුනා..රිදීමක් එක්කම..
ප්රේමය
මුලු ආත්මයම ලෙස
හැඟේ
ප්රේමයෙන් බැට කෑ විට
ජීවයම
පුදන්න සිතේ
මිය ගිය ප්රේමයට
එනමුදු
බොහෝ ඉදිරි අනාගතේ දිනෙක
හැරී බැලුවිට පසුපස
දැනේ දුකක්
අහෝ කිම පිදුවේ
ම වටිනා ජීවය
සීතල
මිය ගිය පෙමකට . .. !
මොකද උනේ ආදරය විරහවක් උනාද?
හිතට දැනෙන පද ටිකක්.
අපූරුයි.........
ඇගට වදින්න ලියල තියෙනවා මචන්... දුක හිතෙනවා
තව ටිකයි තව ටිකයි...
පට්ටයි. ඒත් දුකයි...
මේක කොටනවත් ඉතින් මම දැක්කනේ එදා..
මොනවා කියන්නද මන්දා, හැබැයි උඹ මට වඩා මේ කාරණේදී මානසිකව ශක්තිමත් කියලා මට හිතෙනවා.
meka mama danawa mage wall eke... patta.....
මතක තියා ගන්න වටිනවා...
සතුටුයි! නුඹ තවමත් ජීවතුන් අතර නිසා..:)
සිරාම සිරා!!
Post a Comment