Skip to main content

මංසල පැමිණීය අප හට වෙන්වෙන්ට

කිරි පිරි කලේකට නූඹ පෙම්          කෙරුවාම
ඒ කිරි කලේ ගොම බිඳ නුඹ               දුටුවාම
ඒ කිරිවලින් මම කිරි පිඬු                  පිසුවාම
අපුලක් දැනේ නුඹහට එය                කෑවාම

ආගිය මගේ තවමත් උණුහුමට                  රැඳී
පියසටහන් මග යන එන විටදි            පෙනේ
අප රැඳුනු තැන්හි නුඹ රුව ඇත තවම       ඇඳී
ඒ රුව තවම මා ලඟ හිඳ දොඩනු            දැනේ

මට නැති කලට මට නැති දේ                දුන්නාට
ඒ ණය තවම මා සිත තුල                      රැඳුනාට
දෙදෙනා දෑත් බැඳ පියමං                  කෙරුවාට
මංසල පැමිණීය අප හට                වෙන්වෙන්ට

Comments

අනේ මන්දාය. . .
හිත් දුක් පහව යෑම
හාපික් දමන්නා මෙන් පහසු නොවන බව දන්නා නිසා. . .
අනේ මන්දාය. . .
hare :-) said…
මතත් අලේ වන්දාය... :(
Jay said…
මේක නම් මාර ලස්සනයි, ඇත්තමයි..!
This comment has been removed by the author.
කියවන විටදි නුඹෙ කව් පද පෙලින් පෙලේ
වෙනසක් දැනුනි දම්මිණි ගැන මගේ ස්වරේ
හෙළි නොකලාට නුඹගැන ඇයට පලමු සැරේ
වරදද නුඹෙයි එය පිලිගත යුතුය මලේ !!!
ගොම බිඳ මිසක කිරි කලයම නොපෙනීම
බිඳ වුව අපුල බව මුසුවී කෙළෙසීම
සිත රැඳි තැන්හි රූසිරි තව ගැවසීම
ලෝදම් එබැව් බව යළි යළි පැවසීම

පෙර ගුණ වරුණ මංසල ළඟ සිහිවීම
හොඳ හදවතක නිමිතිය එය දැන ගැනුම
මංසල දෙපසකට වෙන්කළ පෙර දැකුම
තව තැනකටය ළංවෙන්නට මග බැලුම :)
Jay said…
"මංසල පැමිණීය අප හට වෙන්වෙන්ට"
මේක තමයි දැන් කියන්න ඉතිරි වෙලා තියෙන්නෙ මටත්.
:(

වැඩිපුර බලපු..

දේශද්‍රෝහියා...

මගේ ගෙදර ගේට්ටුවේ ජාතික කොඩියක් නැත... එම නිසා මම දේශද්‍රෝහියෙකි .. මගේ ගෙදර මිදුලේ රතිඤ්ඤා පිපිරුනේ නැත... එම නිසා මම දේශද්‍රෝහියෙකි ... දේශප්‍රේමීන්ගේ පෙළපාලියට මා සහභාගී වූයේ නැත... එම නිසා මම දේශද්‍රෝහියෙකි .. ප්‍රභාකරන්ගේ මල කිරිබත මට කෑමට නොහැක.. එම නිසා මම දේශද්‍රෝහියෙකි ... බාගයක් ගසා දේශාභිමානී ගීත කීමට මට බැරිවිය... එම නිසා මම දේශද්‍රෝහියෙකි ... පිටස්තරයා නිවැරදිය මේ ගොං පාට් හමුවේ හෙට ප්‍රභාකරන් නැවත උපදිනු ඇත සිදුවිය යුත්තේ මෙයද? මා දේශද්‍රෝහියෙකි..

ජීවිතය නම් වේදනාව

ලිපගිනි මෙලවෙන තෙක් දිය      සැලියේ සැපයක් නම් කකුළුවා දිය         කෙලියේ අවදිව පෙරයම තෙක් දිවි             මළුවේ සේපාලික මල අඳුරෙම                නැසුනේ අව්වට වැස්සට හුරු               මිනිසුන්ගේ දහඩිය ඇයි කන්තෝරුවෙ         නැසුනේ කරමත ඇවිලෙන මරගිනි              අතරේ පොලවට නුසුලන තව බර          වැටුනේ සිල්වත දිදුලන වැලිතල                 අතරේ පඬුපැහැ කිරි කලයට මුසු         කෙරුනේ ගිනි අවි බිඳ යදමින් සිර                 ඇතුලේ ඇවිලුන ගිනිදැල් කඳුලින්              නිමුනේ

එය සිදුවිය යුතුව තිබුනි....!

එය එතරම් අසීරු යැයි එය සිදුවනතුරු මම දැනගෙන සිටියේ නැත. එය සිදුවිය යුතුව තිබුනි. නමුත් අප දෙදෙනාගෙන් එකෙකු හෝ එය භාරගන්නට සූදානම් නොවීය. අවසානයේ එය සිදුවී ඇත...! ජීවිතය නම් වූ නවකථාව තුල දෑවුරුද්දක පරිඡේදයක්  අවසාන වී ඇත. කතන්දර ගොඩක් මැද්දෙ හමුවූ දෙන්නෙක්  කතන්දර ගොඩක් මැද වෙන්වී ගොසින්ය සියල්ල අනාගතයට බාරදී අත පිහිදාගන්නට ආත්මාර්ථකාමී ආසාවක් හිතට ආවත් එය සිදුකිරීම එතරම් පහසුනම් මම එය දැනටමත් අහවර කොට හමාරය.  කතාන්දරය නිල වශයෙන්ම අවසන්ය. අවසානයේ මම පිදුම වෙනස් කරමි.... "මගේ අතේ එල්ලී මගේ කණ් ගොඩ කරපු දම්මිනීට.."  පින්තූරය අහක් කිරීමට තරම් මම මුග්ධයෙකු වී නැත.  එහෙත් දවසක එයද ඉවත් කිරීමට සිදුවනු ඇත..  ආදරය කියන සූදුවෙන් මම පැරදී ඇත.. මම ලඟ තුරුම්පු අවසන් වී තිබුනි... එය සිදුවිය යුතුව තිබුනි....!