මගේ ගෙදර ගේට්ටුවේ ජාතික කොඩියක් නැත... එම නිසා මම දේශද්‍රෝහියෙකි .. මගේ ගෙදර මිදුලේ රතිඤ්ඤා පිපිරුනේ නැත... එම නිසා මම දේශද්‍රෝහියෙකි ... දේශප්‍රේමීන්ගේ පෙළපාලියට මා සහභාගී වූයේ නැත... එම නිසා මම දේශද්‍රෝහියෙකි .. ප්රභාකරන්ගේ මල කිරිබත මට කෑමට නොහැක.. එම නිසා මම දේශද්‍රෝහියෙකි ... බාගයක් ගසා දේශාභිමානී ගීත කීමට මට බැරිවිය... එම නිසා මම දේශද්‍රෝහියෙකි ... පිටස්තරයා නිවැරදිය මේ ගොං පාට් හමුවේ හෙට ප්රභාකරන් නැවත උපදිනු ඇත සිදුවිය යුත්තේ මෙයද? මා දේශද්‍රෝහියෙකි..
අහපු කියපු දැකපුවට පොඩි කැටයමක්.

Comments
ප්‍රේමයෙන් තොර ජීවිතයක් ගැන දැන් නම් මට හිතන්න අමාරුයි (අත්විඳපු, විඳින අය ඒ බව තහවුරු කරයි.) මිනිසා කියන්නේ උපතින්ම දේශපාලනික සත්ත්වයෙක් බව කවුද කියල තියෙන බව මට මතකයි. දේශපාලනයෙන් වියුකතව ජීවත් වෙන්න බෑ කාටවත්. ඒවායෙන් තමන් වියුක්තයි කියල හිතන් ඉන්න කට්ටියත් දේශපාලනයේ බලපෑමට හසු වෙනවා. සාහිත්‍යය නොකියවූ රස වින්දනයක් කොහි?. රස වින්දනය කිව්වම ඒක පිටිපස්සේ කලාත්මක බවක් තියෙනවා. කලාව කොතැනද, එතැන සාහිත්‍යය අගයක් තියෙනවා.