කුණු කෙල නොබේරෙන..මාසිකව ලෙඩ නොවෙන..
ලෙඩ වුනත් නොපෙන්වන..
වැරදිලාවත් පඩයක් නොයන..
ගතපුරා කියුටිකිරා සුවඳ විහිදෙන..
සර්වාංගයම සළුයෙන් වැසී ඇති..
පොලවට නොරිදෙන්නට පය තබන..
අතිශය විනීත..
අතිශය පාරිශුද්ධ..
සුජාත පුත්‍රයෙකු බිහිකරන්නාවූ..
නුඹත් සොයන..
මාත් සොයන..
දර්ශීය ගැහැණිය..
11 comments:
අදහසට හේතු වුනේ අපි පිරිසක් කරපු කතාබහක් කතා බහ වුනේ වෙන පැත්තක් ගැන වුනාට මගේ හිතට ආවේ මේ වගේ අදහසක්. ඒ අවස්ථාවේ එතන සිටි සියලු දෙනාට මගේ ස්තූතිය.
"ඒ අවස්ථාවේ එතන සිටි සියලු දෙනාට මගේ ස්තූතිය."
මේ මොකද බං?
මොනවා උනත් ඔහොම යං...නියමයි!නියමයි!
නිධාන කතාව මොකක්, උනත් හුදෙක් මේ සිතුවිල්ල නම්.... ඇත්ත.
පට්ට. මමත් කාලෙක ඉඳන් විසදුම් හොයන ප්‍රශ්න මේකෙ තියෙනවා.
මම හිතන්නේ නෑ.. පියවි ලෝකෙදි කවදාවත් හම්බ වෙයි කියලා.. හැබැයි හැම පිරිමියම සමරහර විටි 99% ක් ම හොයන්නේ මෙයාව තමා.
මට ඇතිවෙන ගැටළුව ඇයි එයාව හොයන්නෙ කියන එක.
ඇයි හොයන්නෙ.. අපි සහකාරියක් හොයන කොට අපි ලඟ තියෙන ලිස්ට් එකට දාලා බලනවනෙ. ඕක හැමෝටම පොදු ප්‍රශ්ණයක් ඒත් අපි අනිවා අපි තනිකඩයි නම් අපි හොයන්නෙ ඔය වගේ ගැහැණියක් තමා. අපි යුගලයි නම් අපි හොයා ගෙන ඉන්නෙ අපිට අනුව එහෙම කෙනෙක්. ඒත් ගැටළුව අපි ඇයි එහෙම කෙනෙක් හොයන්නෙ කියන තැන.
ya සහතික ඇත්ත..... ගොඩක් අය තමන්ගෙ වැරදි හදාගෙන්නෙ නැතුව පත පතා ඉන්නෙ ඔය වගේ අයව..........
මේ වගේ ගැහැණියක් ගැළපෙන්නේ මේ ලක්ෂණම ඇති පිරිමියෙකුට විතරයි. අපි කවුරුත් එහෙම නෑනේ. ඒ නිසා අවුලක් ගන්න එපා. අනික්වා කොහොම වෙතත් අර හතර වෙනි පේළියෙන් කියවෙන දේ නොවෙන එකෙක් නම් ලොවෙත් නෑ. හොල්මනක් උනොත් මිසක.
අපි පිරිමි කොච්චර ආත්මාර්ථකාමී විදිහට මේ ගැහැණියව බලාපොරොත්තු වෙනවද? ඒක කොච්චර හරිද. කොහොමත් සමාජය නිර්මාණය කරන්නේ මේ ලක්ෂණ තියෙන ගැහැණියක්වනෙ.
niyama sanwade . . .
Post a Comment