3.24.2010

ඩබල් ඇඳක සින්ගල් හිතක්...!

මිරිඟුවක්වත් නැති කතරක 
වෙන්දේසියේ තැබූ හදවතක් එක්ක...

අඳ ගොළු බිහිරි ,
නැට්ටෙන් කණපිට ගැහුණු ,
කවන්ධයක් තුල...

විසාලා මහනුවර ,
පිපාසාවෙන් මියයන...

අනෝරා වැසි ඇදවැටී ,
ඉංජිනේරුවන්, වෛද්‍යවරුන්,
කලාකරුවන්, පාදඩයින්,
දියපහරින් වැසිකිලි වලට සේදී යන...

මදුරුවොත් ඇවිදින්,
නක්කලේ දාලා යන,
ඩබල් ඇඳක සින්ගල් හිතක්...!

16 comments:

පිස්සා පලාමල්ල said...

උබ කියන දේනම් මට පැහදිලි මදි. ඒත් ලොකු දෙයක් කියනව කියල හිතෙනව.

Manoj Dharmawardhane said...

පැණි බේරෙන අදහස... මරැවට ලියල තියෙනව බං. අන්තිම පදේ වුණත් අතිශය පරිකල්පනීයයි

Raven said...

නියමයි මචන්.

Koombiya said...

Maxa!

ආගන්තුකයා | Stranger said...

මට ඊයේ රෑ නින්ද යාගෙන එද්දි ආපු අයිඩියාවක් අමතක වෙයි කියලා බයේ ෆෝන් එකේ කොටලා තියාගත්තා..

ආගන්තුකයා | Stranger said...

සියළුදෙනාට ස්තූතිය...!

බිඟූ said...

elane... mea dawas wala mama innet daban andaka singalewa. namut sigle hitak nam nemey. hit 3k

``` Outsider``` said...

ඇත්තතටම නියමයි මචං..

Hakuna Matata said...

එල්ලොරුම් නල්ලමා

- නිල් අහස - said...

Superbbb...මචං.
හිත පතුලටම වදිනවා.

Rusiru Boteju said...

තේරුනේ නැතෝ !!!!

දුකා said...

පිස්සු හැදෙනවා මලේ . . උඹ නම් සිරාම සිරා පොරක් . .

අර බාබර් සාප්පුව කතාව ත් ඒ වගේ මට ඒක දෙවෙනි පාරට කියවන්න යන්න බහැ වගේ එච්චරටම බොක්කට දැනෙන්න ලියනවා බන් උඹ. . .

පට්ට . .. .

අහ් නිදා ගන්න ගියාම හිතට අවා කියලා උඹ කියන්න ඕන නෑ වැසි වතුරට ගහගෙන යන ඉංජිනේරුවෝ වෛද්‍යවරුන්, කලාකරුවන්, ගැන කියන කොටම ඕන එකෙකුට තේරෙනවා ඒක හික් හික්

ආගන්තුකයා | Stranger said...

ස්තූතිය දුකා අයියේ.. කී දෙනෙක් කියලා ඔය විදිහට ගහගෙන යන්න ඇත්ද අනාගත ජනාධිපතිතුමත් හිටියද දන්නෙ නෑ අපරාදේ....

sansarasidu said...

අපුරුයි...උඹේ සිතුම් පැතුම් වලට මං කැමතියි..
ඒවයේ උඹටම වෙන් වෙච්චි අනන්‍යතාවයක් තියෙනවා..

Nimesh said...

ඩබල් ඇදක සිංගල් හිතක්!!!
මේකනම් මාර ගති.....
ලස්සනට ලියලා තියෙනවා හිතට වදින්න

sansarasidu said...

ලැබුවා වූ නව වසර...
සාමය, සතුට සපිරි...
ඔබේ සියළු පැතුම් ඉටුවන සුබ නව වසරක්ම වේවා !!!