එය එතරම් අසීරු යැයි එය සිදුවනතුරු මම දැනගෙන සිටියේ නැත.
එය සිදුවිය යුතුව තිබුනි.
නමුත් අප දෙදෙනාගෙන් එකෙකු හෝ එය භාරගන්නට සූදානම් නොවීය.
අවසානයේ එය සිදුවී ඇත...!
ජීවිතය නම් වූ නවකථාව තුල දෑවුරුද්දක පරිඡේදයක්
අවසාන වී ඇත.
කතන්දර ගොඩක් මැද්දෙ හමුවූ දෙන්නෙක්
කතන්දර ගොඩක් මැද වෙන්වී ගොසින්ය
සියල්ල අනාගතයට බාරදී අත පිහිදාගන්නට ආත්මාර්ථකාමී ආසාවක් හිතට ආවත් එය සිදුකිරීම එතරම් පහසුනම් මම එය දැනටමත් අහවර කොට හමාරය.
කතාන්දරය නිල වශයෙන්ම අවසන්ය.
අවසානයේ මම පිදුම වෙනස් කරමි....
"මගේ අතේ එල්ලී
මගේ කණ් ගොඩ කරපු
දම්මිනීට.."
පින්තූරය අහක් කිරීමට තරම් මම මුග්ධයෙකු වී නැත.
එහෙත් දවසක එයද ඉවත් කිරීමට සිදුවනු ඇත..
ආදරය කියන සූදුවෙන් මම පැරදී ඇත..
මම ලඟ තුරුම්පු අවසන් වී තිබුනි...
එය සිදුවිය යුතුව තිබුනි....!

23 comments:
අද අමුතුම දවසක් කියලා හිතෙනවා. හෙමෝම ලියන්නෙ ආදරයෙ පරාජිත සිතුම්. හරිම දුකහිතුන කතාවක්
හ්ම්ම්ම්......
හිතෙන්නේ නෑ කියන්න දෙයක්!
මොනව ලියන්නද කියල හිතාගන්න බෑ. මට තාම විස්වාස නෑ මේක ඇත්තද කියල. මොනවද මේ වෙන්නෙ.
ලස්සන පද පෙලක් වගේම මගේ හිතට දැනෙන පද පෙලක්!
හැම හමුවීමක් අවසන කිනම් හෝ වෙන්වීමක් තියෙනවා.. එයයි යථාර්තය...
මට මතකයි මීට ටික දවසකට පෙර දෑවුරුද්දට සුබ පැතුවා. මගේ මුල්ම කමෙන්ට් එකක් විදිහට. දැන්නම් කියන්න වෙන දෙයක් ඔලුවට එන්නෙ නෑ මචන්.
මට නම් තාම හිතාගන්න බැහැ මොනවද මේ වෙන්නෙ කියල :(
බය වෙන්න එපා තුරුම්පු තියේ නම්
/බිඟුවා...!
හ්ම් හ්ම් හ්ම්...
මේ දවස් වල හැමෝටම දැනෙන්නෙ විරහවද ?
hhhmmmmmmm
ane manda . . .
what?????????????????????????????????
ජිවිත්යේ ලං වෙන සැම දෙම
අපි තනිකර ජිවිතයේන් පලා යයි.....
සධාතනික වු ඒ ලොක ධර්මයට,තනිකමට,විරහවට
කෙදිනක හො ගොදුරු වේ...................
ඉතින් අයියේ ............................?
"ගැහැනිය ලෝකයට බිහිවි ඇත්තෙ හැඩිමටවත් සිනාසීමටවත් නොව හැඩිමත් සිනාසීමත් අතර රැදෙමින් මේ ලෝකය තවත් ලස්සන කිරිමටය"
උඹත් තව ටික කාලයක් ඒ ලෝකයේ ලස්සන බලන්න උත්සහ කරපන්.
කවදාවත් කොහේදීවත් කවුරුවත් පැරදිලා නැහැ..! උනදේ උනා..!!
හිත හදාගන්න බලමු..!!!
අප්පා...
සිරාවටමද කියන්නේ බන්?. මට මාර පුදුමයි. ඒ වගේම දුකයි. :(
කියන්න දෙයක් නෑ .... ටික දවසකට කලින් උඹත් එක්ක අපිත් දම්මිණීගේ උපන්දිනේට සුභ පැතුව වගෙත් මතකයි.
ඒත් අද ????????
සදාකාලික නොවූ ලෝකයෙ සදාකාලික ප්‍රේමයක්..
සොයා නෙක ගම් දනවු පීරා...
ගෙවූ කාලය සිහිනයක්...
Shit happens.
Move on Dude!
Experience is what matters most.
ඇත්තටම..හුඟක් දුකයි.
ඒත් තාම මට විශ්වාස නෑ.
හිත හදා ගන්න ශක්තිය ධෛර්යය ලැබේවා..
ගොඩක් වෙලා හිතුවා...! මොනවද ලියන්නෙ කියලා... හිතේ තිබුණ දේ වචන උනේ නෑ..!!
මම මේක දැක්කෙ කාලෙකට පස්සෙ... දැන් සියල්ලම සන්සුන් ඇති!! When will be, Will be
Post a Comment