මගේ ගෙදර ගේට්ටුවේ ජාතික කොඩියක් නැත...
එම නිසා මම දේශද්‍රෝහියෙකි..
මගේ ගෙදර මිදුලේ රතිඤ්ඤා පිපිරුනේ නැත...
එම නිසා මම දේශද්‍රෝහියෙකි...
දේශප්‍රේමීන්ගේ පෙළපාලියට මා සහභාගී වූයේ නැත...
එම නිසා මම දේශද්‍රෝහියෙකි..
ප්රභාකරන්ගේ මල කිරිබත මට කෑමට නොහැක..
එම නිසා මම දේශද්‍රෝහියෙකි...
බාගයක් ගසා දේශාභිමානී ගීත කීමට මට බැරිවිය...
එම නිසා මම දේශද්‍රෝහියෙකි...
පිටස්තරයා නිවැරදිය
මේ ගොං පාට් හමුවේ
හෙට ප්රභාකරන් නැවත උපදිනු ඇත
සිදුවිය යුත්තේ මෙයද?
මා දේශද්‍රෝහියෙකි..
Comments
මාත් දේශද්රෝහියෙක්නේ.
තවත් කළු ජූලියක් නැවතත් ඇති නොවීමට පෙර එදා කළ මෝඩ කම් හෙටත් නොකිරීමට අප වග බලා ගත යුතුය.
ලාංකේය බ්ලොග් අවකාශයේ මේ පැහැබර පිබිදීම සෞභාග්‍යවත් රටක අරුණළු වේවායි පතමු.
සිංහලයින්ට සමරන්න අයිතියක් තියෙනවලුනේ. එහෙම බැලුවොත් අපි අසිංහලයොත් වෙනවා.
අපොයි දේශද්‍රෝහියො ගොඩායිනෙ
- Taboo
බිලොග්වල වෙස් පොත්වල හා IM වල පින්තුර වෙනස් නොකරපු අයත් දේශද්‍රෝහියෙක් වෙලා!
විකිනෙනන් වෙලාවනේ කියල රතිඤ්ඤා වෙනදටත් වඩා වැඩි ගානට විකුනන එකා දේශප්‍රේමියා හැබැයි එහෙම අරන් පත්තු කලේ නැත්ත්නම් ඌ ද්‍රෝහියා
ජයවේවා!!!
නමුත් මෙම බිලොග් කරෑ තමාගේ හදෙහි ඇතිවූ දේශප්‍රේමිත්වය පදර්ශනය කරගත නොහැකිව ඇතිවූ වරදකාරී හෑගීම එය යමිකිසි අයුරකින් පදර්ශනය කරවුන්හට අපහාස කිරීමෙන් නැතිකරගැනීමට හදන්නේ නමි එයද වැරදිය.
පෙනෙන හැටියට කතාවද එයමය.
මම දන්නා තරමට ලංකාවට ඇති ලොකුම ප්රශ්නය එහි මිනිසුන් කොඩි දැමිම හෝ නොදැමීම නමි නොවේය.
එලඹ ඇත්තේ ත්‍රස්තවදය ඇතිවූ දිනට කලින් දිනයයි.. හෙට එය ඇතිවනවාද නැද්ද යන්න අපි තීරණය කල යුතුය.. මම කියන්නට අදහස් කලේ එයයි නැතිනම් ඕනෑ එකෙකු ඕනෑ ආතල් එකක් දැමීම ගැන මට අදාලත්වයක් නැත..
රටටම නිවාඩු දුන්නද සෙබළුන්ට නිවාඩු ලැබුනාද? බාගයක් ගසා දේශඅභිමානී ගීත මදිහරියට තිත්ත කුණුහරුපද කියමින් රටවටේ දීවීම දේශප්‍රේමයද?
මේ බ්ලොග් සටහනේ අපහාසාත්මක බවක් පෙනෙන්නට තිබේ නම් එය කරගෙන ඇත්තේ බ්ලොග්කරුම ඔහුට දේශද්‍රෝහියා කියා ගැනීමය. එහි ඇති වරදක් මම නම් නොදකිමි.
මේ ආකාරයෙන්ම මමත් දේශද්රෝහියෙක්මි.
"ම" ගේ කමෙන්ටයට වැදගත් අදහසක් නිසා නැවත ලියාතබමි.
"විකිනෙනන් වෙලාවනේ කියල රතිඤ්ඤා වෙනදටත් වඩා වැඩි ගානට විකුනන එකා දේශප්‍රේමියා හැබැයි එහෙම අරන් පත්තු කලේ නැත්ත්නම් ඌ ද්‍රෝහියා
ජයවේවා!!!"
ත්‍රස්තවාදය ඇති වීමට බලපෑ හේතු නැවත ඇති නොවීමට වගබලාගත යුතු බව සත්‍යය. එසේනමි ත්‍රස්තවාදය ඇතිවීමට හේතුව 48 තිදහස කොඩි දමා සැමරීමද? නමුත් ත්‍රස්තවාදය ඇතිවන්නේ 70 දශකයේය. ඒ කාලයේ අපේ මිනිසුන් වැරදියට සැමරුවෙ මොන නිදහසද? මා දකින හැටියට වැරද්ද සිදුවුයේ 56න් පසුව අප දුටු පරිපූර්න ලංකාවෙහි දමිලයන් කොටස්කරුවන් නොවීමෙන්ය. රාජ්‍ය භාෂා සංකල්පය එහි ප්‍රතිපලයකි. නමුත් ලංකාවේ මිනිසුන් දැන් නව දැක්මකින් අතාගත ලංකාව දකිති. අප මෙ නිදහස සමරන්නේ දමිලයන්ද එහි කොටස් කරුවත් කරගනිමින්ය. ඉතින් ත්‍රස්තවාදය ඇතිවීම නිදහස සැමරීම හා සමිබන්ද වීම මටනමි නොතේරෙන හරුපයකි.
අප සිතන්නේ වෙනස් ආකාරවලටය. නිවසින් පිටවූ මොහොතේ සිට සතර දෙස ලාංකික කොඩි දැකීමෙන් මාගේ හදවතට දැනෙන හැගීම පුහු ආටෝපයක් යැයි පිලිගැනීමට මට නමි නොහැක. ඔබ එය පුහු ආටෝපයක් ලෙස දැක එය වර්ජනය කරන්නේ නමි එහිද වැරද්දක් නැත. නමුත් මා කතා කලේ මෙහි සැගවී ඇති අපහාසය ගැනය. උන්මත්තක කියන පරිදි එහි අපහාසයක් නොවන්නේ නමි මටද ඒ ගැන ප්‍රශ්නයක් නැත :) නමුත් කාරනය එය නමි තමාගේ අදහස් ප්‍රකාෂ කිරීමෙ ශෛලිය ගැන ආගන්තුකයා තව පොඩිඩක් හිතුවොත් හොදය :)
මේක සමඟ නම් එකඟ වෙන්න පුළුවන්.
මේ නිදහස 48 නිදහස සමඟ ගලපා ගන්නට යන්නේ නම් ඌ එහෙමත් මෝඩයෙකි.
යුද්ධයෙන් ලක්ෂ ගණනක් අවතැන්ව සිටියදී/ රණවිරුවන් දහස් ගනනක් දිවිපුදා තිබියදී යුද්ධය කරන්නේ ඇයි කියන හේතුවවත් නොදන්න අහිංසකයන් සියදහස් ගණනින් මියගොස් තිබියදී අපට පාටි දැමමින් සිටිය හැකිද?.
රටටම නිවාඩු දුන්නද සෙබළුන්ට නිවාඩු ලැබුනාද? බාගයක් ගසා කොඩියක් අතින්ගෙන දේශඅභිමානී ගීත කියමින් මදිහරියට තිත්ත කුණුහරුපද කියමින් රටවටේ දීවීම දේශප්‍රේමයද?
අපහාස වූයේ ලිපියේ කොතැනද කාහටද ගන්න පවසන්නේ නම් අදහසක් පැවසිය හැකිය.
"නමුත් කාරනය එය නමි තමාගේ අදහස් ප්‍රකාෂ කිරීමෙ ශෛලිය ගැන ආගන්තුකයා තව පොඩිඩක් හිතුවොත් හොදය"
තමාගේ බ්ලොග් එකේ තමන් කැමති දේවල් ලියා ගැනීම මිස අනුන්ට ඕනෑ විදියට බ්ලොග් ලියන සිරිතක් නැත. එසේ බලපෑම් කිරීමට ඔබට අයිතියක් නැත.
බ්ලොග් අවකාශයේ අදහස් පාලනය කිරීමට දේශප්‍රේමීන් යැයි කියාගන්නවුන්වත් දේශද්‍රෝහීන් යැයි හංවඩු ගැසූවන්වත් අවශ්‍ය නැත.
මට බ්ලොග් කිරීම පිලිබද ඔබට බොහෝ පෙර සිට යහපත් අදහසක් ඇති බැවිත් මට ඒ පිලිබද උගන්නන්නට දරා ඇති උත්සාහය මට කරුණාවෙන් ප්‍රතික්ෂේප කරන්න වෙතව' මෙහි Leave your comment ට පහලින් සදහන් වෙන්නේ 'හිතේ තියෙන දේ කියන්න..' කියාය. ඉතින් ආගන්තුකයා මාත් සමග තරහ නොවනු ඇත :)
උන්මත්තක නිදහස, නිදහස සැමරීම හා උතුරේ ජන ජීවිතය යන අදහස් 3 පටලවා ගෙන ඇති සේය. ලංකාවේ ජනතාව දැන් සමරන්නේ ඔවුන් විදි හෝ විදින දුක නොව එම ජීවිතවලට යහපතක් උදා කිරීමට ලද අවස්තාවය. ඔබට තවත් තේරුම් ගැනීමට පහසු ලෙස කියන්නේ නමි ළමයකු උපන්දිනයට සමරන්නේ තමා වයසට යාම නොව තමා ලොකු වීමය. ඒ සදහා ළමයාට දොස් පැවරීම කෙතරම් සාදාරණ දැයි නැවන සිතිය යුතුය
යුද්ධයෙන් ලක්ෂ ගණනක් අවතැන්ව සිටියදී/ රණවිරුවන් දහස් ගනනක් දිවිපුදා තිබියදී යුද්ධය කරන්නේ ඇයි කියන හේතුවවත් නොදන්න අහිංසකයන් සියදහස් ගණනින් මියගොස් තිබියදී අපට පාටි දැමමින් සිටිය හැකිද?.
රටටම නිවාඩු දුන්නද සෙබළුන්ට නිවාඩු ලැබුනාද? බාගයක් ගසා කොඩියක් අතින්ගෙන දේශඅභිමානී ගීත කියමින් මදිහරියට තිත්ත කුණුහරුපද කියමින් රටවටේ දීවීම දේශප්‍රේමයද?
ඕන දෙයක් ලියපං. මම උඹ ගැන දන්නවානේ.
උන්මත්තක එකම දෙය තුන් පාරක්ම කියා ඇති බැවින් ඒ ගැනද යමක් කීමට කැමත්තෙමි :) එතකොට දිවි පිදු රණවිරුවා කැමති වනු ඇත්තේ තමා රටට ලබා දුන් නිදහස රට සමරන්නේ නැතිනම්ද? රටක් දිනා ගමට එන රණවිරුවා තම ගමේ කොඩියක් දමා නැති බව දැක සතුටු වෙයිද? ඔබ ඔය කියන අහිංසකයන්ට නිදහස සැමරුවක් නැතත් අපගේ යුතුකම් ඉටු කළ යුතුය. ඔබ නැවතත් අදහස් පටලවාගෙනය. අනික හමුදාපතිතුමාට නිවාඩු නොදෙන්නට හේතුවක් තියෙන්නට ඇත. එය නිදහස සැමරීම සමග සම්බන්දය හෝ ඔබ කියන්නට හදන දෙය මට පැහැදිලි නැත.
යුද්ධයෙන් ලක්ෂ ගණනක් අවතැන්ව සිටියදී/ රණවිරුවන් දහස් ගනනක් දිවිපුදා තිබියදී යුද්ධය කරන්නේ ඇයි කියන හේතුවවත් නොදන්න අහිංසකයන් සියදහස් ගණනින් මියගොස් තිබියදී අපට පාටි දැමමින් සිටිය හැකිද?.
බාගයක් ගසා කොඩියක් අතින්ගෙන දේශඅභිමානී ගීත කියමින් මදිහරියට තිත්ත කුණුහරුපද කියමින් රටවටේ දීවීම දේශප්‍රේමයද? දේශප්‍රේමය යනු ප්‍රදර්ශන භාණ්ඩයක්ද? නැත්තම් විලාසිතාවක්ද?
"මම දන්නා තරමට ලංකාවට ඇති ලොකුම ප්රශ්නය එහි මිනිසුන් කොඩි දැමිම හෝ නොදැමීම නමි නොවේය."
මෙතැන ඔබ කියන දේ හරියටම හරිය. 100%ක් එකඟ වෙමි. ලංකාවට ඇති ලොකුම ප්රශ්නය ලක්ෂ ගණන් අසරණ වූ මිනිස්සු ඉන්න එක නෙවෙයිය. බාගයක් ගහල කුණුහරුප දෙකතුනක් කියාගෙන දේශාභිමානී ගීතයක් කියාගෙන ඉන්න තරම් නිවාඩු නොමැතිවීමය. රතිඤ්ඤා සද්දේ නෑහෙන එකය. පාරේ වාහන යන එක නවත්වා රතිඤ්ඤා පත්තු කිරීමට අවස්තා නොවීමය. හන්දියක් හන්දියක් ගානේ DJ's play නොවීමය. කොටින්ම කියනවා නම් ප්‍රමාණවත් තරම් ආතල් නොලැබීමය.
රටක් දිනා ගමට එන රණවිරුවා කොඩි දැක සිතන දේ මොනවා උනත් මේ ආතල් ටික ඉවර වෙනකල් වත් ඔවුන්ට නිවාඩු නොලැබෙන තරමට හොඳය.
ඇත්ත, රණවිරුවන් මේ කැපවීම කරේ මේ පිස්සු කෙලියාවට නොවේය. රට ඉක්මනින් දියුණු කිරිමට බාධකයක් ඉවර කිරිමටය. නමුත් වෙන්නේ රටේ දේශාභිමානි නාමයෙන් අර්ථමත් කල යුතුදේ නැති වීමය. DJ කෑලි ඇසෙන්න අරන් බව ඇසුවෙත් අදයි! අහෝ...!
ඔබ එකම දෙය 4වෙනි වතාවටත් කියා ඇත. නිදහස සැමරිය යුතු නැතයි කියන ඔබ දැන් කියන්නේ නිදහස සැමරීමට රණවිරුවන්ට නිවාඩු දිය යුතු බවද? රණවිරුවන්ට නිවාඩු දිය යුතු බව සත්‍යය. නමුත් ඔබගේ පරස්පරවිරෝදී අදහස් නම් මට විකාරය. හමුදාපතිතුමා ඔවුන්ට නිවාඩු ලබා නුදුන්නේ ඔවුන් සමග තරහවකටවත් කුහක කමටවත් නොවන බව මට විශ්වාසය. පිටින් බැලූවිට ටිකක් කෑගසිය හැකි මාතෘකාවක් ලෙස පෙනුනද ඒ පිළිබද කෑගසිය යුතුදැයි ටිකක් බුද්ධියෙන් විමසා බැලිය යුතුය. එය දෙස ප්‍රායෝගිකව ඇස් දෙක ඇර බැලුවහොත් ඔබට වුනත් ඊට සාධාරන හේතුවක් සොයා ගැනීමට බැරි වන එකක් නැත. නමුත් ඒ ගැන කෑගසිය යුතුයයි ඔබ තවමත් සිතන්නේ නම් එය මට අදාල නැත, එසේම එය මෙම බ්ලොග් එකේ මාතෘකාවටද අදාල නැත.
කාබී පිස්සු නැටීම හෝ ආතල් දමා විකාර කිරීම වැරදි බව තර්ක කිරීමට ඔබගේ ඉමහත් බුද්ධිය වෙහෙසීම අවශ්‍ය නොවන්නේය. ඒවා නිදහස අදාල වුවත් නැතත් වැරදි බව ඕන කෙනෙකු නිතර්කයෙන් පිළිගනී. නමුත් තමන්ගේ ගේ ඉස්සරහ කොඩියක් දමා ගැනීම හෝ වාහනයේ කොඩියක් දමා ගෙන යාමද ඔබගේ ගොන් පාට් කුලකයට ඇතුල්වීම ගැන ඔබ තර්ක කිරීමට උත්සාහ ගන්නේ නම් වටී.
මා මිතුරු බින්කුද මාගේ අදහසට විරුද්ධ වීමෙන් සමහර විට මා වැරදි විය හැක :)නමුත් මා වැරදි නම් වැරදි වන්නේ ආගන්තුකයා ගොඩනගන තර්කය තුලය. ඒ පිළිබද මාගේ අදහසට මම ආගන්තුකයාගෙන් ප්‍රතිචාරයක් බලාපොරොත්තු වෙමි.
මීට මාස කීපයකට පෙර සිංහල බ්ලොග් අවකාශයට නව සාමාජිකයෙක් පැමිණියේය. "ආදර උන්මත්තක" නමින් තමාවම හඳුන්වාගත් හේ සැබැවින්ම එවන්නෙකු බව බ්ලොග් පෝස්ට් වලින් පෙනී ගියේය. ඔහුගේ ලිපි ලියා තිබුනේ අන්ත ගොබ්බ හා නෝංජල් විලාසයෙනි. ලීවේ ලව් ගැන පමණකි.
ඒත් සති කීපයකට පමණ පෙර සිට අර බ්ලොගය තුලින් පැමිණියේ කලින් සිටි උන්මත්තක නොවේ. දැන් සිටින එකා සක්‍රිය පුද්ගලයෙකි. නෝංජල් පාටි නොදමයි. professional විලාසයෙන් පෝස්ට් ලියයි, කමෙන්ට් දමයි.
සිදු වී ඇත්තේ කුමක්ද? කලින් සිටි දුප්පත් ආදර උන්මත්තක පැහැරගෙන ගොස් මරා දැමූ දුෂ්ඨයෙක් දැන් ඔහුගේ බ්ලොගය අත්පත් කරගෙන සිටීද? නැතහොත් ෂර්වුඩයේ රොබින් මෙන් ආදර උන්මත්තක යනු පදවි නාමයක් ද?
නිදහස සැමරිය යුතු නැතැයි මා කොතැනකවත් කියා නැත. ස්වප්න මෝචන සිතිවිලි ගැන මට කරන්න දෙයක් නැත.
"තමාගේ බ්ලොග් එකේ තමන් කැමති දේවල් ලියා ගැනීම මිස අනුන්ට ඕනෑ විදියට බ්ලොග් ලියන සිරිතක් නැත. එසේ බලපෑම් කිරීමට ඔබට අයිතියක් නැත" යැයි කීවේ
ඔබ කියූ "තමාගේ අදහස් ප්‍රකාෂ කිරීමෙ ශෛලිය ගැන ආගන්තුකයා තව පොඩිඩක් හිතුවොත් හොදය :)" දෙයට ප්‍රතිචාර වශයෙනි.
බ්ලොග් ලියන්න උගන්නන් හැදුවේ කව්ද?
හතරවෙනි වතාවට නොව සියවෙනි වතාවටත් ඇසුවද ඔබට පිළිතුරක් ලියාගන්නට පුළුවන් බවක් නොපෙනෙයි.
"ඒත් උඔට හිතෙන්නැද්ද අපි ඔක්කොම එකතු වෙලා ඒක පළවෙනි විදිහට දැක්කොත් කොච්චර හොදද කියල?"
ඒක පළවෙනි එක විදිහට දකිනවා නම් මාත් කැමතිය.පොඩ්ඩක් හොයලා බලන්න පළමු විදිහද දෙවැනි විදිහද කියලා.
"මා මිතුරු බින්කුද මාගේ අදහසට විරුද්ධ වීමෙන් සමහර විට මා වැරදි විය හැක"
ඇයි ඔයාගේ බ්ලොග් ටීචර් බින්කුද? මා දන්නා තරමින් බ්ලොග් ඔස්තාර් මෙන් බින්කු බ්ලොග් ටියුෂන් දෙන්නේ නැත.
"කාබී පිස්සු නැටීම හෝ ආතල් දමා විකාර කිරීම වැරදි බව තර්ක කිරීමට ඔබගේ ඉමහත් බුද්ධිය වෙහෙසීම අවශ්‍ය නොවන්නේය. "
කරන එකම එක පිස්සු නැටීමක් හෝ ආතල් දැමීමක් මහත් විනාශයකට මුල පිරිය හැක. ඇතැම්විට "දේශප්‍රේමී" රතිඤ්ඤා කරලකින්ම වැඩේ පත්තුවෙන්නට ඉඩ ඇත.
Anonymous, ඔබ කියන්නේ මම ලව් ගැන විතරක් ලිවිය යුතු යැයි කියාද? ඔබ කෙසේ නිගමනය කලත් මගේ බ්ලොග් එකේ අවසාන ලිපි 5න් දෙකක් ඇය වෙනුවෙන්ම ලියා ඇති ඒවාය.
"ගහන පළියට ලේබල් හරියන්නේ නැති වීම" මෙයට හේතුව විය හැකියැයි විස්වාස කරමි.
ආදරයට මා කෝඩු කාරයෙක් බැවින් මට professional ලව් පෝස්ට් ලියාගන්න බැරි එක ගැන මගේ පාඨකයාගෙන් සමාව ඉල්ලමි.
"යුද්ධයෙන් ලක්ෂ ගණනක් අවතැන්ව සිටියදී/ රණවිරුවන් දහස් ගනනක් දිවිපුදා තිබියදී යුද්ධය කරන්නේ ඇයි කියන හේතුවවත් නොදන්න අහිංසකයන් සියදහස් ගණනින් මියගොස් තිබියදී අපට පාටි දැමමින් සිටිය හැකිද?"
ඇත්තටම හැකිය. මන්ද, තව දුරටත් ජනයා අවතැන් නොවන බැවිනි.තවදුරටත් දහස් ගණනින් එණ විරුවන් මිය නොයන බැවිනි. තම පුතා/සොහොයුරා/සැමියා සීල් කළ පෙට්ටියකින් ගෙදර එතැයි බියක් දැන් නැති හෙයිනි. තව දුරටත් යුද්ධයේ තේරුමවත් නොදන්නා අහිංසකයින් මිය නොයන බැවිනි. එනිසා සතුටු වීමට බොහෝ කාරණා තිබේ"රටටම නිවාඩු දුන්නද සෙබළුන්ට නිවාඩු ලැබුනාද?"
රටටම නිවාඩු ලැබුණා යයි කියන්නේ කවුද? එදා ලයිට් ගියාම ඒක හැදුවේ නැද්ද? වැහුවේ කොයි ඉස්පිරිතලෙද? පොලීසි වැහුවද? මෝඩ තර්ක දමා ගොන්කම ප්‍රදර්ශනය කරන්නට එපා. අත්‍යවශ්‍ය සේවා වල නිවාඩු දීමට බැරි බව නොදන්නා තරමට උන්මත්තක අදබාල බව මම නොඅදහමි. හමුදාව යනුත් අත්‍යවශ්‍ය සේවයකි."බාගයක් ගසා කොඩියක් අතින්ගෙන දේශඅභිමානී ගීත කියමින් මදිහරියට තිත්ත කුණුහරුපද කියමින් රටවටේ දීවීම දේශප්‍රේමයද?"
උත්තරය නැත යන්නයි. එසේ දිවීම දේශප්‍රේමය යයි කිසිවකු විසින් නිර්වචනය කොටද නැත. තමාම මවා ගත් දේශප්‍රේමිත්වයේ නිර්වචන මත සිට ඒ ගැන කමෙන්ට් දැමීම රිද්ම පත්තරේ මහින්දගේ ආගිය කතා කොළමට දැමිය හැකි ලුම්පන් ජෝක් එකකි
=========================
@ උන්මත්තක
"පාටි දැමමින් සිටිය හැකිද?"
ඇත්තටම හැකිය.
"රටටම නිවාඩු දුන්නද සෙබළුන්ට නිවාඩු ලැබුනාද?"
රටටම නිවාඩු ලැබුණා යයි කියන්නේ කවුද? එදා ලයිට් ගියාම ඒක හැදුවේ නැද්ද? වැහුවේ කොයි ඉස්පිරිතලෙද? පොලීසි වැහුවද? මෝඩ තර්ක දමා ගොන්කම ප්‍රදර්ශනය කරන්නට එපා."බාගයක් ගසා කොඩියක් අතින්ගෙන දේශඅභිමානී ගීත කියමින් මදිහරියට තිත්ත කුණුහරුපද කියමින් රටවටේ දීවීම දේශප්‍රේමයද?"
උත්තරය නැත යන්නයි.රිද්ම පත්තරේ මහින්දගේ ආගිය කතා කොළමට දැමිය හැකි ලුම්පන් ජෝක් එකකි
====================
තේරුනාද උන්මන්තක බූරු ගොම් තඩියට. තෝ තොගෙ කාල්ලට ලව් කර කර හිටපන් පණ්ඩිතය වෙන්නෙ නැතුව. නැත්තන් තොගෙ කෙල්ලට ප්‍රජනනය කරනවා.
කමෙන්ටය දික් වීමට කියන්න දේවල් නොමැති නිසාදෝ මා බින්කු ගැන කී දෙයද අල්ලාගෙන මොනවාද කියවා තිබේ. ඔහු මාගේ ගුරුතුමා නොවුනද පොඩි කාලේ සිට හොද මිතුරකි. මා එසේ කීවේ සමහරුන්ට මෙන් නොව ඔහුට බොහෝ දේ වටහා ගැනීමට තරම් බුද්ධියක් ඇතිබව මා දන්නා නිසාය.
ආගන්තුකයා වෙත, මචං කමෙන්ට් කොපි පේස්ට් කර ඇති අනෝනිමස් කමෙන්ට් ටික අයින් කළොත් නම් බ්ලොග් එක ටිකක් පැහැදිලි වනු ඇත :)
96දී ක්‍රිකට් ලෝක කුසලානය දිනුවමත් මේ වගේ මිනිස්සු වීදි බැහැල ප්රිති ඝෝෂා කළා මතකද? කවුරුවත් කීවෙ නෑනෙ එහෙම නොකළ අය අපි ලෝක කුසලානය දිනුවට අකැමැතියි කියල.
කොඩි නොදැමීම පාටි නොදැමීම රතිඤ්ඤා පත්තු නොකිරීම කරන්නෙ නැති අය දේශද්‍රෝහින් කියල තිබ්බෙ කොහෙද කියල කියන්න පුළුවන්ද? උඹ මචං සැබෑ ලොවේදී මතු නොවුණ මනඃකල්පිත තර්කයක් මත මේක ලියල කියලයි මට හිතෙන්නෙ
ආගන්තුකයා ඔහුගේ උත්තරයක් දෙයි. මේ මට කියන්න තියෙන දේ.
ක්‍රිකට් ලෝක කුසලානයයි යුද්ධය ජයග්‍රහණයයි සමාන කරන්න බෑ. ලෝක කුසලානය දින්නා කියලා අමුතුවෙන් දේශපාලන වෙනසක් ඇති වෙන්න ඉඩක් ආවේ නැහැ. යුද්ධය දින්නා කියන්නේ එහෙම දෙයක් නෙමේ. ඒ දෙක සමාන කරන්න හදනවනම් කතා කරලා වැඩක් නැහැ.
සැබෑ ලෝකයේ නැති දෙයක් කියන්නේ ඔබ එවැනි දෙයකට මුහුණ පාලා නැති නිසා වෙන්න ඇති. මට මූණට කියලා තියෙනවා සමරන්නේ නැති එවුන් දේශද්‍රොහියො කියලා. තමන් අත්දැකපු නැති පළියට කිසිම දෙයක් නැහැ කියලා කියන්න බැහැ. දැන් සමරන්නේ නැත්තේ රටට ආදරය නැති නිසා කියන්න තරම් පුදුම දේශප්‍රේමියො ඉන්නවා යුද්දේ දිනුවට පස්සේ.
අනිත් කාරණය. පාටි දමමින් පිට කරන්නේ දේශප්‍රේමයද? කොටසකට එය "ඔව්". සැබෑවටම ලංකාවේ ප්‍රශ්න විසඳෙයි කියලා මෙච්චර කල් බලාපොරොත්තුවෙන් හිටිය කොටසක් ඉන්නවා. යුද්ධය කියන්නේ විසඳුම කියලා ඒ අයට ඒත්තු ගන්වලා දැන් යුද්ධය දිනුවාම ප්‍රශ්න විසඳුනා කියලා සැමරීම කරමින් ඒ අය සමරන්නේ සැබෑ දේශප්‍රේමය. මොකද එතන තමන්ගේ රටට යහපතක් වුනා කියලා විශ්වාස කරන නිසා. හැබැයි මෙ කොට්ඨාෂය අඳුන ගන්න පුලුවන් තවත් දෙයක් තමයි යුධ අනාථයින්ට සහනාධාර යැවීමටත්, යුද්ධයෙන් ආබාධිත වෙච්ච යුධ සෙබළුන්ට ආධාර කිරීමටත් ඉදිරිපත් වීම.
ඒ අතරෙම තවත් කොටසක් ඉන්නවා (සුළුතරයක් නෙවෙයි) මේක තවත් ලෝක කුසලානයක් කර ගත්ත කට්ටිය. පාරේ දිගේ නටාගෙන ආතල් දාන්න තවත් එක අවස්ථාවක් මිසක් ඒ අයට මේක අමුතු දෙයක් නෙවෙයි. සමහර විට සිංහල අපිට තිබ්බ තර්ජනය අයින් වුනා කියලා නටන අයත් ඉන්නවා. මෙච්චර කල් යුද්ධයක් තිබුනදවත් කියලා පඩේකට ගණන් ගත්ත නැති අය දැන් ඉස්සරහින්ම පැනලා නට නට යනවා. එතකොට මේ අය පිට කරන්නේ දේශප්‍රේමයද? අනිත් එක මට firsthand අත්දැකීමක් තියෙනවා, මේ අයට දැන්වත් සහනාධාර වැඩපිළිවෙලක් හදමු කිව්වාම "ප්‍රභාට සප් එක දුන්නානම් උනුත් කොටි" කියලා ප්‍රතිචාර දුන්නේ. එක තඹ සතයක් තවමත් ආධාර වලට යවලා නැති අය තමයි පෙළපාළියේ හොඳටම කොඩි වැනුවෙත් ඉස්සරහින්ම නැටුවෙත්. ආබාධිත සෙබළුන්ට ආධාර තාම කටින් දෙනවා ඒ අය. බාලගිරි දෝෂය ඒකටත් ගහලා.
ඉතින් එක් නිසා මේ නටන හැමෝම නටන්නේ දේශප්‍රේමයට කියලා happy ending ගැන සිහින මවන්න එපා. කිව්වත් වගේ අපි ඉන්නේ යුද්ධයට පසු දිනයේ නෙවෙයි, යුද්ධයට පෙර දිනයේ. අපිට නැවතත් අවස්ථාවක් තියෙනවා කලින් සිදු වෙච්ච දේවල් හරි ගස්සන්න. පාටි දානවට වැඩිය වටින්නේ ඒක.
ආගන්තුකය නුඹ මේ සැබවින්ම ආගන්තුකයෙකි....
අප අගන්තුක සත්කාර දන්නා ජාතියක් බැවින් නුඹ වැන්නවුන් හට රිසි සේ සැරිය හැක.
එසේ නොවූවේ නම්. . . . .
මචං ඔය පුටු රත්කර කර ඉදලා ඔල්මොරොන්දම් පොරවල්ගේ ආතල් තර්ජන වලට පිළිතුරු දෙන්න එපා. උන්ට ඕන තමනුත් පොරක් කියලා පොඩි ආත්ල් එකක් ගන්න. ඔය හැත්ත ඔය කියන දේශප්‍රේමය තියා අල්ලපු ගෙදර එකාටවත් ප්‍රෙමකරන එවුන් නෙවෙයි.උන් දන්නව උන් මහ තක්කඩි කියලා ඒක හින්දා හිත සනසගන්න උන්ට ඕන තමන් අයිති පාර්ශවයක් හදාගන්න. ඒකට බ්ලොග් එකක කමෙන්ට් එක හරහා උඹ දෙන සපෝර්ට් එක උන්ට මාර ආතල් එකක් දෙනවා