"කාටවත් ඇහුනෙ නෑ නේද?" බකලා අහනකොට ඇඟේ මයිල් කෙලින් වුනේ ඇත්තටම කාටවත් ඇහුනේ නැද්ද කියලා හරියටම විශ්වාසයක් තිබුනෙ නැති නිසා වෙන්න ඇති... "මේකයි වැඩේ.." ගුරා පටන්ගත්ත කතාව ඉවරවුනේ භීතිය එක්ක කලවම් වුන ආතල් එකක් ඔලුවට එකතු කරමින්... "අපි හතරදෙනා මෙහෙම. " භාෂි ඇහුවේ අත්දැකීම් නැතිකම හින්දා වෙන්න ඇති. "ඇයි උඹට යුනිෆෝම් ගහගෙන යන්න ඕනිද ?" බකලා එහෙම කිව්වට බකලත් කලින් මේ වගේ වැඩකට නම් අත ගහලා තිබුනේ නෑ.. කලින් තාප්පෙන් පැන රෑ වැල්ලවත්ත මුහුදු වෙරලට, බම්බලපිටියෙ හන්දියට අනන්තවත් ගිහින් තිබුනත් මේ පාර වැඩේ නම් ටිකක් අන්තරාදායක බව අපිට වැටහුනේ නැතුවමත් නෙමෙයි.. "මොකද සද්ද නැත්තෙ බෑ වගේද ?" ගුරා එහෙම කියලා තවත් මිනිත්තු දෙකක් විතර දෙල්ගහ යට නිහඬව තියෙන්න ඇති... "හරි යමන්" මම උත්තර දුන්නේ ජීවිතේ මෙතෙක් කරලා නැති සමහරවිට ආයෙත් ජීවිතේටම කරන්න ලැබෙන්නේ නැති මේ වගේ වැඩක් කරලා ගුටි කෑවත් කමක් නෑ කියලා හිතුන හින්දා.. අවාසනාවටද වාසනාවටද මන්දා අපි ඒකාලෙ දන්න විදිහට මිනිහෙක්ට විඳින්න පුළුවන් උපරිම දඬුවම ගුටි කෑම කියලා තමා අපේ පොඩි මොලේට වැටහ...
අහපු කියපු දැකපුවට පොඩි කැටයමක්.