Skip to main content

පූර්ණය

අතේ එල්ලිලා දකුණු අත දික් වෙලා...
කියවලා කියවලා කණ් දෙකත් ගොඩ වෙලා...
ගුටිකාලම මගේ පිට කොන්ද ඉදිමිලා...
ඒ මොනා වුනත්...
කුළුඳුල් පෙමට අදට අවුරුද්දයි..

මට නුඹ ආස දේ දෙන්න බැරි වෙන්න ඇති......
මට නුඹව හැම වෙලේම හිනස්සවන්න බැරිවෙන්න ඇති....
මම නිසා නුඹේ ඇස් දෙකට කඳුලු උනන්න ඇති...
ඒත් උඹ තාම මගේ ලඟ...
හිටපන්...
මොනා නැතත් මම උඹට ආදරෙයිනෙ....
මගේ ආදරේ සුන්දරයි..
නුඹ නිසා....

Comments

malee_msg said…
ආගන්තුකයාටයි දම්මිටයි සුභම සුභ පැතුම්....!
Anonymous said…
නැත අතේ එල්ලිලා..
නැත තවම ගුටි කාලා
ඒ මොනා වුනත්...
කුළුඳුල් පෙමට අවුරුදු හතරයි(එක පාරශවිය)
අනේ දිසා... ඉතුරු 50% ගොඩ දාගන්න උත්සාහ කරන්න...
ස්තුතිය..
මගේ සුභ පැතුම්!!!
දකුනු අතේ දිග තව තව වැඩිවේවා
කණේ ගැඹුර තව පොඩ්ඩක් දික්වේවා
පිටකොන්දේ ඉදිමුම සුවපත් වේවා
ලබන වසරටත් කුලුඳුල නොබිඳේවා...!

සුභපැතුම් ඔබ දෙපොලටම.....
Deeps said…
වම් අතේ දිගත් මේ වසරෙදි වැඩි වේවා!!


සුබ පැතුම්!
Pahan said…
me machine eke sinhala hariyata wada naa ekai mehema type karanne.

eelaga aurudde wam athe ellenna kiyanna balance wenna. :D
ආහ් එළ එළ..මගේ උණුසුම් සුභ පැතුම්... මට නම් තව මාස දෙක තුනකින් අවුරුදු දෙක... හික්..
kesh said…
අනේ මට කවදා ඔහොමවෙයිද මන්ද?
Narada said…
මිරිඟුවකි මට ඒ පෙමින
හෙමින් හෙමින් රිදුම් දෙන
වතුසුදු මලට දුක හිතෙන
මුතුවන් සිනා නගමින
ආසිරි ආසිරි පතමි හදින
amal ishantha said…
සකුටුයි සතුටුයි....
අපගේ උණුසුම් සුභ පැතුම්....
කේෂාන් මලයා උරුමක්කාරි හොයාගෙන ආවාම මල් හතයි තමයි.... හැමෝටම ආදර ස්තුතිය...
බිංකුට මොකද අවුල ඇයි දෙයියනේ මේ අපි ඉන්නේ තියෙන අවුලක් කියපංකො...
Anonymous said…
අපිට කොහෙද අප්පේ ‍ඔච්චර චාන්ස්...
තාම තනිකඩ :D

දෙන්නාටම උණුසුම් සුබ පැතුම්!
Amila Kandambi said…
elakiri mcn..
congratz all da way!!!....
Anonymous said…
දකුණු අතේ දිග වැඩි වෙන්න ඇති...
කන් දෙක ගොඩ වෙන්න ඇති...
පිට කොන්ද ඉදිමෙන්න ඇති...
එත් ආදරය තමත් අයියා ලග ඇති....
අගන්තුකයනි මගේ උනුසුම් සුබපැතුම්....
ඔන්න මචං මගෙනුත් සුභ පැතුම්. :)
මගෙ ලවට නං යංතං අවුරුදු හතරයි මාස තුනහමාරයි.

දිගු ගමනක් යන්න ආසිරි!
said…
චියර්ස්ස්ස්ස්ස්.....!!!!!!!!!!!!!!
Unknown said…
අක්කට කියන්න ලබන අවුරුද්දෙ දකුණු අත තහනම් වම් අතේ එල්ලෙන්න කියල. ඒක කොච්චර සිම්පල් ප්ලෑන් එකක්ද

ලසිත අයියාටත් අක්කාටත් මගේ සුබ පැතුම්.....
dilanrf said…
මගෙනුත් සුභ පැතුම් :
Kanch said…
ඔය දෙන්නටම මගෙනුත් උණුසුමි සුභ පැතුමි.... ජයවේවා!!! :D
Anonymous said…
ලස්සනයි...
කාලකන්නියාගෙන් සුබ පැතුම්!
ස්තුතිය ...කවදා කවුරු කොහොම සුබ පැතුවත් හදවතින් නම් එච්චරයි හරේ... ස්තුති වේවා...... හැමෝටම...
සු said…
මෙන්න සුබ පැතුම් එක්ක මගෙන් කන් හැන්දකුයි තෙල් බෝතලේකුයි... :D
එතකොට ඊ ගාව අවුරුද්දටත් දම්මිනීට නිදහසේ අතේ එල්ලිලා යන ගමන් ගුටි දෙන්න පුලුවන් කන් කෙඳිරි අහන්නේ නැතිව..
සුභපැතුම්! අදයි දැක්කෙ.

මගෙ නම් අත තාම රිදෙන්නෑ තාම වැඩිය හම්බවෙන්න බැරි හින්දා.. (තාම ඉස්කෝලෙ යනවනෙ එයා)
අයියෝ හැබැයි ඉතිං කන් දෙක නම් ගන්න දෙයක් නෑ.. අවුරුදු තුනක් තිස්සෙ ඇහුංකං දීලා දීලා කන නෑ වගේ..
වෙලාවකට ග්‍රැහැම්බෙල් ව මරන්න හිතෙනවා.. (හොඳ වෙලාවට කලින්ම මලේ)

වැඩිපුර බලපු..

ජීවිතය නම් වේදනාව

ලිපගිනි මෙලවෙන තෙක් දිය      සැලියේ සැපයක් නම් කකුළුවා දිය         කෙලියේ අවදිව පෙරයම තෙක් දිවි             මළුවේ සේපාලික මල අඳුරෙම                නැසුනේ අව්වට වැස්සට හුරු               මිනිසුන්ගේ දහඩිය ඇයි කන්තෝරුවෙ         නැසුනේ කරමත ඇවිලෙන මරගිනි              අතරේ පොලවට නුසුලන තව බර          වැටුනේ සිල්වත දිදුලන වැලිතල                 අතරේ පඬුපැහැ කිරි කලයට මුසු         කෙරුනේ ගිනි අවි බිඳ යදමින් සිර                 ඇතුලේ ඇවිලුන ගිනිදැල් කඳුලින්              නිමුනේ

රති කෙලිය....

අන්තිම පෙළ යාබද අසුනේ.... රතී වීමට තැත් දරන ඈ ... අසුන යහන කොට.... ඔහු හා රගන විසූක දැක... අනෙක් පස විශාඛාවන් .... අසුනින් නැගිට ගිය සද.... ප්‍රජාපතී තොමෝ ... දුන් ඔවදන් අසා... සිනාසුනි දෙපලම..... අහෝ..... !

උක්කුං පටි බෝල බැලන්ස්.. පුක් පේපර්.. පුක් පේපර්...

“මහත්තයා අර ජිනේ මැරිලා“  හමීඩ් මුදලාලි රෙදි මනින ගමන් එහෙම කිව්වෙ මද සිනාවක් එක්කමයි “ මොනවා...! වෙන්න බෑ “  මම එහෙම කිව්වෙ සමහරවිට ජිනේ මැරෙන්නේ නැති එකෙක් කියලා මගේ ඔළුවේ කොනක තිබුන නිසා වෙන්න ඇති “ මිනිහා ඉන්න තැනක් වත් දන්නවාද? “ මම එහෙම ඇහුවේ පව් සමාකරගන්න ගිහින් මූණවත් පෙන්නලා එන්න කියලා හිතාගෙන. ඒත් මාව දන්නේ ජිනේ විතරනේ.. “ ජිනේ “ තාත්තා හැමසතියෙම විකුණන්න ගෙනියන දොර රෙදි යාර 30 ගන්න කොලඹට එනකොට මමත් පස්සෙන් එන්නේ කොලඹ බලන්න. ඒත් අනික් එවුන් කොලඹ ඇවිල්ලා ග්‍රහලෝකාගාරේ, කටුගේ බලලා යනකොට මට බලන්න වුනේ බසාර් එකේ රෙදිකඩ ටිකයි තුන්වෙනි හරස්වීදියේ එලවළු කඩ ටිකයි විතරයි..                 ජිනේ මම මුලින්ම දැක්කේ මම සාමාන්‍ය පෙල කරන කාලයේ වගේ මතකයි. අව්වට කළුවුන අඩි 6 විතර උස ජිනේව මම එදා දැක්කේ යෝධයෙක් වගේ. ජිනේගෙන් තාත්තාගේ කඩේ විකුණන්න බ්‍රෙසියර් දුසිම් දෙකක්, ලංකට් දුසිම් දෙකක් අරගෙන යන එක සිරිතක් වගේ වෙලා තිබුනේ. ලොකු ලොකු කඩවල ලොකු ලොකු නෝනලා මහත්තුරු බර ගනන් දීලා ගන්න ලොකු ලොකු බ්‍රෑන්ඩ් ජිනේ තුට්ටු දෙකට කරත්තේ තියාගෙන විකුණුවා...