Skip to main content

සුබ සුබ සුබ...

දින සති අවුරුදුම කීයක් ගෙවුනා කියලද...
ඒ අස්සෙ ආදරයත් ගලාගෙන ගියා..
මෙලෝ රහක් නැති මාත් එක්ක
මට ඇති වෙලාවට වඩා මට නැති වෙලාවට හිටපු
මගේ කෙල්ලට..
සුබ උපන්දිනයක්...
කොටම කොට සුබ පැතුමක් මගෙන්...
සුබ සුබ සුබ .......

Comments

Supun Sudaraka said…
ඔන්න අපිත් සුබ පැතුවාය කියන්න! :)
Dilanka said…
අපෙනුත් සුභපැතුම්.....
මොනවද අරන් දෙන්නෙ එයාට?
Anonymous said…
මගෙනුත් සුභ පැතුම් දම්මිණීට 35වෙනි වසරට පාතැබීම නිමිත්තෙන් (කේක් එපා, රොටි අරන් දෙන්න :p )
හෙහෙ. ඔන්න එහෙනම් අපිත් සුභ පැතුවා කියපන්. උඹ නම් රහක් නැති වුනත් කමක් නෑ, මෙතන දාන ඒවා රහයිනෙ. ;)
මම කළින් කොම්න්ට් එක දැම්මේ පොඩ්ඩකට කළින්. දෙසැම්බර් 17 කියල පෙන්නන්නේ. පොඩ්ඩක් බලපන්, අවුලක්ද දන්නේ නෑ.
said…
ඕන් එහෙනම් අපෙනුත් සුභ පතුම්
චියර්ස්.....!!!!!
Anonymous said…
සුබ උපන් දිනයක් දම්මිනි!!!
Kasun said…
මගෙනුත් සුභ පැතුමක්. !!
Pahan said…
සුභ පැතුම් දම්මිණී...
සුභ උපන්දිනක් වේවා !!! දම්මිණී
Unknown said…
දම්මිණි අක්කාට මගෙනුත් සුභ පැතුම්.
Sankha said…
ඔන්න මචං මමත් සුබ පැතුවා එහෙනම්..(පරක්කු වෙලා හරි)
Unknown said…
චියර්ස්.....!!!!
Teena said…
පරක්කුවට සමාවි මගේ සුභ පැතුමත් පිළිගනිත්වා...!
දුකා said…
parakkui suba patanna . . .kamak naha mage suba patumath ek kara ganna . . .

වැඩිපුර බලපු..

ජීවිතය නම් වේදනාව

ලිපගිනි මෙලවෙන තෙක් දිය      සැලියේ සැපයක් නම් කකුළුවා දිය         කෙලියේ අවදිව පෙරයම තෙක් දිවි             මළුවේ සේපාලික මල අඳුරෙම                නැසුනේ අව්වට වැස්සට හුරු               මිනිසුන්ගේ දහඩිය ඇයි කන්තෝරුවෙ         නැසුනේ කරමත ඇවිලෙන මරගිනි              අතරේ පොලවට නුසුලන තව බර          වැටුනේ සිල්වත දිදුලන වැලිතල                 අතරේ පඬුපැහැ කිරි කලයට මුසු         කෙරුනේ ගිනි අවි බිඳ යදමින් සිර                 ඇතුලේ ඇවිලුන ගිනිදැල් කඳුලින්              නිමුනේ

රති කෙලිය....

අන්තිම පෙළ යාබද අසුනේ.... රතී වීමට තැත් දරන ඈ ... අසුන යහන කොට.... ඔහු හා රගන විසූක දැක... අනෙක් පස විශාඛාවන් .... අසුනින් නැගිට ගිය සද.... ප්‍රජාපතී තොමෝ ... දුන් ඔවදන් අසා... සිනාසුනි දෙපලම..... අහෝ..... !

උක්කුං පටි බෝල බැලන්ස්.. පුක් පේපර්.. පුක් පේපර්...

“මහත්තයා අර ජිනේ මැරිලා“  හමීඩ් මුදලාලි රෙදි මනින ගමන් එහෙම කිව්වෙ මද සිනාවක් එක්කමයි “ මොනවා...! වෙන්න බෑ “  මම එහෙම කිව්වෙ සමහරවිට ජිනේ මැරෙන්නේ නැති එකෙක් කියලා මගේ ඔළුවේ කොනක තිබුන නිසා වෙන්න ඇති “ මිනිහා ඉන්න තැනක් වත් දන්නවාද? “ මම එහෙම ඇහුවේ පව් සමාකරගන්න ගිහින් මූණවත් පෙන්නලා එන්න කියලා හිතාගෙන. ඒත් මාව දන්නේ ජිනේ විතරනේ.. “ ජිනේ “ තාත්තා හැමසතියෙම විකුණන්න ගෙනියන දොර රෙදි යාර 30 ගන්න කොලඹට එනකොට මමත් පස්සෙන් එන්නේ කොලඹ බලන්න. ඒත් අනික් එවුන් කොලඹ ඇවිල්ලා ග්‍රහලෝකාගාරේ, කටුගේ බලලා යනකොට මට බලන්න වුනේ බසාර් එකේ රෙදිකඩ ටිකයි තුන්වෙනි හරස්වීදියේ එලවළු කඩ ටිකයි විතරයි..                 ජිනේ මම මුලින්ම දැක්කේ මම සාමාන්‍ය පෙල කරන කාලයේ වගේ මතකයි. අව්වට කළුවුන අඩි 6 විතර උස ජිනේව මම එදා දැක්කේ යෝධයෙක් වගේ. ජිනේගෙන් තාත්තාගේ කඩේ විකුණන්න බ්‍රෙසියර් දුසිම් දෙකක්, ලංකට් දුසිම් දෙකක් අරගෙන යන එක සිරිතක් වගේ වෙලා තිබුනේ. ලොකු ලොකු කඩවල ලොකු ලොකු නෝනලා මහත්තුරු බර ගනන් දීලා ගන්න ලොකු ලොකු බ්‍රෑන්ඩ් ජිනේ තුට්ටු දෙකට කරත්තේ තියාගෙන විකුණුවා...