Skip to main content

සාපේක්ෂව වෙනස්ද....



සියල්ල නිරුවත් සමාජයක
ඇඳුම් ඇඳ සිටීමටද.....
සියල්ල ඇඳුම් ඇඳ සිටින සමාජයක
නිරුවතින් සිටීමටද...
හැකිනම් ...
නුඹ සාපේක්ෂව වෙනස්ය ....

සියලු දෙනා අඬන විට
සිනාසීමටද...
සියලුදෙනා සිනාසෙනවිට
ඇඬීමටද.....
හැකිනම්
නුඹ සාපේක්ෂව වෙනස්ය...

ගොම ගොඩක් තුල
කිරි කඳුලක් වීමටද...
කිරි කළයක් තුල
ගොම බිඳක් වීමටද....
හැකිනම්....
නුඹ සාපේක්ෂව වෙනස්ය...

වෙනස්වීමට් ඕනෑ නම්...
තෝරනු ..
නුඹට හොඳ විදිහක්....

Comments

ෂා..කාව්‍ය රසයෙන් නං අනුනයි. ඒත් ඉතිං දර්ශනවාදී වුනාම බුදු කේස් නේ මචං..හරියට ගුණදාස අමරසේකර ගෙ කතා වගෙ. ..මේ ..හිතේ කිසීම කහටක් නැහැ..ඒ වුනාට විරුද්ධ වීමට ඇති අයිතිය පාවල දෙන්න බැහැනේ සතුටු සාමීචියට ගිහින්... lets agree to disagree..
malee_msg said…
තේරීම අමාරු නැද්ද? මේ සමාජේ ඉහ ගහගෙන ඉන්න නම් ඔය දෙවිදියටම ඉන්න පුරුදු වෙන්න වෙනවා.. එහෙම නැති වුනොත් අපි පරදින්නේ ගෙඩි පිටින්..! ‍අකමැත්තෙන් ‍හෝ කටුස් න්‍යාය අනුගමනය කරන්න වෙනවා..
මෙකී සාපේක්ෂ වෙනස ඔබ එම සමාජය තුල "පිස්සා" ලෙස කෙටි නමකින් හඳුන්වනු ඇත.
Narada said…
නියමයි කවිය, ඒත් මේ තේරිම් එක්ක සිටින විටදි සමාජය එය දකින්නේ මෝඩකමක් හෝ පිස්සුවක් කියලානේ. ඒත් පිස්සුව තියෙන්නෙ සමාජයමයි ඉතිං.
Anonymous said…
ඔය සාපේක්ෂ වෙනසට මම හරිම ආසයි. . ඔතන දි, හුදෙක් ම දී ඇති උදාහරණයන් ගෙන් ඔබ්බට ගිහින් අපිට මේ කවිය මුල් වරට කියවද් දි අපිට Syncronized වෙන දේට වඩා කාලයත් සමගම පරිණාමය වෙන්න ඉඩ දුන්නොත්,අපෙන් එලියට එන මේ Dycronized concepts, ඒක සාපේක්ෂ වෙනස කවුරුත් අත් දකීවි.
එය අත් දකිමින් ඉන්න දෙයක් බවත් පෙනෙනව..
ඇත්තටම හොඳයි නරකයි කියන එකත් කොච්චර සාපේක්ශද... අද සමාජයේ නරක විතරක් කරන තවත් සමාජයකට ගිහින් අපෙ හොඳ කරන්න ගියාම අපි එතන නරක් වෙනව... එතන හොඳයි කියලා සම්මතය තියෙන්නේ අපි නරක කියලා හිතන දේ... ඉතින් ඕකට මොකද කරන්නේ....
Sankha said…
කවිය හොදයි මචං, හැබැයි දර්ශනය ඇතුලේ ‍උඹ ලොකු අවුලක ඉන්නෙ. සන්දෘෂ්ඨිකවාදේ existentialism පොඩ්ඩක් කියවල බලපං. හැබැයි වෙනස් සන්දර්භයකින් වැඩු‍නු දෙයක් තව කොහෙට හරි බලෙන් ගෙනත් බැස්සුවම ඔය වගේ ප්‍රශ්න මතුවෙනවා. කොහොමටත් සුද්දෝ ආවට පස්සේ අපේම කියලා දෙයක් නෑනේ. කොහොම වුනත් සාපේක්ෂව වෙනස් කියලා උඹ ලියලා තියෙන්නේ ක්‍රම විරෝධය ද කියලා මම දැනගන්න කැමතියි. ඒ නිර්මානය පිළිගනිමින් ඒත් උඹව පුද්ගලිකව දන්න කෙනෙක් විදිහට
මමත් ඇත්තටම ටිකක් පැටලිලා තමා ඉන්නේ... සමාජයේ වෙනස් කියන්නෙ ඇත්තටම මේක නෙමෙයිද...
Anonymous said…
උමතුව.. අපි හැමෝටම තියෙනව. .ඒක ගැන වාදයක් නැහැ නෙ. . ඔව්... නිර්මාණකරණයටත් කිසියම් වු උමතුවක් අවශ්‍යයි.මමත් සාමාන්‍යයෙන් කවි ලියද්දි මගේ උමතු අදහස් කුරුටු ගානව. .මම ටිකකට කලින් ඒවගේ මගේ හිතේ තිබ්බ අදහසක් ලිව්ව කවියෙන්.නමුත් කවියෙ සාහිත්‍යය පැත්ත දුර්වල බවක් පෙනුන.ඒක මම පල කරේ නැහැ.ඔයගෙ නිර්මාණය හොඳ ප්‍රවේශයක්,කොහොමද සාහිත්‍යයෙන් කියන්නෙ කියන එක අපි තව හදාරමු.ආවේගශීලීත්වය සොඳුරු ලෙස ඉදිරිපත් කරන්න!
ගවේෂණ said…
ඇත්තටම ඒක ටිකක් පැටලිලි සහගතයි..දෙපැත්තෙන් කොයි පැත්තක හිටියත්, එක පාර්ශවයක අය අනිත් පාර්ශවයෙ අයව හදුන්වන්නෙ පිස්සො කියලනෙ.

වැඩිපුර බලපු..

දේශද්‍රෝහියා...

මගේ ගෙදර ගේට්ටුවේ ජාතික කොඩියක් නැත... එම නිසා මම දේශද්‍රෝහියෙකි .. මගේ ගෙදර මිදුලේ රතිඤ්ඤා පිපිරුනේ නැත... එම නිසා මම දේශද්‍රෝහියෙකි ... දේශප්‍රේමීන්ගේ පෙළපාලියට මා සහභාගී වූයේ නැත... එම නිසා මම දේශද්‍රෝහියෙකි .. ප්‍රභාකරන්ගේ මල කිරිබත මට කෑමට නොහැක.. එම නිසා මම දේශද්‍රෝහියෙකි ... බාගයක් ගසා දේශාභිමානී ගීත කීමට මට බැරිවිය... එම නිසා මම දේශද්‍රෝහියෙකි ... පිටස්තරයා නිවැරදිය මේ ගොං පාට් හමුවේ හෙට ප්‍රභාකරන් නැවත උපදිනු ඇත සිදුවිය යුත්තේ මෙයද? මා දේශද්‍රෝහියෙකි..

ජීවිතය නම් වේදනාව

ලිපගිනි මෙලවෙන තෙක් දිය      සැලියේ සැපයක් නම් කකුළුවා දිය         කෙලියේ අවදිව පෙරයම තෙක් දිවි             මළුවේ සේපාලික මල අඳුරෙම                නැසුනේ අව්වට වැස්සට හුරු               මිනිසුන්ගේ දහඩිය ඇයි කන්තෝරුවෙ         නැසුනේ කරමත ඇවිලෙන මරගිනි              අතරේ පොලවට නුසුලන තව බර          වැටුනේ සිල්වත දිදුලන වැලිතල                 අතරේ පඬුපැහැ කිරි කලයට මුසු         කෙරුනේ ගිනි අවි බිඳ යදමින් සිර                 ඇතුලේ ඇවිලුන ගිනිදැල් කඳුලින්              නිමුනේ

එය සිදුවිය යුතුව තිබුනි....!

එය එතරම් අසීරු යැයි එය සිදුවනතුරු මම දැනගෙන සිටියේ නැත. එය සිදුවිය යුතුව තිබුනි. නමුත් අප දෙදෙනාගෙන් එකෙකු හෝ එය භාරගන්නට සූදානම් නොවීය. අවසානයේ එය සිදුවී ඇත...! ජීවිතය නම් වූ නවකථාව තුල දෑවුරුද්දක පරිඡේදයක්  අවසාන වී ඇත. කතන්දර ගොඩක් මැද්දෙ හමුවූ දෙන්නෙක්  කතන්දර ගොඩක් මැද වෙන්වී ගොසින්ය සියල්ල අනාගතයට බාරදී අත පිහිදාගන්නට ආත්මාර්ථකාමී ආසාවක් හිතට ආවත් එය සිදුකිරීම එතරම් පහසුනම් මම එය දැනටමත් අහවර කොට හමාරය.  කතාන්දරය නිල වශයෙන්ම අවසන්ය. අවසානයේ මම පිදුම වෙනස් කරමි.... "මගේ අතේ එල්ලී මගේ කණ් ගොඩ කරපු දම්මිනීට.."  පින්තූරය අහක් කිරීමට තරම් මම මුග්ධයෙකු වී නැත.  එහෙත් දවසක එයද ඉවත් කිරීමට සිදුවනු ඇත..  ආදරය කියන සූදුවෙන් මම පැරදී ඇත.. මම ලඟ තුරුම්පු අවසන් වී තිබුනි... එය සිදුවිය යුතුව තිබුනි....!