ලිපගිනි මෙලවෙන තෙක් දිය සැලියේ සැපයක් නම් කකුළුවා දිය කෙලියේ අවදිව පෙරයම තෙක් දිවි මළුවේ සේපාලික මල අඳුරෙම නැසුනේ අව්වට වැස්සට හුරු මිනිසුන්ගේ දහඩිය ඇයි කන්තෝරුවෙ නැසුනේ කරමත ඇවිලෙන මරගිනි අතරේ පොලවට නුසුලන තව බර වැටුනේ සිල්වත දිදුලන වැලිතල අතරේ පඬුපැහැ කිරි කලයට මුසු කෙරුනේ ගිනි අවි බිඳ යදමින් සිර ඇතුලේ ඇවිලුන ගිනිදැල් කඳුලින් නිමුනේ
අහපු කියපු දැකපුවට පොඩි කැටයමක්.
Comments
ප්‍රේමයෙන් තොර ජීවිතයක් ගැන දැන් නම් මට හිතන්න අමාරුයි (අත්විඳපු, විඳින අය ඒ බව තහවුරු කරයි.) මිනිසා කියන්නේ උපතින්ම දේශපාලනික සත්ත්වයෙක් බව කවුද කියල තියෙන බව මට මතකයි. දේශපාලනයෙන් වියුකතව ජීවත් වෙන්න බෑ කාටවත්. ඒවායෙන් තමන් වියුක්තයි කියල හිතන් ඉන්න කට්ටියත් දේශපාලනයේ බලපෑමට හසු වෙනවා. සාහිත්‍යය නොකියවූ රස වින්දනයක් කොහි?. රස වින්දනය කිව්වම ඒක පිටිපස්සේ කලාත්මක බවක් තියෙනවා. කලාව කොතැනද, එතැන සාහිත්‍යය අගයක් තියෙනවා.