වෙලාව උදේ අටට විතර වන්නට ඇත. ස්ථානය බොරලැස්ගමුව හන්දියයි.
පුරුද්දට මම යන වෙලාවට අපේ බෝඩිමෙන් මාත් සමග නික්ම යන්නේ ටොයියාය. ඉඳහිට දවසක රොකාත් පැමිණේ. පුරුවා නික්ම යන්නේ මම අවදි වීමටත් පෙරය. කෙසේ වෙතත් එදා මම එලියට බැස්සේ පුරුවා සමගය. ඔව් එදා මම කලින් අවදිවුනෙමි.
"මහත්තයා."
හෑන්ඩ්ස් ෆ්‍රී එක කනේ ගහගෙන සිටියද මට ඒ ආමන්ත්‍රණය ඇසුනි. ඒ ආමන්ත්‍රණය මට නොව පුරුවාටය.
"අංකල් කවුද"
පුරුවා බුවාව අඳුනාගෙන නැති සෙයකි. මම නම් දැක්කේත් අදය.
"මම සෝමදාස.. ඇයි මහත්තයා එදා මට ගෙදර යන්න සල්ලි දුන්නේ. මම හිතුවා මහත්තයාව බොරලැස්ගමුවේ හන්දියේදී හම්බවෙන්න පුළුවන් වෙයි කියලා. හොඳ වෙලාවට පැයක් වත් බලන් ඉන්න වුනේ නෑ. මම ආවේ මහත්තයාගේ සල්ලි දීලා යන්න"
සෝමදාස පුරුවාගේ අතේ රුපියල් 600 තබා නික්ම ගියේය. වුන දෙයක් හිතාගන්න බැරුව අගමුල මාරුවී සිටි මට මුළු කතාව පුරුවාගෙන් නොඅසා සිටිය නොහැකි විය. මට ඒ කතාව නොලියා සිටිය නොහැකි විය.
.........................................................................................................................................................
වෙලාව රාත්‍රී 11.30ට වන්නට ඇත. ස්ථානය බොරලැස්ගමුව හන්දියයි.
සාමාන්‍යෙයන් පුරුවා වැඩ ඉවර වී බොරලැස්ගමුවට එනවිට රෑ හත වුනත් එදා ෂටලයෙන් බහිනකොට රෑ එකොලහමාර විතර වෙලාලු. කියන හැටියට බුවාට ඒ අංකල් හම්බවෙලා තියෙන්නේ කහඉර ලඟට ඇවිදගෙන එන අතරේ. ඔව් ඌ කහඉරෙන් පාර පනින එකෙක්.
"ඒ අංකල් මගෙන් සල්ලි ඉල්ලුවේ නෑ බං. මගෙන් ඇහුවේ මාලඹේට යන පාර"
"ඉතිං බං ඒ වෙලාවට බස් නෑනේ මම කිව්වා බස් නෑ ත්‍රී විල් එකකවත් යන්න කියලා. මචං කිව්වට විස්වාස කරපං ඒ අංකල් දෙහිවල ඉඳන් පයින් ඇවිල්ලා තියෙන්නේ."
"මම කිව්වා මාලඹේට ත්‍රී විල් එකක යන්න නම් රුපියල් 500 ක් විතර යයි පයින් යන්න නම් දුර වැඩියි කියලා"
"අංකල් කියනවා රුපියල් 500 තියෙනවානම් ගෙදර යනවා කියලා. අංකල්ගෙ ගෙවල් දැරණියගල. මාලඹේ තියෙන්නේ පොරගෙ අඳුනන තැනක්. දැරණියගලට යන්න රුපියල් 500 යන්නේ නෑ තමා ඒත් මම ඕනි කෙහෙල්මලක් කියලා රුපියල් 500 කුයි මාරු සල්ලි 50කුයි දුන්නා බං."
"අංකල් වැඩ කරලා තියෙන්නේ මුරකාරයෙක් විදිහට, මට කොම්පැනියේ නම කිව්වේ නෑ. කොම්පැනියට හොරු පැනලා හොරු අහුවෙනකම් අංකල්ව පොලීසියේ තියාගෙන හොරු අහුවුනාම එදා රෑ ගෙදර එවලා."
"මටත් දැන් සැනසීමයි බං, අංකල් හොරෙක් නෙමෙයි කියලා මට ෂුවර්නේ.. ඇත්තම කියන්න මමත් හිත හිත හිටියේ මම හොරෙක්ට රුපියල් 500 දුන්නා එහෙමනම් අපරාදේ කියලා"
කතාවේ සංක්ෂිප්තය එසේ අවසන් වේ. පුරුවා හමුවුනේ නැත්නම් සෝමදාස අංකල් මාලඹේට පයින් යාම පටන් ගනු ඇත. ඒ අතර තවත් පුරුවෙක් හමුවිය හැක. නැත්නම් අංකල් මාලඹේට පයින් යනු ඇත. මට මේ කතාව ලියන්නට ඉඩක් නොලැබෙනු ඇත.

9 comments:
මාර මනුස්සයෙක් බං ... සිරාවටම ඒ මනුස්සයෙක්
if you can change your web background i think its better. when reading,letters on black background is bit difficult for eyes.
එහෙම මිනිස්සුන්ට කවමකවදාවත් වරදින්නේ නැහැ..මාරම සංවේදී කතාවක්..මෙහෙම මිනිස්සු තවමත් මේ ලෝකේ ඉන්නවා එහෙනම්..
ලස්සන සිදුවීම් ඉදිරියටත් ලියන්න.
ඔබට ජය!
මී ගොඩයා - ඔව් මචං සිරාවටම..
Ano - OK. I will change it.
හිරු හිමාවී - හැම මනුස්සයාගෙම ඇතුලේ හොඳ මිනිහෙක් වගේම නරක මිනිහෙක් ඉන්නවා. වෙලාවල් අනුව ඒ එක එකා එලියට පනිනවා. අනේ මන්දා සමහර විට පුරුවා, සෝමදාස වගේම අපි හැමෝටම පොදුයි. ඔබටත් ජය..
මටත් හෙන ඉස්සර දවසක් නුගේගොඩදි අංකල් කෙනෙක් හමුබ වුණා අවිස්සාවේල්ලට යන්න සල්ලි මදි වුණ.. පොර ඉල්ලුවෙ රුපියල් 30යි. මම දුන්නාතත මාස ගානකට පස්සෙත් පොර එතනදිම රු. 30ක් ඉල්ලුවා අවිස්සාවේල්ලට යන්න... එහෙම අංකල්ලත් ඉන්නවා...
පුරුචා එල කොල්ලෙක්නෙ. මම වුනත් හිතන්නෙ මේක මාව රවට්ටන්න හදනවද කියලා.
මේ කමෙන්ට් ෆෝම් එක වෙනස් කරමුකො පෝස්ට් එක යටින් දාලා. මේකෙ වර්ඩ් වෙරිෆිකේෂන්සුත් තියෙනවද? බලමු
henryblogwalker (මට භිතෙන හැටි) the Dude (HeyDude) and මගේ ඩෙනිම My Blue Jeans
එල එල නියෙමට ලියල තියෙනවා....
සංවේදි කථාවක්..
http://manasindiviyata.blogspot.com/
මේ වගේම තව වැඩක් උනා අයෙත් හම්බවුනාහම කියන්නම් :)
Post a Comment