Skip to main content

ඩබල් ඇඳක සින්ගල් හිතක්...!

මිරිඟුවක්වත් නැති කතරක 
වෙන්දේසියේ තැබූ හදවතක් එක්ක...

අඳ ගොළු බිහිරි ,
නැට්ටෙන් කණපිට ගැහුණු ,
කවන්ධයක් තුල...

විසාලා මහනුවර ,
පිපාසාවෙන් මියයන...

අනෝරා වැසි ඇදවැටී ,
ඉංජිනේරුවන්, වෛද්‍යවරුන්,
කලාකරුවන්, පාදඩයින්,
දියපහරින් වැසිකිලි වලට සේදී යන...

මදුරුවොත් ඇවිදින්,
නක්කලේ දාලා යන,
ඩබල් ඇඳක සින්ගල් හිතක්...!

Comments

උබ කියන දේනම් මට පැහදිලි මදි. ඒත් ලොකු දෙයක් කියනව කියල හිතෙනව.
පැණි බේරෙන අදහස... මරැවට ලියල තියෙනව බං. අන්තිම පදේ වුණත් අතිශය පරිකල්පනීයයි
Raven said…
නියමයි මචන්.
මට ඊයේ රෑ නින්ද යාගෙන එද්දි ආපු අයිඩියාවක් අමතක වෙයි කියලා බයේ ෆෝන් එකේ කොටලා තියාගත්තා..
සියළුදෙනාට ස්තූතිය...!
බිඟූ said…
elane... mea dawas wala mama innet daban andaka singalewa. namut sigle hitak nam nemey. hit 3k
``` Outsider``` said…
ඇත්තතටම නියමයි මචං..
Hakuna Matata said…
එල්ලොරුම් නල්ලමා
Superbbb...මචං.
හිත පතුලටම වදිනවා.
Rusiru Boteju said…
තේරුනේ නැතෝ !!!!
දුකා said…
පිස්සු හැදෙනවා මලේ . . උඹ නම් සිරාම සිරා පොරක් . .

අර බාබර් සාප්පුව කතාව ත් ඒ වගේ මට ඒක දෙවෙනි පාරට කියවන්න යන්න බහැ වගේ එච්චරටම බොක්කට දැනෙන්න ලියනවා බන් උඹ. . .

පට්ට . .. .

අහ් නිදා ගන්න ගියාම හිතට අවා කියලා උඹ කියන්න ඕන නෑ වැසි වතුරට ගහගෙන යන ඉංජිනේරුවෝ වෛද්‍යවරුන්, කලාකරුවන්, ගැන කියන කොටම ඕන එකෙකුට තේරෙනවා ඒක හික් හික්
ස්තූතිය දුකා අයියේ.. කී දෙනෙක් කියලා ඔය විදිහට ගහගෙන යන්න ඇත්ද අනාගත ජනාධිපතිතුමත් හිටියද දන්නෙ නෑ අපරාදේ....
sansarasidu said…
අපුරුයි...උඹේ සිතුම් පැතුම් වලට මං කැමතියි..
ඒවයේ උඹටම වෙන් වෙච්චි අනන්‍යතාවයක් තියෙනවා..
Nimesh said…
ඩබල් ඇදක සිංගල් හිතක්!!!
මේකනම් මාර ගති.....
ලස්සනට ලියලා තියෙනවා හිතට වදින්න
sansarasidu said…
ලැබුවා වූ නව වසර...
සාමය, සතුට සපිරි...
ඔබේ සියළු පැතුම් ඉටුවන සුබ නව වසරක්ම වේවා !!!

වැඩිපුර බලපු..

වැඩ කරන්නෙ නැති.

වැඩ කරන්නෙ නැති, හදන්න සල්ලිත් නැති, නැතිවුනොත් කම්ප්ලේන් යන,  කම්ප්ලේන් ගියොත් සල්ලි නැතිවෙන, සල්ලි නැතිවුනොත් හදන්න බැරිවෙන, මේ කාර් එකේ ඒසී එක. 

ජීවිතය නම් වේදනාව

ලිපගිනි මෙලවෙන තෙක් දිය      සැලියේ සැපයක් නම් කකුළුවා දිය         කෙලියේ අවදිව පෙරයම තෙක් දිවි             මළුවේ සේපාලික මල අඳුරෙම                නැසුනේ අව්වට වැස්සට හුරු               මිනිසුන්ගේ දහඩිය ඇයි කන්තෝරුවෙ         නැසුනේ කරමත ඇවිලෙන මරගිනි              අතරේ පොලවට නුසුලන තව බර          වැටුනේ සිල්වත දිදුලන වැලිතල                 අතරේ පඬුපැහැ කිරි කලයට මුසු         කෙරුනේ ගිනි අවි බිඳ යදමින් සිර                 ඇතුලේ ඇවිලුන ගිනිදැල් කඳුලින්              නිමුනේ

ප්‍රසන්න මධුර සුඛං

  තැබූ තැබූ තැන අවදිවු බර         අවි පිදූ පිදූ තැන පරවුන  මල්          පෙති        පිරූ පිරූ දස පෙරුමන් නැතිවුන ප්‍රසන්න මධුර සුඛං බුරා බුරා නැගෙනා ඒ බොදු         ගිනි වෙලා වෙලා දැවෙනා ඒ ගිනි     කෙලි  දිරූ දිරූ ඒ බෝසත් පිලිරුව වණ්ණෝ සුඛං බලං දෙසූ දෙසූ දම්සක් වී පැමි         ණිලි පිසූ පිසූ දන්සල් වී ඇව            ටිලි ගැලූ ගැලූ  දස සිල්දිය බොරවුන ගිලන පච්චං ඉමං