බෝඩිං ගාස්තු ගෙවනදාමම හොඳය...
මාසේ මැද මම නරකය...
මාසෙම පාඩම් කරන
මම හොඳය...
පිස්සු කෙලින මම නරකය...
ට්‍රිප් යන මම හොඳය...
එකක් නොගියොත් නරකය...
කීකරු මම හොඳය...
ආසදේ කරන මම නරකය...
අනුන්ට කරන මම හොඳය...
තමන්ට කරගත්දාට නරකය...
ඉතිං කොහෙද හොඳ මිනිස්සු...?
8 comments:
ඉස්සර මමත් ගොඩාක් හොදයි... දැන්නම් හොදටම නරක් වෙන්න හිතිලා තියෙන්නේ...
නෙට් බිල් පොලිමෙ එනකොට මම නරකයි
කතාව හොඳය - (අමු අමුවෙම)කියපුඑක නරකය.
මමත් ලඟකදි ඉදල නරකයිලු....... ඒත් මට මම හොදයි. ඔයත් එහෙම හිතන්න ;)
කීදෙනෙක් අපිව මේලෝකෙදි හරියට තේරුම් ගන්නවද කියන එකත් ප්‍රශ්නයක් තමා.
අපෝ මචන් ... ඔය ගැන කතා කරලා වැඩක් නෑ. මම කිව්වේ මුලු පවුලටම නරක් වෙලා තියෙන හැටි.
අනෙක් එකා කරන ඕන වල් බූරු වැඩක් දිහා බලාගෙන සද්ද නොකර ඉන්න කම් මම හොඳය
උගේ වැරුද්ද මූණටම කිව්වහම මම වැරදිය.
හිහ් හිහ් අපි හැමෝම ඔහොම නොවැ. විඩක් හොඳයි විඩක් නරකයි.
Post a Comment