Skip to main content

දේශද්‍රෝහියා...


මගේ ගෙදර ගේට්ටුවේ ජාතික කොඩියක් නැත...
එම නිසා මම දේශද්‍රෝහියෙකි..
මගේ ගෙදර මිදුලේ රතිඤ්ඤා පිපිරුනේ නැත...
එම නිසා මම දේශද්‍රෝහියෙකි...
දේශප්‍රේමීන්ගේ පෙළපාලියට මා සහභාගී වූයේ නැත...
එම නිසා මම දේශද්‍රෝහියෙකි..
ප්‍රභාකරන්ගේ මල කිරිබත මට කෑමට නොහැක..
එම නිසා මම දේශද්‍රෝහියෙකි...
බාගයක් ගසා දේශාභිමානී ගීත කීමට මට බැරිවිය...
එම නිසා මම දේශද්‍රෝහියෙකි...

පිටස්තරයා නිවැරදිය
මේ ගොං පාට් හමුවේ
හෙට ප්‍රභාකරන් නැවත උපදිනු ඇත
සිදුවිය යුත්තේ මෙයද?
මා දේශද්‍රෝහියෙකි..

Comments

Anonymous said…
හුටා!!!
මාත් දේශද්‍රෝහියෙක්නේ.
Anonymous said…
මොලයට කලින් හදවත ප්‍රතිචාර දක්වන බව ඇත්ත ය.
තවත් කළු ජූලියක් නැවතත් ඇති නොවීමට පෙර එදා කළ මෝඩ කම් හෙටත් නොකිරීමට අප වග බලා ගත යුතුය.
ලාංකේය බ්ලොග් අවකාශයේ මේ පැහැබර පිබිදීම සෞභාග්‍යවත් රටක අරුණළු වේවායි පතමු.
Anonymous said…
ලැයිස්තුවෙන් මමත් දේශද්‍රෝහියෙක් වෙලා. දෙමළ ජනයා මුදව ගත්තා කියලා හිතාගෙන "යේ!!!!" කියලා කෑ ගහගෙන පාරේ දුවන්න අපිට ඕන වුනේ නැති නිසා.
සිංහලයින්ට සමරන්න අයිතියක් තියෙනවලුනේ. එහෙම බැලුවොත් අපි අසිංහලයොත් වෙනවා.
ඇයි මම, මමත් එහෙමනෙ.
අපොයි දේශද්‍රෝහියො ගොඩායිනෙ
Travel Ceylon said…
මමත් දේශද්‍රෝහියෙක් වෙලා
Anonymous said…
අනේ මට නම් දේශ ද්‍රෝහියා කියන්න එපා. මම එදත් සත්වැනි මහින්ද මහා රාජෝත්තමයානන් වහන්සේට කඩේ ගියා. අදත් යනවා. :-)

- Taboo
Narada said…
මාත් බැලුවාම ඔන්න දේශදෝහි ගොඩට අයත් නෙව!

බිලොග්වල වෙස් පොත්වල හා IM වල පින්තුර වෙනස් නොකරපු අයත් දේශ‍ද්‍රෝහියෙක් වෙලා!
said…
මම නම් එදා ඉඳලාම ඔය ගොඩේ.
විකිනෙනන් වෙලාවනේ කියල රතිඤ්ඤා වෙනදටත් වඩා වැඩි ගානට විකුනන එකා දේශප්‍රේමියා හැබැයි එහෙම අරන් පත්තු කලේ නැත්ත්නම් ඌ ද්‍රෝහියා
ජයවේවා!!!
malee_msg said…
හොද වෙළාවට අපේ ගෙදර අනිත් දෙන්නාගෙන් කෙනෙක් කොඩියක් හිටවලා ගෙදර ඉස්සරහා.. ඒක නිසා ඔන්න මම නම් දේශප්‍රේමි.. හැබැයි ඉතිං මගේ බ්ලොග් එකේ මම මගේ අදහස් ලියන නිසා මම කොටියට කඩේ යනවාලුනේ.. ඒ අතින් මම දේශද්‍රෝහියළු. ‍මහින්ද මාමාව හම්බවුනොත් අහන්න ඕනි.. මැදුම් පිළිවෙතක් කියලා එකක් නැද්ද කියලා.
Malith said…
දේශද්‍රෝහිත්වය හෝ ‍දේශප්‍රේමිත්වය කොඩියක් දැමිම හෝ නොදැමිම මත රදන්නේ කෙසේදැයි මටනං තේරෙන්නේ නැත. ඵහෙනමි මමද දේශද්‍රෝහියෙති.
නමුත් මෙම බිලොග් කරෑ තමාගේ හදෙහි ඇතිවූ දේශප්‍රේමිත්වය පදර්ශන‍ය කරගත නොහැකිව ඇතිවූ වරදකාරී හෑගීම එය යමිකිසි අයුරකින් පදර්ශන‍ය කරවුන්හට අපහාස කිරීමෙන් නැතිකරගැනීමට හදන්නේ නමි එයද වැරදිය.
පෙනෙන හැටියට කතාවද එයමය.
මම දන්නා තරමට ලංකාවට ඇති ලොකුම ප‍්‍රශ්නය එහි මිනිසුන් කොඩි දැමිම හෝ නොදැමීම නමි නොවේය.
Malith said…
This comment has been removed by the author.
මලිත් වෙත .. මා කියන්නට හදනා දෙය තේරුම් නොගෙන කරුණු කාරණා ගෙනහැර පෑම වැරදිය..ඇත්තටම අවශ්‍ය වනුයේ මෙසේ අධි සතුටක් විඳීමද මට බොරු දේශප්‍රේමියෙක් වීමට ඕනෑ තරම් අවස්ථා තිබුනි.. මමත් ඇතුලු තවත් කිහිපදෙනෙකු ඒවා වර්ජනය කලේ අපට අවශ්‍ය වන දෙය එතැනින් ඉටු නොවන නිසාවෙනි... මෙය වැරදි වීමට පුලුවන ඒත් මම එයට විරුද්ධය ඒ ගැන පිටස්තරයා සාක්ෂි දරනු ඇත. ත්‍රස්තවාදය නැති කිරීම හොඳය.. නමුත් නැවත එය ඇතිවීම වැලැක්වීම අප අතින් විය යුතුය.. නැතිනම් එය තවත් යුද්ධයක ඇරඹුමක් විය හැක..
එලඹ ඇත්තේ ත්‍රස්තවදය ඇතිවූ දිනට කලින් දිනයයි.. හෙට එය ඇතිවනවාද නැද්ද යන්න අපි තීරණය කල යුතුය.. මම කියන්නට අදහස් කලේ එයයි නැතිනම් ඕනෑ එකෙකු ඕනෑ ආතල් එකක් දැමීම ගැන මට අදාලත්වයක් නැත..
This comment has been removed by the author.
මලිත සහෝදරයා, දේශප්‍රේමය කියන්නේ ප්‍රදර්ශන භාණ්ඩයක් නොවෙන බව කවුරු කවුරුත් වටහා ගත යුතුයි. යුද්‍ධයෙන් දහස් ගණනක් ජීවිත නැතිවී ඇත. රටේ ජීවනාලිය බඳු තරුණ පරපුර, අහිංසයන්ගේ දහස් ගනනක්ම අබ්බගාතයන් කරඇත. යුද්ධය ඉවර වීම හොඳය. නැවත එය අවුළුවන ගොන් පාට් නොදැමිය යුතුය.
රටටම නිවාඩු දුන්නද සෙබළුන්ට නිවාඩු ලැබුනාද? බාගයක් ගසා දේශඅභිමානී ගීත මදිහරියට තිත්ත කුණුහරුපද කියමින් රටවටේ දීවීම දේශප්‍රේමයද?
මේ බ්ලොග් සටහනේ අපහාසාත්මක බවක් පෙනෙන්නට තිබේ නම් එය කරගෙන ඇත්තේ බ්ලොග්කරුම ‍ඔහුට දේශද්‍රෝහියා කියා ගැනීමය. එහි ඇති වරදක් මම නම් නොදකිමි.
මේ ආකාරයෙන්ම මමත් දේශද්‍රෝහියෙක්මි.
"ම" ගේ ‍කමෙන්ටයට වැදගත් අදහසක් නිසා නැවත ලියාතබමි.
"විකිනෙනන් වෙලාවනේ කියල රතිඤ්ඤා වෙනදටත් වඩා වැඩි ගානට විකුනන එකා දේශප්‍රේමියා හැබැයි එහෙම අරන් පත්තු කලේ නැත්ත්නම් ඌ ද්‍රෝහියා
ජයවේවා!!!"
Sankha said…
අනේ ආගන්තුකයා අපේ පැත්ත ගැන කියන්න දෙයක් නැනේ. මචං මමත් ඔය කතාව අහපු ගමන් බ්ලොග් පෝස්ට් එකක් ලිවිවා. ඒත් තාම දාන්න බැරිවුනා. ඒකේත් අදහස නම් උඹේ වගේම තමයි. හැබැයි යන විදිහ ටිකක් වෙනස්. මම ඒක උඹෙන් කෙලින්ම ගත්තා නෙවෙයි
Malith said…
කාරනා මා වැරදියට තේරෑමි ගෙන ඇත්නමි මම සමාව ඉල්ලමි. නමුත් ආගන්තුකයා තමාට දේශද්‍රෝහියා කීමෙන් තමාට අපහාසයක් කර ගැනීමට අදහස් තොකල බව නමි මට තේරේ :)
ත්රස්තවාදය ඇති වීමට බලපෑ හේතු නැවත ඇති නොවීමට වගබලාගත යුතු බව සත්‍යය‍. එසේනමි ත්රස්තවාදය ඇතිවීමට හේතුව 48 තිදහස කොඩි දමා සැමරීමද? නමුත් ත්රස්තවාදය ඇතිවන්නේ 70 දශකයේය. ඒ කාලයේ අපේ මිනිසුන් වැරදියට සැමරුවෙ මොන නිදහසද? මා දකින හැටියට වැරද්ද සිදුවුයේ 56න් පසුව අප දුටු පරිපූර්න ලංකාවෙහි දමිලයන් කොටස්කරුවන් නොවීමෙන්ය. රාජ්‍ය භාෂා සංකල්පය එහි ප්රතිපලයකි. නමුත් ලංකාවේ මිනිසුන් දැන් නව දැක්මකින් අතාගත ලංකාව දකිති. අප මෙ නිදහස සමරන්නේ දමිලයන්ද එහි කොටස් කරුවත් කරගනිමින්ය. ඉතින් ත්රස්තවාදය ඇතිවීම නිදහස සැමරීම හා සමිබන්ද වීම මටනමි නොතේරෙන හරුපයකි.
අප සිතන්නේ වෙනස් ආකාරවලටය. නිවසින් පිටවූ මොහොතේ සිට සතර දෙස ලාංකික කොඩි දැකීමෙන් මාගේ හදවතට දැනෙන හැගීම පුහු ආටෝපයක් යැයි පිලිගැනීමට මට න‍මි නොහැක. ඔබ එය පුහු ආටෝපයක් ලෙස දැක එය වර්ජනය කරන්නේ නමි එහිද වැරද්දක් නැත. නමුත් මා කතා කලේ මෙහි සැගවී ඇති අපහාසය ගැනය. උන්මත්තක කියන පරිදි එහි අපහාසයක් නොවන්නේ නමි මටද ඒ ගැන ප්රශ්නයක් නැත :) නමුත් කාරනය එය නමි තමාගේ අදහස් ප්රකාෂ කිරීමෙ ශෛලිය ගැන ආගන්තුකයා තව පොඩිඩක් හිතුවොත් හොදය :)
"මා දකින හැටියට වැරද්ද සිදුවුයේ 56න් පසුව අප දුටු පරිපූර්න ලංකාවෙහි දමිලයන් කොටස්කරුවන් නොවීමෙන්ය."
මේක සමඟ නම් එකඟ වෙන්න පුළුවන්.

මේ නිදහස 48 නිදහස සමඟ ගලපා ගන්නට යන්නේ නම් ඌ එහෙමත් මෝඩයෙකි.
යුද්ධයෙන් ලක්ෂ ගණනක් අවතැන්ව සිටියදී/ රණවිරුවන් දහස් ගනනක් දිවිපුදා තිබියදී යුද්ධය කරන්නේ ඇයි කියන හේතුවවත් නොදන්න අහිංසකයන් සියදහස් ගණනින් මියගොස් තිබියදී අපට පාටි දැමමින් සිටිය හැකිද?.
රටටම නිවාඩු දුන්නද සෙබළුන්ට නිවාඩු ලැබුනාද? බාගයක් ගසා කොඩියක් අතින්ගෙන දේශඅභිමානී ගීත කියමින් මදිහරියට තිත්ත කුණුහරුපද කියමින් රටවටේ දීවීම දේශප්‍රේමයද?
අපහාස වූයේ ලිපියේ කොතැනද කාහටද ගන්න පවසන්නේ නම් අදහසක් පැවසිය හැකිය.
"නමුත් කාරනය එය නමි තමාගේ අදහස් ප්රකාෂ කිරීමෙ ශෛලිය ගැන ආගන්තුකයා තව පොඩිඩක් හිතුවොත් හොදය"
තමාගේ බ්ලොග් එකේ තමන් කැමති දේවල් ලියා ගැනීම මිස අනුන්ට ඕනෑ විදියට බ්ලොග් ලියන සිරිතක් නැත. එසේ බලපෑම් කිරීමට ඔබට අයිතියක් නැත.
බ්ලොග් අවකාශයේ අදහස් පාලනය කිරීමට දේශප්‍රේමීන් යැයි කියාගන්නවුන්වත් දේශද්‍රෝහීන් යැයි හංවඩු ගැසූවන්වත් අවශ්‍ය නැත.
Malith said…
හහ් හ!! උන්මත්තකට උන්මත්තක විලාශයෙන් හැසිරීමට අවශ්‍යතාවයක් නැත. මම 48 නිදහසෙන් උපුටා ගත් දෙය ඔබට තේරී නැති බව නමි පෙනේ :)මාගේ සංවාදය ආගන්තුකයා සමග බැවින් ඔහු එය තේරුමි ගත්තොත් ඇතිය. එය අදාල වන්නේ ආගන්තුකයා 'එලඹ ඇත්තේ ත්‍රස්තවදය ඇතිවූ දිනට කලින් දිනයයි..' යැයි කල කීමටය. උන්මත්තක තමාට නොතේ‍රෙන හෝ නොගැලපෙන දේ කියන අයට මෝඩයින් කීමටද තමාට නොතේරෙන හැගීමි ප්රකාෂයන්ට ගොත් පාට් කීමටද උත්සුක වන බව පෙනේ:) බ්ලොග් අවකාශයේ අදහස් පාලනය කිරීමට මට අවශ්‍යතාවයක් නැති වුවද ආගන්තුකයාගේ බ්ලොග් එකෙහි හරවත් බාවයට ඉන් වන හානිය ගැනනම් ම‍ට දුකක් ඇත. ඔබ ගොත් පාට් කියා ඇත්තේ ඉහත මා කී ඔබට නොතේරෙන හැගීමි ප්රකාෂයන්ටය. ඒ ගැන තව ටිකක් හිතුවොත් අපහාසය කුමක්දැයි ඔබටම තේරෙනු ඇත.
මට බ්ලොග් කිරීම පිලිබද ඔබට බොහෝ පෙර සිට යහපත් අදහසක් ඇති බැවිත් මට ඒ පිලිබද උගන්නන්නට දරා ඇති උත්සාහය මට කරුණාවෙන් ප්රතික්ෂේප කරන්න වෙත‍ව' මෙහි Leave your comment ට පහලින් සදහන් වෙන්නේ 'හිතේ තියෙන දේ කියන්න..' කියාය. ඉතින් ආගන්තුකයා මාත් සමග තරහ නොවනු ඇත :)
උන්මත්තක නිදහස, නිදහ‍ස සැමරීම හා උතුරේ ජන ජීවිතය යන අදහස් 3 පටලවා ගෙන ඇති සේය. ලංකාවේ ජනතාව දැන් සමරන්නේ ඔවුන් විදි හෝ විදින දුක ‍නොව එම ජීවිතවලට යහපතක් උදා කිරීමට ලද අවස්තාවය. ඔබට තවත් තේරුම් ගැනීමට පහසු ලෙස කියන්නේ නමි ළමයකු උපන්දිනයට සමරන්නේ තමා වයසට යාම නොව තමා ලොකු වීමය. ඒ සදහා ළමයාට දොස් පැවරීම කෙතරම් සාදාරණ දැයි නැවන සිතිය යුතුය
කතාව එසේ නම් වැඩිහිටියන්ද උපන්දිනය සමරනුයේ සිය ලොකුවීම පිලිඹඳ දැඩි සතුටකින් විය යුතුය.. ඇත්තටම මේක සමරන විදිහ හරිද ඔතන තමා මලිත් අපි හිරවෙන තැන... මේ නිදහස 48 නිදහස සමග සංසන්දනය කිරීම නොවටිනා බව මගේ හැඟීමය. 48 නිදහස අප රටක් ලෙස සාමුහිකව ලබාගත් නිදහසකි.. සිංහලයින් ඉන් පසු මහ ජාතිය කියලා පට්ටමක් ගහගෙන කලේ තමන් මහ ජාතිය කියලා ප්‍රදර්ශන කිරීම විනා හැමෝම එකතුකරගෙන යන ගමනක් ගැන නම් නොවෙන බව මගේ පෞද්ගලික හැඟීමයි. දැනුත් සිංහලයින් ත්‍රස්තවාදයෙන් ලබාගත් නිදහසද සමරනුයේ අපි තමා මහ ජාතිය කියන එක අනික් සුළු ජාතීන්ට පෙන්නන්න නොවෙයිද... ඔතන තම මචං අපිට කවදා හරි වැරදුනොත් වරදින්නේ.. තාම කුමර් පද්මනාදන් ජීවතුන් අතර සිටී.. ඒ කියන්නේ කොටි සමූල ඝාතනය වී නැත... මෙය හිතෙන් නොව මොලෙන් වැඩ කල යුතු අවස්තාවකි.. මම නැවතත් කියනුයේ අද අපි කරන එක ගොන් වැඩකින් හෙට ප්‍රභාකරන් නැවත උපදිනු ඇත යන්නය...
බ්ලොග් ඔස්තාර්තුමනි,
යුද්ධයෙන් ලක්ෂ ගණනක් අවතැන්ව සිටියදී/ රණවිරුවන් දහස් ගනනක් දිවිපුදා තිබියදී යුද්ධය කරන්නේ ඇයි කියන හේතුවවත් නොදන්න අහිංසකයන් සියදහස් ගණනින් මියගොස් තිබියදී අපට පාටි දැමමින් සිටිය හැකිද?.
රටටම නිවාඩු දුන්නද සෙබළුන්ට නිවාඩු ලැබුනාද? බාගයක් ගසා කොඩියක් අතින්ගෙන දේශඅභිමානී ගීත කියමින් මදිහරියට තිත්ත කුණුහරුපද කියමින් රටවටේ දීවීම දේශප්‍රේමයද?
@පාලිත,
ඕන දෙයක් ලියපං. මම උඹ ගැන දන්නවානේ.
Malith said…
ආගන්තුකයා වෙත, අප නිදහ‍ස සමරනුයේ අප මහ ජාතිය යැයි පෙන්වා කාලකන්නි සතුටක් ලැබීමට නම් එය වැරදි බවට කර්කයක් නැත. ලංකාවේ සුලු ජාතීන් හෝ මහ ජාතීන් නැති බවද ආයෙත් ත්රස්තවාදය ඇති වන තැනට වැඩ නොකළ යුතු බවද යන කාරණා දෙකේදී අපි ඉන්නේ එකම තැනය. ඒත් මචං මිනිහෙක් තමන්ගෙ ගේ ඉස්සරහ කොඩියක් දැමීමෙන් බලාපොරොත්තු වෙන්නේ තමන් 30 අවුරුද්දක් තිස්සේ දුටු ත්රස්තවාදයේ අවසානය සැමරීමද නැත්නම් ආත්මාර්තකාමී ජාතිවාදය ප්රදර්ශනයද යන්න ගැටලුවකි. එය හුදෙක් අප එය දෙස බලන දෘෂ්ඨි කෝණය මතම රදා පවතී. එය දෙවන ආකාරයට දකින ඔබ එය ප්රතික්ෂේප කරයි. එය දෙවන ආකාරයට දකින දමිලයා ත්රස්තවාදයේ උප්පත්තිය විය හැක. ඒත් උඔ‍ට හිතෙන්නැද්ද අපි ඔක්කොම එකතු වෙලා ඒක පළවෙනි විදිහට දැක්කොත් කොච්චර හොදද කියල? මටත් ඒ දිහා දෙවෙනි විදිහට බලා ප්රතික්ෂේප කළ හැකි වුනත් මම ඒදිහා බලන්නේ පලවෙනි කෝණයෙන් නිසා මට එම සැමරීමෙහි වරදක් පෙනෙන්නේ නැත. උඔ හිතන්නේ රටට වඩාත් යහපත් වෙන්නේ අපි ඒ දිහා මොන විදියට බැලුවොත්ද?
උන්මත්තක එකම දෙය තුන් පාරක්ම කියා ඇති බැවින් ඒ ගැනද යමක් කීමට කැමත්තෙමි :) එතකොට දිවි පිදු රණවිරුවා කැමති වනු ඇත්තේ තමා රටට ලබා දුන් නිදහස රට සමරන්නේ නැතිනම්ද? රටක් දිනා ගමට එන රණවිරුවා තම ගමේ කොඩියක් දමා නැති බව දැක සතු‍ටු වෙයිද? ඔබ ඔය කියන අහිංසකයන්ට නිදහස සැමරුවක් නැතත් අපගේ යුතුකම් ඉටු කළ යුතුය. ඔබ නැවතත් අදහස් පටලවාගෙනය. අනික හමුදාපතිතුමාට නිවාඩු නොදෙන්නට හේතුවක් තියෙන්නට ඇත. එය නිදහස සැමරීම සමග සම්බන්දය හෝ ඔබ කියන්නට හදන දෙය මට පැහැදිලි නැත.
අනුන්ට බ්ලොග් ලිවීම ඉගැන්වීමට එන බ්ලොග් ඔස්තාර්තුමා සිටින්නේ වලිගය පාගාගෙනය. ඔහුගේ ස්වප්න මෝචන සිතිවිලි ගැන මට කරන්න ‍දෙයක් නැත. එකම ප්‍රශ්නය කිහිපවාරයක්ම අසා ඇත්තේ එවාට පිළිතුරුදීම ඔබ මඟහැර යන නිසාය. එක ප්‍රශ්නයකට පමණක් උත්තර දෙන්නට අසාර්ථක උත්සහයක් දරා තිබේ. රටටම නිවාඩු ලැබුනේ "නිදහස සමරන්න" කියා නොවේද? ඒ නිදහස අපට ලබාදුන් රණවිරුවන් එහි ඉහලම කොටස්කරුවන් වියයුතු නැද්ද?

යුද්ධයෙන් ලක්ෂ ගණනක් අවතැන්ව සිටියදී/ රණවිරුවන් දහස් ගනනක් දිවිපුදා තිබියදී යුද්ධය කරන්නේ ඇයි කියන හේතුවවත් නොදන්න අහිංසකයන් සියදහස් ගණනින් මියගොස් තිබියදී අපට පාටි දැමමින් සිටිය හැකිද?.

බාගයක් ගසා කොඩියක් අතින්ගෙන දේශඅභිමානී ගීත කියමින් මදිහරියට තිත්ත කුණුහරුපද කියමින් රටවටේ දීවීම දේශප්‍රේමයද? දේශප්‍රේමය යනු ප්‍රදර්ශන භාණ්ඩයක්ද? නැත්තම් විලාසිතාවක්ද?

"මම දන්නා තරමට ලංකාවට ඇති ලොකුම ප‍්‍රශ්නය එහි මිනිසුන් කොඩි දැමිම හෝ නොදැමීම නමි නොවේය."
මෙතැන ඔබ කියන දේ හරියටම හරිය. 100%ක් එකඟ වෙමි. ලංකාවට ඇති ලොකුම ප්‍රශ්නය ලක්ෂ ගණන් අසරණ වූ මිනිස්සු ඉන්න එක නෙවෙයිය. බාගයක් ගහල කුණුහරුප දෙකතුනක් කියාගෙන දේශාභිමානී ගීතයක් කියාගෙන ඉන්න තරම් නිවාඩු නොමැතිවීමය. රතිඤ්ඤා සද්දේ නෑහෙන එකය. පාරේ වාහන යන එක නවත්වා රතිඤ්ඤා පත්තු කිරීමට අවස්තා නොවීමය. හන්දියක් හන්දියක් ගානේ DJ's play නොවීමය. කොටින්ම කියනවා නම් ප්‍රමාණවත් තරම් ආතල් නොලැබීමය.
රටක් දිනා ගමට එන රණවිරුවා කොඩි දැක සිතන දේ මොනවා උනත් මේ ආතල් ටික ඉවර වෙනකල් වත් ඔවුන්ට නිවාඩු නොලැබෙන තරමට හොඳය.
Narada said…
@උන්මන්තක

ඇත්ත, රණවිරුවන් මේ කැපවීම කරේ මේ පිස්සු කෙලියාවට නොවේය. රට ඉක්මනින් දියුණු කිරිමට බාධකයක් ඉවර කිරිමටය. නමුත් වෙන්නේ රටේ දේශාභිමානි නාමයෙන් අර්ථමත් කල යුතුදේ නැති වීමය. DJ කෑලි ඇසෙන්න අරන් බව ඇසුවෙත් අදයි! අහෝ...!
Malith said…
උන්මත්තක වෙත, "තමාගේ බ්ලොග් එකේ තමන් කැමති දේවල් ලියා ගැනීම මිස අනුන්ට ඕනෑ විදියට බ්ලොග් ලියන සිරිතක් නැත. එසේ බලපෑම් කිරීමට ඔබට අයිතියක් නැත" මින් පේන්නේ බ්ලොග් කිරීම පිළිබද උගන්නන්නට ගොස් ඇත්තේ ඔබමය. ඔබ දැන් එය මගේ පිටට දමා දොඩවන්නේ ඇයිදැයි මමනං දන්නේ නැත. ඔබගේ අපහාසයෙන් තොරව අදහස් ප්රකාෂ කිරීමේ නොහැකියාව ‍ගැන දුක් වෙනවා හැර මට කළ හැකි දෙයක් නැත. නමුත් බ්ලොග් ඔස්තාර් නම නරකමද නැත :)
ඔබ එකම දෙය 4වෙනි වතාවටත් කියා ඇත. නිදහස සැමරිය යුතු නැතයි කියන ඔබ දැන් කියන්නේ නිදහස සැමරීමට රණවිරුවන්ට නිවාඩු දිය යුතු බවද? රණවිරුවන්ට නිවාඩු දිය යුතු බව සත්‍යය. නමුත් ඔබගේ පරස්පරවිරෝදී අදහස් නම් මට විකාරය. හමුදාපතිතුමා ඔවුන්ට නිවාඩු ලබා නුදුන්නේ ඔවුන් සමග තරහවකටවත් කුහක කමටවත් නොවන බව මට විශ්වාසය. පිටින් බැලූවිට ටිකක් කෑගසිය හැකි මාතෘකාවක් ලෙස පෙනුනද ඒ පිළිබද කෑගසිය යුතුදැයි ටිකක් බුද්ධියෙන් විමසා බැලිය යුතුය. එය දෙස ප්රායෝගිකව ඇස් දෙක ඇර බැලුවහොත් ‍ඔබට වුනත් ඊට සාධාරන හේතුවක් සොයා ගැනීමට බැරි වන එකක් නැත. නමුත් ඒ ගැන කෑගසිය යුතුයයි ඔබ තවමත් සිතන්නේ නම් එය මට අදාල නැත, එසේම එය මෙම බ්ලොග් එකේ මාතෘකාවටද අදාල නැත.
කාබී පිස්සු නැටීම හෝ ආතල් දමා විකාර කිරීම වැරදි බව තර්ක කිරීමට ඔබගේ ඉමහත් බුද්ධිය වෙහෙසීම අවශ්‍ය නොවන්නේය. ඒවා නිදහස අදාල වුවත් නැතත් වැරදි බව ඕන කෙනෙකු නිතර්කයෙන් පිළිගනී. නමුත් තමන්ගේ ගේ ඉස්සරහ කොඩියක් දමා ගැනීම හෝ වාහනයේ කොඩියක් දමා ගෙන යාමද ඔබගේ ගොන් පාට් කුලකයට ඇතුල්වීම ගැන ඔබ තර්ක කිරීමට උත්සාහ ගන්නේ නම් වටී.
මා මිතුරු බින්කුද මාගේ අදහසට විරුද්ධ වීමෙන් සමහර විට මා වැරදි විය හැක :)නමුත් මා වැරදි නම් වැරදි වන්නේ ආගන්තුකයා ගොඩනගන තර්කය තුලය. ඒ පිළිබද මාගේ අදහසට මම ආගන්තුකයාගෙන් ප්රතිචාරයක් බලාපොරොත්තු වෙමි.
Anonymous said…
එක දෙයක් පමණක් මට මීටර් විය.

මීට මාස කීපයකට පෙර සිංහල බ්ලොග් අවකාශයට නව සාමාජිකයෙක් පැමිණියේය. "ආදර උන්මත්තක" නමින් තමාවම හඳුන්වාගත් හේ සැබැවින්ම එවන්නෙකු බව බ්ලොග් පෝස්ට් වලින් පෙනී ගියේය. ඔහුගේ ලිපි ලියා තිබුනේ අන්ත ගොබ්බ හා නෝංජල් විලාසයෙනි. ලීවේ ලව් ගැන පමණකි.

ඒත් සති කීපයකට පමණ පෙර සිට අර බ්ලොගය තුලින් පැමිණියේ කලින් සිටි උන්මත්තක නොවේ. දැන් සිටින එකා සක්‍රිය පුද්ගලයෙකි. නෝංජල් පාටි නොදමයි. professional විලාසයෙන් පෝස්ට් ලියයි, කමෙන්ට් දමයි.

සිදු වී ඇත්තේ කුමක්ද? කලින් සිටි දුප්පත් ආදර උන්මත්තක පැහැරගෙන ගොස් මරා දැමූ දුෂ්ඨයෙක් දැන් ඔහුගේ බ්ලොගය අත්පත් කරගෙන සිටීද? නැතහොත් ෂර්වුඩයේ රොබින් මෙන් ආදර උන්මත්තක යනු පදවි නාමයක් ද?
This comment has been removed by the author.
බ්ලොග් ඔස්තාරුතුමාට , නැවත වතාවක් ඉල්ලා සිටින්නේ කමෙන්ට් දැමීමට පෙර වලිගය තියෙන තැන සොයාබලන ලෙසය.
නිදහස සැමරිය යුතු නැතැයි මා කොතැනකවත් කියා නැත. ස්වප්න මෝචන සිතිවිලි ගැන මට කරන්න ‍දෙයක් නැත.

"තමාගේ බ්ලොග් එකේ තමන් කැමති දේවල් ලියා ගැනීම මිස අනුන්ට ඕනෑ විදියට බ්ලොග් ලියන සිරිතක් නැත. එසේ බලපෑම් කිරීමට ඔබට අයිතියක් නැත" යැයි කීවේ
ඔබ කියූ "තමාගේ අදහස් ප්රකාෂ කිරීමෙ ශෛලිය ගැන ආගන්තුකයා තව පොඩිඩක් හිතුවොත් හොදය :)" දෙයට ප්‍රතිචාර වශයෙනි.
බ්ලොග් ලියන්න උගන්නන් හැදුවේ කව්ද?
හතරවෙනි වතාවට නොව සියවෙනි වතාවටත් ඇසුවද ඔබට පිළිතුරක් ලියාගන්නට පුළුවන් බවක් නොපෙනෙයි.
"ඒත් උඔ‍ට හිතෙන්නැද්ද අපි ඔක්කොම එකතු වෙලා ඒක පළවෙනි විදිහට දැක්කොත් කොච්චර හොදද කියල?"
ඒක පළවෙනි එක විදිහට දකිනවා නම් මාත් කැමතිය.පොඩ්ඩක් හොයලා බලන්න පළමු විදිහද දෙවැනි විදිහද කියලා.
"මා මිතුරු බින්කුද මාගේ අදහසට විරුද්ධ වීමෙන් සමහර විට මා වැරදි විය හැක"
ඇයි ඔයාගේ බ්ලොග් ටීචර් බින්කුද? මා දන්නා තරමින් බ්ලොග් ඔස්තාර් මෙන් බින්කු බ්ලොග් ටියුෂන් දෙන්නේ නැත.
"කාබී පිස්සු නැටීම හෝ ආතල් දමා විකාර කිරීම වැරදි බව තර්ක කිරීමට ඔබගේ ඉමහත් බුද්ධිය වෙහෙසීම අවශ්‍ය නොවන්නේය. "
කරන එකම එක පිස්සු නැටීමක් හෝ ආතල් දැමීමක් මහත් විනාශයකට මුල පිරිය හැක. ඇතැම්විට "දේශප්‍රේමී" රතිඤ්ඤා කරලකින්ම වැඩේ පත්තුවෙන්නට ඉඩ ඇත.

Anonymous, ඔබ කියන්නේ මම ලව් ගැන විතරක් ලිවිය යුතු යැයි කියාද? ඔබ කෙසේ නිගමනය කලත් මගේ බ්ලොග් එකේ අවසාන ලිපි 5න් දෙකක් ඇය වෙනුවෙන්ම ලියා ඇති ඒවාය.
"ගහන පළියට ලේබල් හරියන්නේ නැති වීම" මෙයට හේතුව විය හැකියැයි විස්වාස කරමි.

ආදරයට මා කෝඩු කාරයෙක් බැවින් මට professional ලව් පෝස්ට් ලියාගන්න බැරි එක ගැන මගේ පාඨකයාගෙන් සමාව ඉල්ලමි.
Anonymous said…
This comment has been removed by a blog administrator.
Anonymous said…
This comment has been removed by a blog administrator.
Anonymous said…
This comment has been removed by a blog administrator.
Anonymous said…
This comment has been removed by a blog administrator.
Anonymous said…
This comment has been removed by a blog administrator.
Anonymous said…
This comment has been removed by a blog administrator.
Anonymous said…
This comment has been removed by a blog administrator.
Anonymous said…
This comment has been removed by a blog administrator.
Anonymous said…
This post has been removed by the author.
Anonymous said…
This comment has been removed by a blog administrator.
Anonymous said…
This comment has been removed by a blog administrator.
Anonymous said…
This comment has been removed by a blog administrator.
Anonymous said…
This comment has been removed by a blog administrator.
This comment has been removed by a blog administrator.
ආගන්තුකයෝ, මගේ නමින් ‍දාලා තියෙන කුණුහරුප කමෙන්ට් එක මම දාපු එකක් නෙවෙයි. මා කමෙන්ට් යොදනුයේ blogger ID මඟින් පමණි.
ඉහත උන්මත්තක නමින් ලියූ සටහන මා විසින් ඉවත් කරන ලදී.
Anonymous said…
කාට හරි වෙනම පිස්සුවක් ගහලා තියෙන්නේ ඇනොනිමස් වෙන්න!!!
මිගාර said…
@ උන්මත්තක

"යුද්ධයෙන් ලක්ෂ ගණනක් අවතැන්ව සිටියදී/ රණවිරුවන් දහස් ගනනක් දිවිපුදා තිබියදී යුද්ධය කරන්නේ ඇයි කියන හේතුවවත් නොදන්න අහිංසකයන් සියදහස් ගණනින් මියගොස් තිබියදී අපට පාටි දැමමින් සිටිය හැකිද?"

ඇත්තටම හැකිය. මන්ද, තව දුරටත් ජනයා අවතැන් නොවන බැවිනි.තවදුරටත් දහස් ගණනින් එණ විරුවන් මිය නොයන බැවිනි. තම පුතා/සොහොයුරා/සැමියා සීල් කළ පෙට්ටියකින් ගෙදර එතැයි බියක් දැන් නැති හෙයිනි. තව දුරටත් යුද්ධයේ තේරුමවත් නොදන්නා අහිංසකයින් මිය නොයන බැවිනි. එනිසා සතුටු වීමට බොහෝ කාරණා තිබේ"රටටම නිවාඩු දුන්නද සෙබළුන්ට නිවාඩු ලැබුනාද?"
රටටම නිවාඩු ලැබුණා යයි කියන්නේ කවුද? එදා ලයිට් ගියාම ඒක හැදු‍වේ නැද්ද? වැහුවේ කොයි ඉස්පිරිතලෙද? පොලීසි වැහුවද? මෝඩ තර්ක දමා ගොන්කම ප්‍රදර්ශනය කරන්නට එපා. අත්‍යවශ්‍ය සේවා වල නිවාඩු දීමට බැරි බව නොදන්නා තරමට උන්මත්තක අදබාල බව මම නොඅදහමි. හමුදාව යනුත් අත්‍යවශ්‍ය සේවයකි."බාගයක් ගසා කොඩියක් අතින්ගෙන දේශඅභිමානී ගීත කියමින් මදිහරියට තිත්ත කුණුහරුපද කියමින් රටවටේ දීවීම දේශප්‍රේමයද?"
උත්තරය නැත යන්නයි. එසේ දිවීම දේශප්‍රේමය යයි කිසිවකු විසින් නිර්වචනය කොටද නැත. තමාම මවා ගත් දේශප්‍රේමිත්වයේ නිර්වචන මත සිට ඒ ගැන කමෙන්ට් දැමීම රිද්ම පත්තරේ මහින්දගේ ආගිය කතා කොළමට දැමිය හැකි ලුම්පන් ජෝක් එකකි
Anonymous said…
මේ ටික බලල තේරුම් ගනින්
=========================
@ උන්මත්තක

"පාටි දැමමින් සිටිය හැකිද?"

ඇත්තටම හැකිය.

"රටටම නිවාඩු දුන්නද සෙබළුන්ට නිවාඩු ලැබුනාද?"

රටටම නිවාඩු ලැබුණා යයි කියන්නේ කවුද? එදා ලයිට් ගියාම ඒක හැදු‍වේ නැද්ද? වැහුවේ කොයි ඉස්පිරිතලෙද? පොලීසි වැහුවද? මෝඩ තර්ක දමා ගොන්කම ප්‍රදර්ශනය කරන්නට එපා."බාගයක් ගසා කොඩියක් අතින්ගෙන දේශඅභිමානී ගීත කියමින් මදිහරියට තිත්ත කුණුහරුපද කියමින් රටවටේ දීවීම දේශප්‍රේමයද?"

උත්තරය නැත යන්නයි.රිද්ම පත්තරේ මහින්දගේ ආගිය කතා කොළමට දැමිය හැකි ලුම්පන් ජෝක් එකකි
====================
තේරුනාද උන්මන්තක බූරු ගොම් තඩියට. තෝ තොගෙ කාල්ලට ලව් කර කර හිටපන් පණ්ඩිතය වෙන්නෙ නැතුව. නැත්තන් තොගෙ කෙල්ලට ප්‍රජනනය කරනවා.
Malith said…
උන්මත්තක වෙත, මාගේ කමෙන්ටය කොපි පේස්ට් කොට අතරින් පතර මොනවාදෝ ලියා ඇති බව නම් පෙනේ. කෙසේ වුවත් ඔබගේ රණවිරු නිවාඩු ඇඩියාව නැවතීම ගැන නම් සතුටු වෙමි. තවද නිදහස සැමරීමෙහි වරදක් නැතයි ඔබ පිළිගෙන ඇකි බැවින් අපට තව තර්ක කිරීමට දෙයක් නැත :)
කමෙන්ටය දික් වීමට කියන්න දේවල් නොමැති නිසාදෝ මා බින්කු ගැන කී දෙයද අල්ලාගෙන මොනවාද කියවා තිබේ. ඔහු මාගේ ගුරුතුමා නොවුනද පොඩි කාලේ සිට හොද මිතුරකි. මා එසේ කීවේ සමහරුන්ට මෙන් නොව ඔහුට බොහෝ දේ වටහා ගැනීමට තරම් බුද්ධියක් ඇතිබව මා දන්නා නිසාය.

ආගන්තුකයා වෙත, මචං කමෙන්ට් කොපි පේස්ට් කර ඇති අනෝනිමස් කමෙන්ට් ටික අයින් කළොත් නම් බ්ලොග් එක ටිකක් පැහැදිලි වනු ඇත :)
ඉහත නැවත යොදා තිබූ anonymous comment සියල්ල මා විසින් ඉවත්කරන ලදී.
Life said…
සැබෑ දේශප්‍රේමය තිබිය යුත්තේ හදවතේ බව සැබැව. නමුත් මෙවැනි විශේෂ අවස්ථා වලදී මහජනයා නොයෙක් ආකාරයෙන් එය ප්‍රකාශ කරනවා. එය වරදක්ද?

96දී ක්‍රිකට් ලෝක කුසලානය දිනුවමත් මේ වගේ මිනිස්සු වීදි බැහැල ප්‍රිති ඝෝෂා කළා මතකද? කවුරුවත් කීවෙ නෑනෙ එහෙම නොකළ අය අපි ලෝක කුසලානය දිනුවට අකැමැතියි කියල.

කොඩි නොදැමීම පාටි නොදැමීම රතිඤ්ඤා පත්තු නොකිරීම කරන්නෙ නැති අය දේශද්‍රෝහින් කියල තිබ්බෙ කොහෙද කියල කියන්න පුළුවන්ද? උඹ මචං සැබෑ ලොවේදී මතු නොවුණ මනඃකල්පිත තර්කයක් මත මේක ලියල කියලයි මට හිතෙන්නෙ
Anonymous said…
@Life,
ආගන්තුකයා ඔහුගේ උත්තරයක් දෙයි. මේ මට කියන්න තියෙන දේ.

ක්‍රිකට් ලෝක කුසලානයයි යුද්ධය ජයග්‍රහණයයි සමාන කරන්න බෑ. ලෝක කුසලානය දින්නා කියලා අමුතුවෙන් දේශපාලන වෙනසක් ඇති වෙන්න ඉඩක් ආවේ නැහැ. යුද්ධය දින්නා කියන්නේ එහෙම දෙයක් නෙමේ. ඒ දෙක සමාන කරන්න හදනවනම් කතා කරලා වැඩක් නැහැ.

සැබෑ ලෝකයේ නැති දෙයක් කියන්නේ ඔබ එවැනි දෙයකට මුහුණ පාලා නැති නිසා වෙන්න ඇති. මට මූණට කියලා තියෙනවා සමරන්නේ නැති එවුන් දේශද්‍රොහියො කියලා. තමන් අත්දැකපු නැති පළියට කිසිම දෙයක් නැහැ කියලා කියන්න බැහැ. දැන් සමරන්නේ නැත්තේ රටට ආදරය නැති නිසා කියන්න තරම් පුදුම දේශප්‍රේමියො ඉන්නවා යුද්දේ දිනුවට පස්සේ.

අනිත් කාරණය. පාටි දමමින් පිට කරන්නේ දේශප්‍රේමයද? කොටසකට එය "ඔව්". සැබෑවටම ලංකාවේ ප්‍රශ්න විස‍ඳෙයි කියලා මෙච්චර කල් බලාපොරොත්තුවෙන් හිටිය කොටසක් ඉන්නවා. යුද්ධය කියන්නේ විසඳුම කියලා ඒ අයට ඒත්තු ගන්වලා දැන් යුද්ධය දිනුවාම ප්‍රශ්න විසඳුනා කියලා සැමරීම කරමින් ඒ අය සමරන්නේ සැබෑ දේශප්‍රේමය. මොකද එතන තමන්ගේ රටට යහපතක් වුනා කියලා විශ්වාස කරන නිසා. හැබැයි මෙ කොට්ඨාෂය අඳුන ගන්න පුලුවන් තවත් දෙයක් තමයි යුධ අනාථයින්ට සහනාධාර යැවීමටත්, යුද්ධයෙන් ආබාධිත වෙච්ච යුධ සෙබළුන්ට ආධාර කිරීමටත් ඉදිරිපත් වීම.

ඒ අතරෙම තවත් කොටසක් ඉන්නවා (සුළුතරයක් නෙවෙයි) මේක තවත් ලෝක කුසලානයක් කර ගත්ත කට්ටිය. පාරේ දිගේ නටාගෙන ආතල් දාන්න තවත් එක අවස්ථාවක් මිසක් ඒ අයට මේක අමුතු දෙයක් නෙවෙයි. සමහර විට සිංහල අපිට තිබ්බ තර්ජනය අයින් වුනා කියලා නටන අයත් ඉන්නවා. මෙච්චර කල් යුද්ධයක් තිබුනදවත් කියලා පඩේකට ගණන් ගත්ත නැති අය දැන් ඉස්සරහින්ම පැනලා නට නට යනවා. එතකොට මේ අය පිට කරන්නේ දේශප්‍රේමයද? අනිත් එක මට firsthand අත්දැකීමක් තියෙනවා, මේ අයට දැන්වත් සහනාධාර වැඩපිළිවෙලක් හදමු කිව්වාම "ප්‍රභාට සප් එක දුන්නානම් උනුත් කොටි" කියලා ප්‍රතිචාර දුන්නේ. එක තඹ සතයක් තවමත් ආධාර වලට යවලා නැති අය තමයි පෙළපාළියේ හොඳටම කොඩි වැනුවෙත් ඉස්සරහින්ම නැටුවෙත්. ආබාධිත සෙබළුන්ට ආධාර තාම කටින් දෙනවා ඒ අය. බාලගිරි දෝෂය ඒකටත් ගහලා.

ඉතින් එක් නිසා මේ නටන හැමෝම නටන්නේ දේශප්‍රේමයට කියලා happy ending ගැන සිහින මවන්න එපා. කිව්වත් වගේ අපි ඉන්නේ යුද්ධයට පසු දිනයේ නෙවෙයි, යුද්ධයට පෙර දිනයේ. අපිට නැවතත් අවස්ථාවක් තියෙනවා කලින් සිදු වෙච්ච දේවල් හරි ගස්සන්න. පාටි දානවට වැඩිය වටින්නේ ඒක.
නුඹගේ අදහස් නුඹේ නමටම ගැලපේ
ආගන්තුකය නුඹ මේ සැබවින්ම ආගන්තුකයෙකි....
අප අගන්තුක සත්කාර දන්නා ජාතියක් බැවින් නුඹ වැන්නවුන් හට රිසි සේ සැරිය හැක.
එසේ නොවූවේ නම්. . . . .
එසේ නොවූයේ නම්... මා මර්ධනය කරනු ඇත... වාසියකට ඇත්තේ මගේ ජාතිය සිංහල වීමය නැතිනම් මාත් කොටියෙකු වනු ඇත... කැළුම් හට යමක් තේරුම් බේරුම් කර දීමට තරම් විවෘතත්වය ඇත්නම් මම කැලුම් හට යමක් පෙන්වා දෙනු කැමැත්තෙමි. කැලුම් මම මෙතන කියන්න උත්සාහ කරන දේ මට හිතෙන්නෙ වැරදියට අරගෙන තියෙන්නේ.. මම කියන්නේ ත්‍රස්තවාදය උක්ත කිරීමක් ගැන නොව දේශප්‍රේමීත්වයේ නාමයෙන් කරන ගොන් පාට් නැවැත්විය යුතු බවය. දෙමල ජනයා සිංහල දේශප්‍රේමීන් තරම් උඩ පැන්නද .. කරන්න ඕනි කැළුම් මර්දනය නෙමෙයි.. අපි ඔය උඩ පනින්නේ අපි මහ ජාතිය කියලා මහ ලොකුවට කියා පාන්න මිසක් වෙන මොකකටවත් නෙමෙයි... මම ඉන්නකොටම ඔය පෙලපාලි ගිය මහා දේශප්‍රේමීන් මම රෑට කන දෙමල කඩෙන් නිකං කාලා ගියා.. ඔන්න ඔය දෙය තේරුම් ගත්තොත් තමා නිවැරදි.. සිංහලයෝ කියන්නෙ ලංකාවෙ අයිතිකාරයො නෙමෙයි.. අනික ලංකාවෙ අයිතිකාරයා මහින්ද රාජපක්ෂත් නෙමෙයි... කලුම් අන්තිමට තර්ජනයක් කරලා තියෙන්නේ මාවත් මර්දනය කරන්න නම් ඒක තේරුමක් නැ.. මගේ බ්ලොග් එක අයින් කලොත් මම වෙන නමකින් ඇවිල්ල හරි මේක පෙන්නලා දෙනව...
Sankha said…
@ආගන්තුකයා,
මචං ඔය පුටු රත්කර කර ඉදලා ඔල්මොරොන්දම් පොරවල්ගේ ආතල් තර්ජන වලට පිළිතුරු දෙන්න එපා. උන්ට ඕන තමනුත් පොරක් කියලා පොඩි ආත්ල් එකක් ගන්න. ඔය හැත්ත ඔය කියන දේශප්‍රේමය තියා අල්ලපු ගෙදර එකාටවත් ප්‍රෙමකරන එවුන් නෙවෙයි.උන් දන්නව උන් මහ තක්කඩි කියලා ඒක හින්දා හිත සනසගන්න උන්ට ඕන තමන් අයිති පාර්ශවයක් හදාගන්න. ඒකට බ්ලොග් එකක කමෙන්ට් එක හරහා උඹ දෙන සපෝර්ට් එක උන්ට මාර ආතල් එකක් දෙනවා
Anonymous said…
මේ සිංහල අපගෙ රටයි අප ඉපදෙන මැරෙන රටයි

වැඩිපුර බලපු..

වැඩ කරන්නෙ නැති.

වැඩ කරන්නෙ නැති, හදන්න සල්ලිත් නැති, නැතිවුනොත් කම්ප්ලේන් යන,  කම්ප්ලේන් ගියොත් සල්ලි නැතිවෙන, සල්ලි නැතිවුනොත් හදන්න බැරිවෙන, මේ කාර් එකේ ඒසී එක. 

ජීවිතය නම් වේදනාව

ලිපගිනි මෙලවෙන තෙක් දිය      සැලියේ සැපයක් නම් කකුළුවා දිය         කෙලියේ අවදිව පෙරයම තෙක් දිවි             මළුවේ සේපාලික මල අඳුරෙම                නැසුනේ අව්වට වැස්සට හුරු               මිනිසුන්ගේ දහඩිය ඇයි කන්තෝරුවෙ         නැසුනේ කරමත ඇවිලෙන මරගිනි              අතරේ පොලවට නුසුලන තව බර          වැටුනේ සිල්වත දිදුලන වැලිතල                 අතරේ පඬුපැහැ කිරි කලයට මුසු         කෙරුනේ ගිනි අවි බිඳ යදමින් සිර                 ඇතුලේ ඇවිලුන ගිනිදැල් කඳුලින්              නිමුනේ

ප්‍රසන්න මධුර සුඛං

  තැබූ තැබූ තැන අවදිවු බර         අවි පිදූ පිදූ තැන පරවුන  මල්          පෙති        පිරූ පිරූ දස පෙරුමන් නැතිවුන ප්‍රසන්න මධුර සුඛං බුරා බුරා නැගෙනා ඒ බොදු         ගිනි වෙලා වෙලා දැවෙනා ඒ ගිනි     කෙලි  දිරූ දිරූ ඒ බෝසත් පිලිරුව වණ්ණෝ සුඛං බලං දෙසූ දෙසූ දම්සක් වී පැමි         ණිලි පිසූ පිසූ දන්සල් වී ඇව            ටිලි ගැලූ ගැලූ  දස සිල්දිය බොරවුන ගිලන පච්චං ඉමං