Skip to main content

මම ගෙදර ගියෙමි...

                මාර්තු පලමුවැනිදා පුහුණුවට පෙර ගෙදර යාමට අවශ්‍ය නිසාත්, අම්මා ගෙදරට එන පාර ඇඳ ලියුමක් එවීමට ඉඩ ඇති නිසාත් අවසානයේ මම ගෙදර යාමට තීරණය කලෙමි.
පුරුද්දක් වශයෙන් ගෙදර යනවිට අත වන ‍වනා යාම සිදුකල නමුත් දම්මිනී විසින් "හඬනු මැන නිදහස" කියවා අහවර කර තිබූ නිසා කොටුවට යාමට 138 ක ගොඩවුන මගේ වැනුන අත් දෙකෙන් එකකට එම පොතද එකතු වී තිබුනි.
                 පෙරවදන කොටුව ඉස්ටේසමට යනවිට කියවා අහවරය. එතැන් සිට බස් එකට නගින තුරුත් බස් එකේ වාඩි වී බස් එක අද්දන තුරුත් කොන්දොස්තර මලයා පැමිණ ටිකට් කඩන තුරුත් මම සුනිල් මාධව ප්‍රේමතිලක ලිවූ පෙරවදන හා අද ජීවත් වන ප්‍රේමතිලක සංසන්දනය කරමින් සිටියෙමි. "නිර්මාණයට පසු නිර්මාණකරුවා මියයයි" ප්‍රේම කල යුත්තේ නිර්මාණයට මිස නිර්මාණකරුට නොවේ.. මම කලේ මෝඩ වැඩක්.
                   ඇහැරෙන විට අවිස්සාවෙල්ලත් පසුවී පුවක්පිටියට ආසන්න වී තිබුනි. මුල සිට සරලව. මම පලමු පරිඡේදය පෙරළුවෙමි.
                    රත්නපුරේදී මම පොතට බුක්මාර්ක් එක තබා වසන විට බිකෝ ඩිවෙට්ගේ මුහුණ හරහා පහරක් එල්ල කර හමාරය. කල්ලෙක්ගෙන් සුද්දෙකුට... ඔක්ටොපෑඩ් හඬ අස්සෙන් ජෝතිපාලයන් ගයයි. වාදක කණ්ඩායම කොතරම් දක්ෂ වුවත් ඒ හඬ ඔක්ටොපෑඩයකින් මකා දැමීම උගහටය. කොතෙක් උත්සාහකලද මතුවනුයේ ජෝතිපාලයන්ගේ හඬය. කතා දෙකක් නැත. අපරාදේ... නැවතත් මම පොත පෙරළුවෙමි.
                   "ස්‍ටීව් බිකෝ මියයයි".... මම වීදුරුවෙන් එලිය බැලීමි. සංඛපාල විහාරය වේගයෙන් පසුවේ. අපරාදේ... සියල්ල අමතක කර මම පොත වසා දැමුවෙමි.  සංවිධානාත්මක ලෙස කරන ඉල්ලීම් සුද්දන්ගේ බිහිරි කන් වලට වුවද ඇසීමට ඉඩ ඇති බව බිකෝ තදින්ම විශ්වාස කලේය. මම අ‍පේ ෆැකල්ටිය සහ අරගල ගැන කල්පනා කලෙමි. බැරිවෙලාවත් අපි පන්ති වර්ජනයක් කලොත් කීදෙනෙක් ලෙක්චර්ස් යයිද. බැරිවෙලාවත් කාගේ හරි පන්ති තහනම් වුනොත් ඌට මොකද වෙන්නෙ...?  චන්ද්‍රසේන ‍හෙට්ටිආරච්චිගේ "සැඳෑ සමයයි ජීවිතේ" අන්ප්ලග් එකක ගැයුවානම් ‍කොහොම තියෙයිද...? මම චන්ද්‍රසේනගේ සින්දුව අන්ප්ලග් කිරීමට උත්සාහ කලෙමි. චන්ද්‍රසේනත් සල්ලි වලට එල්ලිලා මැරිලා. අපරාදේ....
                  වුඩ්ස් දකුණු අප්‍රිකාවෙන් පනිනකොට බසය ඇඹිලිපිටියේ නතර කර අවසන්ය. ත්‍රීවිල් අයියා ගෙදරටම රුපියල් 70 ක් ඉල්ලූ නිසා මම ඌට බැණ බැණ මහ ඇල ලඟට පැමිණියෙමි. වපුරන දවස් හින්දා ඇල ඇරලා ව‍ගේ. ඇල හරියට නොපෙනුනත් වතුර බහින සද්දේ පැහැදිලිව ඇසේ..
                 අවසානයේ මම ගෙදර ගියෙමි........!
                  

Comments

හෂිත said…
හොඳ සටහනක්.. මමත් හඬනු මැන නිදහස කියවමින් නුවර පාරේ බොහෝ වතාවක් ගිහින් තියෙනවා. ඩොනල්ඩ් වූඩ්ස් ගෙ asking for trouble පුළුවන් නම් හොයාගෙන කියවන්න.
Anonymous said…
~හඩනු මැන නිදහස. අපට අඩන්න තමයි වෙලා තියෙන්නේ
LishWish said…
යකෝ පුවක්පිටිය අවිස්සාවේල්ල හරිය පහුවෙනකොට ඔය ඔලුගෙඩිය ඇතුලේ තියෙන අල ගෙඩියක් තරම් මොල ගෙඩියට ආවේ නැද්ද මම ඉන්නෙත් ඔය හරියේ විත්තිය...?
දුකා said…
ah . . antimedee gedara giyaa neda??? ela ela . . . ammata hena happy ati neda???
Anonymous said…
මිත්‍රයා,

මගේ බ්ලොග් එකත් Blogroll එකට දාල පොඩි සහායක් දෙනවද? බබාලගෙ සින්ඩියේ නැතිනිසා දැන් මට හිට්ස් එන්නේ එහෙම විතරයි. ස්තූතියි.

- Taboo
Anonymous said…
සිරා සටහනක්. :)
උඹලගේ අම්මයි, උඹයි ඔය "ගෙදර වර" සංවාදය පවත්වන වේලාවේ මම හිටියේ උඹේ එහා පැත්තේ කියලා උඹට මතක ඇති.උඹයි මමයි ඒ වෙලාවේ බෙහෙත් බෝතලයක් ගේන්න වැල්ලවත්තට යන ගමන් නෙව.කෙසේ වෙතත් ගෙදර ගිය එක හොඳයි.මොකද අපිව ආපහු උඹලගේ ගම් පලාතේ එක්කන් යනකොට පාර වැරදෙන්න පුලුවන් නිසා.
Anonymous said…
මුචා, බෙහෙත්?

කමක් නෑ. සඳුදට වරෙන් එච්චරයි.

මම Cry freedom චිත්‍රපටිය බැලුවා. පොත කියවන්න ලැබුනේ නැහැ. මොනව වුනත් නියම සටහනක්.
@හෂිත ස්තූතිය. ඔත්තුවට අද ඉඳන් හොයන්න ගන්නවා.
@LishWish මතක් වුනා යකෝ ඒත් ඉතිං බස් එකෙන් බහින්න කියලයැ..
@දුකා අන්තිමට ගියා බං ඒත් ඉතිං ගියෙ නෑ වගේ තමයි. එක දවසයි හිටියෙ..
@taboosubjects දැම්මා මචං.. ෆලොවර් ලිස්ට් එකක් බ්ලොග් එකට දාන්න කල් හරි වගේ..
@ssudaraka ස්තූතිය.. කාලෙකින්
@මුචලින්ද එදත් එ‍‍හෙම කතාවක් වුනා තමයි.
@chamila_dealwis පොත දෙන්නම් කියවපිය.. හැබැයි ආපහු ගෙනත් දීපන් -:හිනා
Anonymous said…
රැකියාව යලි ලැබිමෙන් පසු ටකර් කීවේ බිකෝගේ මරණය වැලැක්වීමට නොහැකිවීම ගැන තමා දැන් පසු තැවෙන බවයි.
ඔහු පසුතැවිලි වීම ගැන තමා සතුටුවන බව වුඩ්ස් කීවේය.
එන්ට්සිකී කීවේ ටකර්ට යලි රැකියාව ලැබුණත් නැතත් බිකෝ යලි නොඑන බවයි..
පළමු වර කියවා වසර 17 පසු පොතේ හිමි කාරයා වීමි.
වැඩිම කාලයක් හොයන්නට වූ පොතයි.මේකේ තව පොත ගැන තිබ්බා නම්..!!!

වැඩිපුර බලපු..

වැඩ කරන්නෙ නැති.

වැඩ කරන්නෙ නැති, හදන්න සල්ලිත් නැති, නැතිවුනොත් කම්ප්ලේන් යන,  කම්ප්ලේන් ගියොත් සල්ලි නැතිවෙන, සල්ලි නැතිවුනොත් හදන්න බැරිවෙන, මේ කාර් එකේ ඒසී එක. 

ජීවිතය නම් වේදනාව

ලිපගිනි මෙලවෙන තෙක් දිය      සැලියේ සැපයක් නම් කකුළුවා දිය         කෙලියේ අවදිව පෙරයම තෙක් දිවි             මළුවේ සේපාලික මල අඳුරෙම                නැසුනේ අව්වට වැස්සට හුරු               මිනිසුන්ගේ දහඩිය ඇයි කන්තෝරුවෙ         නැසුනේ කරමත ඇවිලෙන මරගිනි              අතරේ පොලවට නුසුලන තව බර          වැටුනේ සිල්වත දිදුලන වැලිතල                 අතරේ පඬුපැහැ කිරි කලයට මුසු         කෙරුනේ ගිනි අවි බිඳ යදමින් සිර                 ඇතුලේ ඇවිලුන ගිනිදැල් කඳුලින්              නිමුනේ

ප්‍රසන්න මධුර සුඛං

  තැබූ තැබූ තැන අවදිවු බර         අවි පිදූ පිදූ තැන පරවුන  මල්          පෙති        පිරූ පිරූ දස පෙරුමන් නැතිවුන ප්‍රසන්න මධුර සුඛං බුරා බුරා නැගෙනා ඒ බොදු         ගිනි වෙලා වෙලා දැවෙනා ඒ ගිනි     කෙලි  දිරූ දිරූ ඒ බෝසත් පිලිරුව වණ්ණෝ සුඛං බලං දෙසූ දෙසූ දම්සක් වී පැමි         ණිලි පිසූ පිසූ දන්සල් වී ඇව            ටිලි ගැලූ ගැලූ  දස සිල්දිය බොරවුන ගිලන පච්චං ඉමං