මිරිඟුවක්වත් නැති කතරක
වෙන්දේසියේ තැබූ හදවතක් එක්ක...
අඳ ගොළු බිහිරි ,
නැට්ටෙන් කණපිට ගැහුණු ,
කවන්ධයක් තුල...
විසාලා මහනුවර ,
පිපාසාවෙන් මියයන...
අනෝරා වැසි ඇදවැටී ,
ඉංජිනේරුවන්, වෛද්‍යවරුන්,
කලාකරුවන්, පාදඩයින්,
දියපහරින් වැසිකිලි වලට සේදී යන...
මදුරුවොත් ඇවිදින්,
නක්කලේ දාලා යන,
ඩබල් ඇඳක සින්ගල් හිතක්...!
Comments
හිත පතුලටම වදිනවා.
අර බාබර් සාප්පුව කතාව ත් ඒ වගේ මට ඒක දෙවෙනි පාරට කියවන්න යන්න බහැ වගේ එච්චරටම බොක්කට දැනෙන්න ලියනවා බන් උඹ. . .
පට්ට . .. .
අහ් නිදා ගන්න ගියාම හිතට අවා කියලා උඹ කියන්න ඕන නෑ වැසි වතුරට ගහගෙන යන ඉංජිනේරුවෝ වෛද්‍යවරුන්, කලාකරුවන්, ගැන කියන කොටම ඕන එකෙකුට තේරෙනවා ඒක හික් හික්
ඒවයේ උඹටම වෙන් වෙච්චි අනන්‍යතාවයක් තියෙනවා..
මේකනම් මාර ගති.....
ලස්සනට ලියලා තියෙනවා හිතට වදින්න
සාමය, සතුට සපිරි...
ඔබේ සියළු පැතුම් ඉටුවන සුබ නව වසරක්ම වේවා !!!