12.08.2008

බ්ලොග් .... බ්ලොග්...

බ්ලොග් .... බ්ලොග්...
අපි බ්ලොග් ලියන්නේ සිංහලෙන් ...
අපිට වෙනම සිංහල බ්ලොග්කරුවන්ගේ සංගමයක් තියෙනවා...
බ්ලොග් කියන ඉංග්‍රිසි වචනෙට ඇත්තටම සිංහල හොඳ තෙරුමක් නැද්ද...
නැත්නම් තවදුරටත් බ්ලොග් කියලම ලියනවද... ?
මංදා මට නම් මේ ඉංග්‍රීසි වචනේ සිංහලෙන් ලියලා එපාවෙලා....
අපි ඔක්කම සිංහල දන්න එකේ කට්ටියම එකතුවෙලා සිංහල නමක් යෝජනා කරමුද...

14 comments:

ආගන්තුකයා | Stranger said...

ඔන්න පලවෙනි යෝජනාව මගෙන්.... මගේ යෝජනාව " සටහුව "

ම said...

හොඳ අදහස. මාත් මේ කීප දවසක්ම හිත හිත හිටියේ. ඔක්කොම සිංහල, බ්ලොග් විතරක් නැහැ. එකටත් මොනා හරි කරන්න එක හොඳා.

බාගයක් තිබ්බනම් හොඳ එකක් මේ දැන් කියන්න තිබ්බ.

malee_msg said...

ඒකත් හොද අදහසක් ඒත් මේ වෙලාවේ වචනයක් ඔළුවට එන්නේ නෑ. ගෙදර යන ගමන් කල්පනා කරලා බලන්නනම්

Chanaka Aruna Munasinghe said...

කුරුටු බලි

Chanaka Aruna Munasinghe said...

අන්තර් බලි

පිටස්තරයා said...

බලි

Kasun said...

මේ කාලෙකට ඉස්සර SBU එකේ ඇතිවෙච්ච සංවාදයක්,
මේකත් කියවලා බලන්න.
http://groups.google.lk/group/sinhala-bloggers/browse_thread/thread/ef26ae7e21c71b3b/bdd4fa5ffc9bcac8?hl=si&lnk=gst&q=%E0%B6%B6%E0%B7%8A%E0%B6%BD%E0%B7%9C%E0%B6%9C%E0%B7%8A+%E0%B6%9A%E0%B7%92%E0%B6%BA%E0%B6%B1+%E0%B7%80%E0%B6%A0%E0%B6%B1%E0%B6%BA#bdd4fa5ffc9bcac8

Anonymous said...

සටහුව කියන්නේ Recorder එකට නේද? Tape Recorder එකට පටි සටහුව කියනව වගේ මතකයි. ඒ සංවාදයේ තියෙන හැටියට නම් දැනටමත් බ්ලොග් කියන එක සිංහල. භාෂාවට අලුත් වචනයක් එකතු වුණා ම ඒක ස්ථිරව සටහන් වන රාජ්‍ය නාමාවලියක් වගේ මොකක් හරි තියෙනවද?

Anonymous said...

මම දැක්ක සමහරු ඕකට "වියුණ" කියල තියෙනවා

Anonymous said...

සමාවෙන්න මට පොඩ්ඩක් වැරදුනා වගේ වියුණ කියන්නේ වෙබ් අඩවියකටනේ

malee_msg said...

තාම නමක් හරිගියේ නැතෙයි?
ආනේ මේ දාන නමක් සරළව කියන්න පුළුවන් එකක් වෙන තරමට හොදයි නේද? බ්ලොග් කියන ව‍චනේ ‍වගේ ටක් ගාලා කියන්න ලියන්න මතක තියාගන්න පුළුවන් නමක් ?????

ආගන්තුකයා | Stranger said...

ඇත්ත ත‍‍මා... ‍සරල වුනොත් දි‍ව ‍උලුක් කර ගන්නේ නැතුව කියා ගන්න පුලුවන්.. කසුන් කියන කතාව හරිතත්සම පදය සිංහල ආරට හදා ගත්තාම ඒක සිංහල පදයක් ලෙස භාවිත කරන්න පුලුවන්... මට මතකයි "කබඩ්" එකට නේවසිකාගාරයේ කිව්වේ "ගඩිබිත්ත" කියලා... තව තව සිංහල වචන තියෙනවා ඒවා ප්‍රසිද්දියේ කියන එක හොඳ මදි......

ම said...

ඔව්, ඔව්
Blog
Blogger
Blog Post
ඔය තුනටම ගැලපෙන්න වචන හදන්න පුළුවන් වෙන්න ඔනෙ ඔය නමෙන්. නැත්නම් අපිව හඳුන්වන්න නමක් නැති වෙනව.

බලි කියලා දැම්මොත් අපි බලි කාරයො වෙන්වා.Blog Post එක බලි අරිනවා වෙනවානේ

ම said...

කාලෙකින් දැක්කේ නැහැ. අළුත් අවුරුද්දේ කාර්ය බහුලයි වගේ.