"ජයසේන .. ඔළුවත් කපලා බලමු.. "මම එහෙම කියනකොට ජයසේන හෝල්ඩරයට හයිකරලා තිබුන යකඩ කපන කියත අතට අරන් ඉවරයි. මේක මගේ මුල් වතාව වුනාට ජයසේනගේ මුල් වතාව නොවන හින්දා කිසිම දෙයක් අමුතුවෙන් කියන්න උවමනාවක් තිබුනේ නෑ. අපරාදේ මට නුවන් අයිය එක්ක කලින් දවසක එන්න තිබුනා. මම සිතුවිල්ලේ ඉන්න අතරේ ජයසේන ඔළු කට්ටෙන් බාගයක් කපලා ඉවර කරලා තිබුනා..
*****************************************************************
නුවන් අයියා මම එන්න අවුරුදු තුනකට විතර කලින් ගල්ලෑල්ලේ රජයේ රෝහලේ සේවයට අනුයුක්ත කරලා තිබුනා. කලින් දොස්තරලා දෙන්නෙක් හිටපු ඒ ඉස්පිරිතාලෙට මමත් ආවට පස්සේ දොස්තරලා ගාන තුනක් නොවුනේ රම්‍යා අක්කා මම එනවත් එක්ක රත්නපුරේට මාරුවක් හදාගත්තු නිසා. ඒත් එක්ක ඇතුලේ ක්වාටස් එකේ හිටපු අළුත් දොස්තර මහත්තයා උඩ ක්වාටස් එකට මාරුවුනා.
ගල්ලෑල්ලටම තිබුන එකම ඉස්පිරිතාලේ තිබුන ඉඩමට අල්ලපු ඉඩමේ ගල්ලෑටම තිබුන එකම ඩිස්පැන්සරිය පිහිටලා තිබුනා. හවස පහමාර වෙනකම් ඉස්පිරිතාලේ නිකං බෙහෙත් දීපු දොස්තරලා දෙන්නා පහමාරෙන් පස්සෙ සල්ලිවලට බෙහෙත් දුන්නේ එතන.
ඇටන්ඩන්ලා තුන්දෙනයි, නර්ස්ලා දෙන්නයි ජයසේනයි අපි දෙන්නයි ඇරෙන්න ඉස්පිරිතාලෙට මුරකාරයෙක් වත් හිටියේ නෑ. ඒක නිසා ඇම්බියුලන්ස් ඩ්‍රයිවර්, පිරිමි වාට්ටුවේ නර්ස්, මිනී කපන එකා, කියන පට්ටම් තුන ඇරුනාම ජයසේනට මුරසේවයත් පැවරිලා තිබුනා. උණක්, කපාගැනිල්ලක්, අතපය කැඩිල්ලක්, මැලේරියාවක්, සර්පයෙක් ගැහිල්ලක් ඇරුනාම වෙනත් ලෙඩෙක් ආවේ කලාතුරකින්. සතියකින් මොන ලෙඩේ වුනත් හොඳ වුනේ නැත්නම් ජයසේන එක්ක රත්නපුරේ යවනවා ඇරෙන්න අපිට වෙන විකල්පයක් තිබුනේ නෑ.
"දහපාරක්ද විසිපාරක්ද කොහෙද ලේ දුන්න හින්දා තමා ඕකා ඔය යෝධයා වගේ වෙලා ඉන්නේ. ඒ පිනට තමා ඔච්චර සක්තියක් තියෙන්නේ"ඇටන්ඩන්ඩ් රාජපක්ෂ කිව්වේ මම දොස්තර කෙනෙක් කියලා අමතක වෙලාද කොහෙද.
"ඒ වුනාට ඕකාට කිසිම අණක් ගුණක් නෑ සර්.. එකම නංගිව පොලඟෙක් ගහලා මීට අවුරුද්දකට කලින් මැරුණ වෙලාවේ ඒකිගේ මිනිය කැපුවෙත් ඔය අසමජ්ජාතියා තමා. දැනටත් ගමේ උන් නැතිතැන බනිනවා ඕක කියලා. හැමදාම රෑට නිදාගන්න කලින් කසිප්පු හරි ගල් හරි බාගයක් ගහනවා. නංගිගෙ මිනිය කපන්න කලිනුත් බීලා හිටියේ කියලා රමණි නෝනා කිව්වා මම අහගෙන. මූට ඒ වැඩේ නොකර ඉන්න තිබුනේ සර්."
"ඇයි මොකද්ද ඒකෙ වැරැද්ද"
හරි වැරැද්දක් හිතාගන්න බැරිවුනත් ඒක නොකලයුතු වැඩක් කියලා මගේ හිතටත් වැටහෙමින් තිබුනා.
එදා ඉඳන් අද මේ පෝස්ට් මෝටම් එක ඉවරවෙනකම් මම ජයසේන එක්ක තනියම කතාකරන්න වෙලාවක් හදාගන්න උත්සාහ ගත්තා.
"ජයසේනගේ නංගි නැතිවුනේ ලඟදිලු නේද?"මම කතාවට මුලක් හොයන්න පටන් ගත්තා.
"ගමේ එවුන් ඒ කතාව සර්ගෙත් කනේ තිබ්බා නේද? ඉතිං සර් මම නංගිව පණපිටින් කැපුවේ නෑනේ. අනික මේ ගමේ එකෙක්වත්.. අඩුමගානේ නුවන් මහත්තයාවත් ඒ මිනිය කපන්නේ නෑනේ සර්.. ඉතිං මම කලේ වැරැද්දක්ද?"ජයසේන කතාකලේ ආවේගයකින් නොවේ. නමුත් යම් ආවේගයක් ඒ වචනවල ඇතැයි මට සිතේ. එවෙලේම බුලත් කෙල පාරක් මිදුලට ගහපු ජයසේන
"මම ටිකක් නිදාගන්න යනවා සර්, කොහේහරි යන්න තියෙනවානම් දොරට තට්ටුවක් දාන්න."මටත් හවස් වරුවේ විශේෂ වැඩක් නොතිබුන නිසා ප්ලේන්ටියක් බොන්න හිතාගෙන කඩේ පැත්තට ඇවිදගෙන ගියා. ඒක අහපු එක හරිද වැරදිද කියන එක හිත ඇතුලේ දෝලනය වෙච්ච නිසා මම නුවන් අයියවත් කඩේට ගෙන්නාගත්තා.
"උඹයි මේ ගමේ එවුනුයි ඒ මිනිය තියාගෙන තාම කප කප හිටියට ජයසේන එදායින් ඒ මිනිය කපලා ඉවර කරන්න ඇති."මට නුවන් අයියාගෙන් ලැබුන පිලිතුර එපමණකට සීමා විය.
පහුවදාත් මම උදේ වැඩට යනකොට ජයසේන උපේක්ෂාට ඇමිබියුලන්ස් එක උස්සලා පෙන්නනවා මම බලාගෙන හිටියේ..
"මේ ඇම්බියුලන්ස් එක මට බරක් නෑ මිසී."මට ජයසේන කියපු කතාව ඈතට ඇහුනා.
14 comments:
"උඹයි මේ ගමේ එවුනුයි ඒ මිනිය තියාගෙන තාම කප කප හිටියට ජයසේන එදායින් ඒ මිනිය කපලා ඉවර කරන්න ඇති."
මෙන්න මේක තමයි මචන් අපි ප්‍රගුණ කළයුතු ලොකුම දේ... මුළු කථාව පුරා දිවෙන හැම අතුරු කථාවකට වඩා මේ කථාව හරිම ප්‍රායෝගිකයි...
ව්මලරත්න කුමාරගමගේ කවිවගයක් තිබුනා මේ වගේ මනුස්සයෙක් ගැන. ඒ එක්කම මට මතක් උනා අර සෙන් බවුද්ද කතාව. ලොකු හාමුදුරුවෝ කෙල්ලක් උස්සගෙන ගඟෙන් එතෙර කල කතාව.
සැබෑවටම මේ වගේ ජයරත්නලා ඕනා තරම් ඉන්නවා මම දැකලත් තියනවා
රියල් චරිතයක් ගැන නිරුත්සාහී ලිවිල්ලක්. නියමයි.
මිනිය කපන්නේ හදිසි මරණයකදී පශ්චාත් මරණ පරීක්‍ෂණකට නේද? ඒකට ජේඑම්ඕ කෙනෙකෙුගේ නියෝගය ඕනැනේ.
ජයසේනට හිතුමතේ මිනිය කපලාද?
මට නං අපැහැදිලියි කතාවේ මූලික අතීත සිදුවීම.
මටනම් හිතෙන විදියට ජීවිතය ගැන හොදටම වැටහීමක් තියෙන එක්කෙනෙක් වෙන්නේ මොචරියේ මිනීකපන මනුස්සයට කියලා ...
මට එතකොටම ඔලුවට ආවෙ අර සෙන් කතාව..පොඩි හමුදුරුවො ගගකින් ගැණු කෙනෙක් එගොඩ කරාම ලොකු හමුදුරුවො එක ගැන කියවද්දි මම ඇය එගොඩ කරල එගොඩින් තියල ආවට ඔබ තාමත් ඇය කර ගසාගෙන ඇවිදිනව කියපු එක...
niyamai machan !
jeevithe yam yam awasthawala mehema minissu hamuwenawa...
e minissu apita yam yam de kiyanawa...
habei, godak de nokiya innawa.
සමහර වෙලාවට මමත් මගේ හිත ඇතුලේ කුණු වෙච්චි මිණී කප කප ඉන්නවා.., සමහර වෙලාවට ඒ නිමිත්තට හේතු වෙච්චි මිණිය වළ දාලා ඒ වෙනකොට ගසුත් පැල වෙලා ඉවරයි..,
මට මේ පෝස්ට් එක ගැන ගුණදොසක් මතක් නොවුනට මට මගේ ඔලුවේ තියාහිටපු කුණු ගහපු මළ මිණියක් මතක් උණා..!
මට ඒක වල දාන්න මතක් කරලා උඹ කලේ ලොකු උදව්වක්..!
මේ අලංකාර ලිපිය ගැන නෙමෙයි වෙන ඔත්තුවක්...
මිනී කපන මාර ප්‍රෝග්‍රෑම් එකක් රූපවාහිනියේ මම බැලුවා...
Autopsy Channel 4 කියලා සර්ච් කලොත් යූටියුබේ තියෙනවා...
හැමෝටම ස්තූතියි.
සරත් - ඔව් මචං කුමාරගේගෙ කවි පන්තියක් තියෙනවා.
කතන්දර - ජයසේන මෝචරියේ මිනී කපන එකා වෙච්ච ඔය දෙවිදිහටම කැපුවා වෙන්න පුළුවන්.
අභීත - මම ජයසේන කරපු වැඩේ වැරැද්දක් දකින්නේ නෑ. කිව්වා වගේ ඒ මනුස්සයා නංගි පණපිටින් කපලා නෑනේ.
චාමි - ස්තූතියි මචං.
ලිෂාන් - අපි හැමෝම කුණු වෙච්ච මිනී ඔළුව උඩ තියාගෙන ඉන්නවා. සමහර විට ඒක අපිට ආතල්. අර විඳවීමේ ආතල් එකක් තියෙනවා කියන්නේ අන්න ඒකට වෙන්න ඇති.
රොබින් - ඔව් හැම මරණෙකටම තියෙනවානේ බං කතාවක් ජීවිතාවබෝධයකුත් තියෙන්න පුළුවන්.
පැන්ඩා - ඔව් මචං ඒ වගේ කතාවක් තමා මේක.
මනෝජ් - තැන්කූ මචං. කතාව හරියට හරි. හැම මනුස්සයාටම තියෙනවා කතාවක්. ඒ කතාවේ නොකියන පැත්ත හරිම ලස්සනයි.
බීටල් - වීඩියෝව බැලුවා. එල..
"ඇන්තනීගේ නංගි නැතිවුනේ ලඟදිලු නේද?"
හ්ම්........... කථාව ලියද්දි ඇන්තනී, පස්සේ දුටුගැමුණු රජතුමාගේ යෝධයාගේ කථාව කියද්දි ජයසේන වුනා නම් හොඳයි කියලා හිතුනද? :)
හිතන්න යමක් එක් කල කථාවක්...
@රන්දිකා ඔළුවේ තිබුන වෙන නමක් එක්ක ජයසේන පැටලිලා.. දැන් හරි වැරැද්ද හැදුවා.
හවහට අඩියක් ගැහුවට මං හිතන්නේ සියලු දේවල් උපෙක්ෂාවෙන් දරාගත්තා මිනිහෙක්
Post a Comment