Skip to main content

එහිතට ඇමතුවෙමි.

නිල් කඩදාසියෙන් ඔතපු අන්තිමේට කලින් කූරේ අන්තිම උගුර..

පැත්තකින් එකෙකු කෑගසනවා පෙනේ. අනිකා අත නිශ්චලව තබාගෙන කට ෆිල්ටරයට ලංකිරීමට උත්සාහ දරයි. කෑගසන්නා දර්ශන විය යුතුය. උගේ කොනේම පුරශ්චාරවක දතේ රතුපාට මිරිස් කෑල්ලක් හිරවී ඇත. සමහරවිට ඒ දත චාර්වක දතක් විය හැක. එය කෘන්තක දතක් හො රදනක දතක් නම් නොවේ.

එකවර සියල්ල නිල් පැහැ වේ.

නිල් කඩදාසියක් ඉදිරිපිට ජෙනිෆර් ලෝපේස් නටනු පෙනේ කඩදාසියෙන් ඔටුවෙකු සැදී ජෙනිෆර් ලෝපේස් ඔටුවා පිට නැග යයි. මට ඔටුවා සෑදුන ආකාරය නැවත බැලීමට උවමනා විය. සරලය රිවයින් කලයුතුය. රිවයින් කිරීමට රිමෝට් එක සෙවීම හෝ ප්ලේයරය ලඟට යා යුතුය. මම නැගිටීමට උත්සාහ කලෙමි. මොලයට නැගිටීමට අවශ්‍ය වුවත් කකුල්වලට ඒ සඳහා වුවමනාවක් නැත. මම අන්තිම උගුරට පසු උගුර ඇදීමට සූදානම්ය.

තිලාපියා තාමත් ෆිල්ටර් එක ලඟට කට කිට්ටු කර නැත. අවසාන පැකට්ටුව තාමත් ඔතා අවසන් කලේ නැත.
නිල් කඩදාසියක් ? ඔව් එය නිල් කඩදාසියකි. එය මාන දෙක තුනක් ගනකම වැඩි A4 කොලයකි. තිලාපියා ලඟ තිබූ නිල්පාට කූරේ රතුපාට කෙලවර දීප්තිය වැඩිවනු පෙනේ.

ලයිටරයෙන් මාත් නිල් කූර දල්වාගතිමි. තව තප්පරයකින් මම මගේ පෙනහළු කෙලවරට ඒ කාබන් පිරුනු කැනබීස් අංශු ගමන් කිරීමට නියමිතය.
තිබහක් දැනේජ. නැගිට යාමට තියා ඇඟිල්ලක් සෙලවීමටද කම්මැලිය. හුස්ම ගැනීමත් වෙහෙසකර වැඩකි. මම නාසයෙන් පිටවෙන හුස්ම වදින තැන් මාක් කිරීමට උත්සාහ කලෙමි.

නාස් කුහරයේ ඇතුලතට එක් වරක් වරක් සුලං පොදක් වදී ඊළඟ එක වදින්නේ නාසයේ අග්‍රයටය.
ඇත්තටම මම කවුද? මම මට කතා කිරීමට උත්සාහ කලෙමි. ඈත රැහැයියෙක් කෑගසයි. බස්සෙක්ගේ ඉක්කා සද්දය වගේ එකක් තවත් කොහෙන්දෝ ඇසේ. ඒ අස්සේ ජෙනිෆර් ලෝපේස් බෙරිහන් දෙයි.

ටික වෙලාවකින් නිල් කඩදාසියේ එතූ දෙවනි කූර මගේ අතින් පත්තු වේ. එතුවේ කවුදැයි මට අමතකය. එය අනික් එවුන්ගෙන් අහලා වැඩක් නැත.
මේ කූර අවසන් වනතුරු මම ඒ හිත සොයමි. මගේ අනිකාගේ හිත සොයමි. මගේ ස්ප්ලිට් පර්සනැලිටිය සොයමි. දැන්නම් ජෙනිෆර් ලෝපේස් වදයක් වී ඇත. මම කපුගේ තැටිය ප්ලේයරයට දමා ටීවී එක සහ ලයිට් එක නිමා ඉටිපන්දම පත්තු කල යුතුව ඇත.

එතෙක් අවසරයි....


Comments

Anonymous said…
Ela ela sirawta liyala thiyenawa......
එළටම ලියලා තියනවා,
ඒත් මොකද්ද මේ බ්ලොග් හතරක එකම මාතෘකාව කියෙව්වා, එකම කොමෙන්ට් එක තමයි හැම තැනටම අදාල වෙන්නේ
hare :-) said…
යකෝ ඔය ග්‍රෑමේජ් වැඩි කඩදාසිවල ඔතල ගැහුවම බාගයක්ම එන්නෙ කඩදාසි දුම! පත්තර කොලේ ඊට වඩා හොඳා...
අභීත said…
වහලේ කඩන් වැටෙනවා වගේ හිතුනේ නැත්තේ ඇයි කියලයි මම කල්පනා කලේ මචන්....
පූසා said…
අද බ්ලොග් අවකාසේ නිල් පාටයි!
කටෙ කෙළ පුළුං වෙලා පුකේ මයිල් කෙළින් වෙලා.....
ඇනෝ - ස්තූතියි මචං
මුදියන්සේ - මේක පොඩි පරීක්ෂණාත්මක වැඩක් ඒකයි ඔය හැම බ්ලොග් හත අටක් පෝස්ට් වල එකම නම තියෙන්නේ.
මුචා - සිරා ටූ..
හරේ - ඔව් බං එක දවසක් A4 කොලේක ගහලා මට එපාවුනා..
අභීත - හොඳ වෙලාවට උඩ බැලුවේ නෑ
නරකයා - කියලා වැඩක් නෑ..
පූසා - ඇයි බං ඒ හිතට අමතපු එක..
දුකා said…
අනේ මන්දා බන් . .

උඹ උඹේම හිත හොයන්න ගිහින් අතරමං වෙලාද කියලා හිතෙනවා වගේ
මම එකපාරක් දැක්කා නිල්පාට මල් ඔතන කොළ වගයක්. ඒක තුනී සහ පට්ට ආතල්. ඔතන කොළේ ගණකම වැඩිවෙනකොට අවුල්නෙ බන්.

වැඩිපුර බලපු..

වඳුරන්ගේ රට.

ඒ අනාගතය කියලා පටන්ගත්තොත් අනාගතය කොයි වගේ එකක්ද කියල අපේ හිත්වල තියෙන පින්තූරයට මේක ටිකක් සමාන වෙලා පෙනෙන්න පුළුවන්. ඒ පින්තූරය හදලා තියෙන්නේ වැඩිපුරම පොත්වලින් සහ චිත්‍රපටිවලින් කියලා කිව්වොත් වැරැද්දක් නෑ. කවුරුහරි මේක Planet of the Apes වගේ කතාවක් කියලා කිව්වොත් ඒකෙ ඇති වැරැද්දකුත් නෑ හරියකුත් නෑ.

අපි ඒ ග්‍රහලෝකයට මැඩේෂියාව කියලා කියමු. මැඩේෂියාව භූ පිහිටීම අතින් ගත්තොත් තනි මහද්වීපයකින් සමන්විත විවිධ ජනවර්ග වලින් සමන්විත වුන රටක්. එක අතකින් මැඩේෂියාව සිංගප්පූරුවට සමානයි. 

මේක අතීතය, අනාගතය, වර්තමානය යන තුන්කාලයෙන් ඕනිම කාලයක සිදුවෙන්න පුළුවන් සිදුනොවෙන්නත් පුළුවන් සිදුවීමක්. හෝමෝ නියර්ඩල්තාල්ගෙන් හෝමෝ ඉරෙක්ටස්ට පරිණාමය වුනේ වඳුරා වුනාට හෝමෝ ඉරෙක්ටස්ගෙන් හෝමෝ එක්සලන්ස් වෙන්නේ ඔය වඳුරාද කියන ගැටළුවත් එක්ක අපි කතාව පටන්ගමු. මෙන්න මේ හේතුව නිසා තමා මැඩේෂියාව තුල මැඩේෂියාවේ පූර්වජයා ලෙස ඉගැන්වෙන චිම්පන්සියාව දේවත්වයෙන් සලකන්නේ.



මැඩේෂියාව මූලිකව ද්වී ආගමික රටක්. චිම්පන්සියුස් නමින් හැඳින්වෙන මූලික ආගම නිර්මාණය වෙලා තියෙන්නේ මැඩේෂියාවන් පැවත එන්නේ චිම්පන්සින්ගෙන් කියන හරය පදනම් කරගෙන…

රේවත

වර්ෂය 1992 වන්නට ඇත. විශ්වවිද්‍යාලයෙන් ඉවත්වී ගුරු ජීවිතය පටන්ගත්තු අළුතම හත්දාමගුල හත් මාසයක් යන්න කලින් අහවර වුන නිසා මගේ හිත හදාගන්න කියලා මමම රාගල පඥ්ඥාසේකර විද්‍යාලයට සාමාන්‍ය පෙල ගණිතය උගන්වන්න ගියා. විරහ දුක හරි දිවිනසාගන්න හිතෙන තරම් පාළුව හරි වෙන මොකක් හරි එකක් මගේ හිතේ කොනක ඇරෙන්න වෙන කොහෙවත් නොතිබුනාට මම රාගල මාරුවට කැමැත්තෙන්ම ගියේ මට වටෙන් පිටෙන් ඉමෝෂනල් වෙන්න තියෙන හේතුවලින් පැනලා යන්න කියලා කිව්වොත් සෑහෙන්න හරි. ඊට අමතරව රාගල මීදුමත් සීතලයත් මදි පාඩුවට තිබුනා.



පඥ්ඥාසේකර විද්‍යාලය රාගල තිබුන ලොකු ඉස්කෝලයක් වුනාට පොඩි ස්කෝලයක්. ගෑනියෙක්ට වඩා සීතලට ආදරේ කරන මිනිහෙක් වුන මම ඇරෙන්න ඒ ඉස්කෝලෙට කැමැත්තෙන් ගිහින් තිබුනේ දණිස්සාගම රේවත හාමුදුරුවෝ. පෙනුමෙන් දිඹුලාගල හාමුදුරුවෝ වගේ වුනාට මට වඩා අවුරුදු පහක් විතර වැඩිමල් වුනාට රේවත හාමුදුරුවන්ගේ රැවුල පැහිලා තිබුනේ නෑ. ඉඳලා හිටලා මරන මදුරුවෙක් ඇරුනාම සිල්වත්කමිනුත් එච්චර අඩුවක් හාමුදුරුවන්ගේ තිබුනේ නෑ.

හාමුදුරුවන් රාගල ගමේ ප්‍රසිද්ද වෙලා තිබුනේ ගමේ තරුණ සමිතිය නිසා කිව්වොත් වරදක් නෑ. කැත්තේ උදැල්ලේ වැඩ පුරුදු වුනත් පසුකාලීන් සරීරයට…

මට ඈතින් බාබර් සාප්පුව පෙනුනි...

ගුණේ අයියා මම අන්තිමට දුටුවාට වඩා මහළුව සිටියේය. ඔහුගේ කලින් තිබූ ඉදුනු කෙස්ගස් දෙසීය තුන්සීය දෙදහස තුන්දහස දක්වා වර්ධනය වී තිබුනි. සුපුරුදු පරිදි අසුන් ගන්නා විට යාබද බිත්තියේ දිස්වන සිද්ධාර්ථ කුමරුගේ උත්පත්තිය, ශිල්ප දැක්වීම, සහ සරණ මංගල්‍යය දැක්වෙන වර්ණ සිතුවම් තුනත් එලාර දුටුගැමුණු යුද්ධය දැක්වෙන කළු සුදු සිතුවමත් ඒ අතර පසෙක තිබුන ලාවට හිනාවීගෙන ඉන්න විජය කුමාරතුංගයන්ගේ ඡායාරූපටත් අමතරව අළුතෙන් එක්වූ ලදැරියකගේ පින්තූරයක්ද සෝමේ අයියා ආම්පන්න රැගෙන එනතෙක් මම නිරීක්ෂණය කලෙමි.  "මේ චිත්‍ර කොච්චර පරණද ගුණේ අයියේ" මම පලමු ප්‍රශ්ණය ගුණේ අයියාට යොමුකලෙමි.
   ගුණේ අයියා මද සිනාවක් නගාගෙන මගේ කෙස් ජලය හා මිශ්‍ර කරයි...
"ඕවා අපේ තාත්ත එකතු කරපු චිත්‍ර වගයක්, කොච්චර පරණද කියලා නම් මම කියන්න දන්නෙ නෑ මහත්තයො"

"මොකද්ද මේ අළුතෙන් පින්තූරයක් තියෙන්නෙ"
"මහත්තය ඒක දැක්කා නේද? අපේ පොඩි කෙලී ගිය සතියේ පැනලා ගියා, ඒකිව මතක් වෙන්න ඔය ගැහුවේ"
ගුණේ අයියාගේ ඒ අදහස් ප්‍රකාශනය කෙතරම් සෘජුව සිදුවුනේදයත් මගේ කන ගුණේ අයියගෙ කතුරට අහුනොවී බේරුනේ ගුණේ අයියගේ දස්සකම නිසා…