Skip to main content

වඳුරන්ගේ රට.

ඒ අනාගතය කියලා පටන්ගත්තොත් අනාගතය කොයි වගේ එකක්ද කියල අපේ හිත්වල තියෙන පින්තූරයට මේක ටිකක් සමාන වෙලා පෙනෙන්න පුළුවන්. ඒ පින්තූරය හදලා තියෙන්නේ වැඩිපුරම පොත්වලින් සහ චිත්‍රපටිවලින් කියලා කිව්වොත් වැරැද්දක් නෑ. කවුරුහරි මේක Planet of the Apes වගේ කතාවක් කියලා කිව්වොත් ඒකෙ ඇති වැරැද්දකුත් නෑ හරියකුත් නෑ.

අපි ඒ ග්‍රහලෝකයට මැඩේෂියාව කියලා කියමු. මැඩේෂියාව භූ පිහිටීම අතින් ගත්තොත් තනි මහද්වීපයකින් සමන්විත විවිධ ජනවර්ග වලින් සමන්විත වුන රටක්. එක අතකින් මැඩේෂියාව සිංගප්පූරුවට සමානයි. 

මේක අතීතය, අනාගතය, වර්තමානය යන තුන්කාලයෙන් ඕනිම කාලයක සිදුවෙන්න පුළුවන් සිදුනොවෙන්නත් පුළුවන් සිදුවීමක්. හෝමෝ නියර්ඩල්තාල්ගෙන් හෝමෝ ඉරෙක්ටස්ට පරිණාමය වුනේ වඳුරා වුනාට හෝමෝ ඉරෙක්ටස්ගෙන් හෝමෝ එක්සලන්ස් වෙන්නේ ඔය වඳුරාද කියන ගැටළුවත් එක්ක අපි කතාව පටන්ගමු. මෙන්න මේ හේතුව නිසා තමා මැඩේෂියාව තුල මැඩේෂියාවේ පූර්වජයා ලෙස ඉගැන්වෙන චිම්පන්සියාව දේවත්වයෙන් සලකන්නේ.



මැඩේෂියාව මූලිකව ද්වී ආගමික රටක්. චිම්පන්සියුස් නමින් හැඳින්වෙන මූලික ආගම නිර්මාණය වෙලා තියෙන්නේ මැඩේෂියාවන් පැවත එන්නේ චිම්පන්සින්ගෙන් කියන හරය පදනම් කරගෙන. අනික් ආගම ගැන පුරෝකථනය කරන එක හරිම පහසුයි. ඒකෙ විරුද්ධ පැත්ත. සරලවම ප්‍රති-චිම්පන්සියුස්. 

සියල්ල ආරම්භ වෙන්නේ මැඩේෂියාව තුල අද්භූත වෛරසයක් පැතිරීමත් එක්ක. ඔව් ඔබ හරි, වෛරස කොහොමත් අද්භූතයි. රිටෙන්ෂියා නමින් හඳුන්වන මේ වෛරසය ආසාදනයෙන් මැඩේෂියාවන්ට මාස තුනක් ඇතුලත කිසිදු හානියක් සිදුවෙන්නේ නෑ. නමුත් දවස් 90 පහුවුන ගමන් හෘදය අකර්මණ්‍ය වීම ආරම්භ වෙලා මිනිත්තු 5 ඇතුලත මැඩේෂියානුවා මරණයට පත්වනවා.

වෛරසය පැතිරීම සිදුවන්නේ මුඛ තරල මාර්ගයෙන් කියලා අඳුරගන්න අවස්ථාව වනවිටත් මැඩේෂියාවේ මුළු ජනගහනයෙන් 1/5 ක ප්‍රමාණයක් වෛරසය නිසා මරුමුවට පත්වී තවත් ඒ හා ප්‍රමාණයක් ආසාදනය වී තිබුන බව නිල වාර්තා පෙන්වා දුන්නා. මෙයට පිලියමක් ලෙස ආසාදනයට ලක්වූ සියළු දෙනා රිටෙන්ෂියාව නම් වූ දූපතකට පිටුවහල් කෙරුනා. ඇත්තටම දූපතට ඒ නම යෙදුනේ පිටුවහල් කිරීම ආරම්භ වුනාට පසුව.

කතාව කොහොම වුනත් රිටෙන්ෂියා දූපතේ තත්වය එතරම් සුබදායක වුනේ නෑ. මාස තුනක ආයු කාලයක් ගෙවන මිනිසුන් තුල පවතින ඉච්ඡාභංගත්වය, ක්ෂණික කෝපය, විශාදය නිසා ඔවුන් බහුතරයකගේ ආයුකාලය මාස තුනක්වත් පැවතුනේ නෑ. මිනීමැරුම්, ලිංගික අතරවර වලින් ගහන වුන ඒ දූපත තුල කිසිම සොරකමක් සිදුවුනේ නෑ. එක අතකින් රිටෙන්ෂියාවන් හට සොරකම් කරන්න තරම් වත්කමක් ඇතැයි සිතන්නත් බෑ. කෙසේ වෙතත් රිටෙන්ෂියාව තුල නීතියක් පවත්වාගැනීමට රජයට උවමනාවක් නොතිබුනේ මාස තුනක ආයු වඩන මිනිසුන්ට නීතියකින් ඵලයක් නැතැයි ගැසට් පත්‍රයක් සම්මත වුන නිසා පමණක්ම කියා කියන්නටත් බෑ. සතියකට සැරයක් ගෙනවුත් දමන නව රිටෙන්ෂියාවන් හැරුණුකොට ආහාර සැපයීමක් පවා ඒ දූපතට සිදුවුනේ නෑ. ඒ හේතුව නිසා රිටෙන්ෂියාවන් තම මාස තුනක ආයු කාලයේ ආහාර සපයා ගත්තේ ජීවත් වුන හෝ මිය ගිය රිටෙන්ෂියාවන්ගෙන්.

චිම්පන්සියුස් වරුන් දේවත්වයෙන් සලකන සත්වයෙක් වන චිම්පන්සියන් ආහාරයට ගන්නා උග්‍ර ප්‍රති-චිම්පන්සියුස් නිකායක් වන අග්‍රා නිකායේ කිසිවෙක් රිටෙන්ෂියාවෙන් මිය නොගොස් ඇති බව සොයාගන්නේ මේ අතරතුරයි.

මතු සම්බන්ධයි හෝ නොවෙයි !!!!


Comments

hare :-) said…
චිකන් ගස් යට ගුල් හාරන කැරට්!
ඔය ආගමික කල්ට් හෙනම තාවකාලිකයි

වැඩිපුර බලපු..

ජීවිතය නම් වේදනාව

ලිපගිනි මෙලවෙන තෙක් දිය      සැලියේ සැපයක් නම් කකුළුවා දිය         කෙලියේ අවදිව පෙරයම තෙක් දිවි             මළුවේ සේපාලික මල අඳුරෙම                නැසුනේ අව්වට වැස්සට හුරු               මිනිසුන්ගේ දහඩිය ඇයි කන්තෝරුවෙ         නැසුනේ කරමත ඇවිලෙන මරගිනි              අතරේ පොලවට නුසුලන තව බර          වැටුනේ සිල්වත දිදුලන වැලිතල                 අතරේ පඬුපැහැ කිරි කලයට මුසු         කෙරුනේ ගිනි අවි බිඳ යදමින් සිර                 ඇතුලේ ඇවිලුන ගිනිදැල් කඳුලින්              නිමුනේ

රති කෙලිය....

අන්තිම පෙළ යාබද අසුනේ.... රතී වීමට තැත් දරන ඈ ... අසුන යහන කොට.... ඔහු හා රගන විසූක දැක... අනෙක් පස විශාඛාවන් .... අසුනින් නැගිට ගිය සද.... ප්‍රජාපතී තොමෝ ... දුන් ඔවදන් අසා... සිනාසුනි දෙපලම..... අහෝ..... !

උක්කුං පටි බෝල බැලන්ස්.. පුක් පේපර්.. පුක් පේපර්...

“මහත්තයා අර ජිනේ මැරිලා“  හමීඩ් මුදලාලි රෙදි මනින ගමන් එහෙම කිව්වෙ මද සිනාවක් එක්කමයි “ මොනවා...! වෙන්න බෑ “  මම එහෙම කිව්වෙ සමහරවිට ජිනේ මැරෙන්නේ නැති එකෙක් කියලා මගේ ඔළුවේ කොනක තිබුන නිසා වෙන්න ඇති “ මිනිහා ඉන්න තැනක් වත් දන්නවාද? “ මම එහෙම ඇහුවේ පව් සමාකරගන්න ගිහින් මූණවත් පෙන්නලා එන්න කියලා හිතාගෙන. ඒත් මාව දන්නේ ජිනේ විතරනේ.. “ ජිනේ “ තාත්තා හැමසතියෙම විකුණන්න ගෙනියන දොර රෙදි යාර 30 ගන්න කොලඹට එනකොට මමත් පස්සෙන් එන්නේ කොලඹ බලන්න. ඒත් අනික් එවුන් කොලඹ ඇවිල්ලා ග්‍රහලෝකාගාරේ, කටුගේ බලලා යනකොට මට බලන්න වුනේ බසාර් එකේ රෙදිකඩ ටිකයි තුන්වෙනි හරස්වීදියේ එලවළු කඩ ටිකයි විතරයි..                 ජිනේ මම මුලින්ම දැක්කේ මම සාමාන්‍ය පෙල කරන කාලයේ වගේ මතකයි. අව්වට කළුවුන අඩි 6 විතර උස ජිනේව මම එදා දැක්කේ යෝධයෙක් වගේ. ජිනේගෙන් තාත්තාගේ කඩේ විකුණන්න බ්‍රෙසියර් දුසිම් දෙකක්, ලංකට් දුසිම් දෙකක් අරගෙන යන එක සිරිතක් වගේ වෙලා තිබුනේ. ලොකු ලොකු කඩවල ලොකු ලොකු නෝනලා මහත්තුරු බර ගනන් දීලා ගන්න ලොකු ලොකු බ්‍රෑන්ඩ් ජිනේ තුට්ටු දෙකට කරත්තේ තියාගෙන විකුණුවා...