5.25.2009
මර්දනය
ඇනෝනිමස් උවද වැදගත් දෙයක් කියනවා නම් මා එය හිස නමා පිළිගනිමි. ඇනෝනිමස් කමෙන්ට් දැමීම "දියත් කුලේ අපි" හි ක්‍රියාත්මක කර ඇතිවාක් මෙන්ම comment moderate කිරීමක්ද මම සිදු නොකරමි. මෙසේ අතිශය පහත් අන්දමින් විවිධ වූ බ්ලොග්කරුවන්ගේ(උන්මන්තක, මලී, මකබාස් ) නම් විකුණමින් ඔවුන්ගේ අනන්‍යතාවය විනාස කිරීම තවත් බ්ලොග්කරුවෙකු ලෙස මම හෙළා දකිමි. මින් පසුව වැටෙන එවැන් කමෙන්ට් මගේ නම විකුණමින් වුවද වැටීමට ඉඩ ඇත. කිසිවෙකු සටහනක ලියන්නේ ඔහුට/ඇයට අවශ්‍ය දේය තමා එයට කැමති නැත්නම් කරුණාකර එය බැලීමෙන් වලකින්න. මා අදාල පුද්ගලයාගෙන් කාරුණිකව ඉල්ලා සිටින්නේ මෙසේ බ්ලොග්කරුවන් මර්දනය කිරීමෙන් වලකින ලෙසය. සාක්ෂි අවශ්‍ය නම් මගේ කලින් සටහන හෝ මලීගේ සටහන බැලිය හැක.
Subscribe to:
Post Comments (Atom)
9 comments:
සමහර මිනිස්සුන්ට තමන්ට එකග නොවෙන අදහස් ගැන දරාගන්න බැරි තරහක් තියෙනවා. මේ අයට ශිෂ්ඨ විදිහට තමන්ගේ විරෝධය පළකරලා තෘප්තිමත් නැතිවුනහම අශිෂ්ඨ ක්‍රම පාවිච්චි කරනවා. සුදුවෑන් වලට බයේ දේශද්‍රෝහීන් අනවර්ථ නම් භාවිතා කරන එක සාධාරණ වුනත්, තමන්ගේ අධිපතිත්වය තියෙන සමාජයකට අනවර්ථ නම් භාවිත කිරීම කොන්ද පණ නැති කමයි. මේ මිනිස්සු තමය 83 දී දෙමළුන‍්ගේ බඩු හොරෙන් අරගන්න ඒ මිනිස්සුන්ව මරුවේ.
ශිෂ්ඨ ආකාරයකට ප්‍රතිචාර දැක්වීම ශ්‍රී ලාංකිකයින්ට කොහොමත් ආගන්තුක දෙයක්. ඔහොම කරලා බ්ලොග් නවත්තන්න පුලුවන් කියලයි උන් හිතන්නේ.
කවුරුන්හෝ මීහරකෙක් මෙම සිංහල බ්ලොග් අවකාශය තුලට කඩාවැදී කුණුහරුප වපුරමින් තප්පුලෑම මම කිසිසේත් අනුමත නොකරන අතර ඊට මගේ විරෝධය පලකරමි.
මෙහි මකබාස් ගේ නම ද සම්බන්ධ කර තිබූ නිසා මේ දේ කියන්නට සිත්වීය. "මකබාස්" යනු ද අන්වර්ථ නාමයකි. ඔහු ඒ නමට මුවාවී මර්ධනයක් ගෙනගිය පුද්ගලයෙකි. ඔහුගේ බ්ලොගයේ පෝස්ට් වැඩිප්‍රමාණයක් ලියැවී ඇත්තේ අනුනට මඩ ගැසීමටය. තම පෝස්ට් සඳහා තමාම කමෙන්ට් දමාගෙන ඒ මඩ ප්‍රමෝට් කිරීමට උත්සාහ දැරුවෙකි.
එබඳු මකබාස්ට අනන්‍යතාවයක් නැත. එහෙයින් එහි විනාස කරන්නට දෙයක් ද නැත.
පාලිතගේ අදහස් වලට මා එකඟ වෙමි. මිනිසෙකු ඔහු තම රටට හෝ රටේ තත්වය ගැන කැක්කුමක් කිබේයැයි ලංකීකයන් මැනීමට භාවිතා කරනු ලබන්නේ එම පුද්ගලයා ලියන්නාවු ලිපිය තමා අවිද්‍යානව හෝ විද්‍යානව පක්ෂපාතී වන්නාවු පක්ෂයට හා සමාජයේ බහුතර මතයට හා තම අන්තවාදයට විරැද්ධව හෝ පක්ෂව ලියන ලිපි තුලිනි. ඒ අනුව ඔහු තම අදහස් වලට විරුද්ධ වු ඒවාට අහවල් ඒවා කීම හෝ එසේ කිරිමට නොහැකිවු කළ පහර දීමට පෙළඹෙයි. අනෙක් කාරණය නම් කෙනෙකු ජනප්‍රය වන විට හෝ ඔහු/ඇය ලියනා ලිපි වල දක්ෂතාවය/ජනප්‍රියත්වය හේතුවෙන් ඊරිශ්‍යා කර මෙසේද ප්‍රතිචාර දක්වයි.
අදහස් වලට අදහස් වලින් පහර දීමේ ක්‍රමවේදයක් හා උපහාස දැරීමේ හැතියාවක් අප රටේ දුර්ලභ වෙයි.
පරණ රැල්ලම ආපහු නැගගෙන එනව වගේ. මේ ගැන ආගන්තුකයා පළ කරල තියෙන අදහස මගේ අදහසත් එක්ක 100% ගැළපෙනව කියල හිතනවා.
@ ශාකුන්තල
"History Repeats Itself" කියල කතාවක් තියෙනවනෙ.
මමත් එකඟයි. පහත ලිපියේදී මීට පෙර කිය සිටියේත් ඔය ගැනමයි
http://panhinda-samaga.blogspot.com/2009/04/anonymous-commenting.html
හොදම දේ ඕන මගුලක් නටා ගනින් කියලා කට පියාගෙන ඉන්න එක.. පස්සෙන් එළව එළව ගියාම නටන නැටුම් වැඩි වෙනවා මිසක් අඩු වෙන්නේ නැහැ.. කාට හරි මගෙත් එක්ක ගැටළුවක් තියනවා නම් මගේ බ්ලොග් එකේ ඕනම පොස්ට‍් එකක කමෙන්ට‍් එකක් විදියට දාලා ප්‍රශ්නේ විසදගත්තුදෙන් කියලා මම සද්ද නැතුව ඉන්නවා.. වෙන කරන්න දෙයක් නෑ..
ඉහත anonymous comment එක සමඟ තරමක් දුරට එකඟයි. බබානිස් ගුරා, ඩොල්කි රණා, වගේ තවත් ගොඩක් නම් වලින් ඉන්න හදන ගොබ්බ මකයා හිතං ඉන්නේ කාටවත් තේරෙන්නේ නෑ කියල.
Post a Comment