Skip to main content

දුර සිටින පෙම්වතා..


යතුර තිබේනම් ....  
හරින්නම් දොර...  
ලොවෙත් නැති... 
පැත්තක හිරවෙච්ච.... 
ඒක පාර්ශික ආදරය... 
තාමත්...  
නුඹ කූඩුවේ හිරවෙලා...  
අනේ කූඩුව ඇරපන්... 
ඇහුවොතින්..... 
මටත් කොටාවි... 
මට මොකද.... 
ඒත් උඹ... 
අඬ අඬ කූඩුවක...
ඇරගෙන වරෙන්...  
තටු ගැලවුනත්... 
ඉගිල්ලෙන්න බැරිවුනත්.. 
යතුර තිබේනම් ....  
මට මොකද... 
 නුඹ කවදත්....  
මගේ කිරිල්ලී....

Comments

Anonymous said…
"..යතුර දැන් ඔයා ලඟ. සුබ පැතුම්..!"
Narada said…
යතුර තියෙනවානේ දැන්, දැන් අත් දෙකට අරං බෙහෙත් කරන්නකෝ.
මේක මගේ හොඳම යලුවෙක් තාම විඳවන අවුලක්... අන්සතු හදකට පෙම් කිරීම.. කියලා කිව්වොත් හරි... හැබැයි වැඩේ එයාගෙ ගැනු ලමයාත් මෙයාට අකමැතිත්නෑ එයාගෙ වර්තමාන ප්‍රේමය අර ලමයාට සීමා තහංචි ගමකට දාලා... ඒක මගේ යාලුවා නිසා නෙමෙයි... එයාට ඇති මානසික අවුලක් ඕක නිසා මගේ මිතුරා ටිකක් අවුලෙන් ඉන්නෙ.. ඕක තමා මේකෙ සැඟවුන පැත්ත...
Sankha said…
එළකිරි මචං. කියවන කොට මට හිතුනේ උඹේම පරණ අත්දැකීමක් (දන්නවනේ) කියලා. කොහොම වුනත් නියමයි. ඔහොම යං......
ආගන්තුකයෝ මේ නිකමට අහන්නේ මේ මොකද තිත් තුන තුන හැම තැනම තියලා. අයියගේ කී බෝඩ් එකේ අව්ලක්වත්ද?
මටත් කියවනකොට හිතුනේ උඹට වෙච්ච සීන් එකක් කියලා.
අමා said…
කිරිල්ලි දැන ගන්න එපාය තටු කැපුවත්, නිදහසේ ඉන්න එක කූඩුවක ඉන්නවට වඩා වටින බව.
අනික ඉතින් කූඩුවෙ දමල ඉන්දැද්දි තටු තිබුනත් ඇති ඵලය කිම?