මට මතක හැටියට හරියටම වෙලාව රෑ 12 පහුවුනා විතරයි.... මුලු නේවසිකාගාරයම නිහඬයි... ඒ වුනාට තැන තැන කසු කුසුවක් සාවදානව අහගෙන හිටියොත් හොඳට අහෙන්න ඉඩක් නැතුවමත් නෙමෙයි... 21 කල්ලිය ඒ කියන්නේ 11,10 වසරවල පයිලට්ලා ටික තවත් මෙහෙයුමකට සූදානම් වෙන්නේ ඔන්න ඔය අතරේ..
කසු කුසුව අහෙන්නෙත් ඒ නිසාම වෙන්න ඇති...
මූලික පරීක්ෂණ මාලාව යටතේ සික්කන්ගේ කාමරය දෙසට ඇහැ ගහගෙන ඉන්න දෙන්නෙක් යවනවා වගේම පාලකතුමාගේ ගෙදර ලඟටත් බැල්මට්ලා 2 යවන්නේ බයටම නෙමෙයි.... අරක්ෂාවටත් එක්ක...
බැලමට්ලාගෙ අනුමැතිය යටතේ අපි මහා රාජකාරියට පිටත් වුනා...
එදා ලස්සනට හඳ පායලා තිබුනා. පසලොස්වකට දවස් හතරක් නිසා වෙන්න ඇති... හිතුවට වඩා හඳ එලිය... ඒ හින්දාද කොහෙද හැමෝගෙම හිතේ පොඩි බයක් මෝදුවෙමින් තිබුනා... ඒත් ඉතින් අපේ අඩවියේ අවාම අපහු යන සිරිතක් නෑනෙ... ඉතින් කොහොමහරි වැඩේට බැස්සා.... හරියටම කුරුම්බා ගෙඩි 15 විතර කඩන්න ඇති...
එකපාරට
"කවුරුත් හෙල්ලෙන්න එපා...." අපි දුවන්න බැලුවත් හතර වටෙන්ම අපිව වටකරලා...
"මචං වලහා කොහොමද මෙතනට ආවෙ"
එහා පැත්තේ හිටපු ගුරා මගේ කනට කෙඳිරුවේ ජීවිතේ එපාවෙලා වගේ...
"මුරට දාපු මිනිස්සු දෙන්න නිදිකිරකිර ඉඳලා මට අහුවුනා"...
"දැන් කුරුම්බා ටික කපාගෙන බීලා කෝම්බ ටිකත් අරගෙන යමු..."
අප්පා.... බිව්වට බිව්වෙ නෑ වගේ.. එහෙම කුරුම්බා බීමක්... බයේ හරියට පෙවුනෙත් නෑ වගේ... කොහොමහරි ඊලඟ පැය බගෙ ඉවරවෙනකොට අපි කුරුම්බා කෝම්බ ටික පැත්තක ගොඩ ගහලා සර් ඉස්සරහ...
" හෙට ඉන්ටර්වල් එක දුන්න ගමන් හැමෝම මෙතනට එන්න ඕනි..."
"දැන් යනවලා .."
.....................................................................................................................................................................
මම ගුරත් එක්ක එනකොට හැමෝම වගේ ඇවිල්ල හිටියා.බකලයි ඌරයි ආවේ අපි එනවත් එක්කම වගේ...
"හැමෝම කුරුම්බ කෝම්බ එක ගානෙ ඔලුවෙ තියාගෙන යන්න ලැස්ති වෙනව"
නේවාසිකාගාර ගේට්ටුව ඉස්සරහින් ගමන පටන් ගත්ත අපි පාර අයිනේ පේලියට ගියේ විලිලැජ්ජවෙන් ඇඹරී ඇඹරී... කැම්පස් එකේ අක්කලා බල බල හිනාවෙනවා... යන අතරේ හැමෝම ආපහු කුරුම්බා නම් කඩන්න හීනෙකින් වත් හිතුවේ නැතිවුනත්... දඬුවම ඉවරවුනාම කට්ටිය කතාවුනේ මාට්ටු නොවී කුරුම්බා කඩන හැටි ගැන....
එදා එ දුන්න දඬුවම මට තාම මතක් වෙන්නේ පොඩි හිනාවක් වගේම කඳුලකුත් ඇස් දෙකට එකතු කරමින්.. අපිට ඒ දවස්වල හැමදාම ඉන්න තිබුනානම්...
පිස්සු..
10 comments:
අපෙත් ඔහොම වැඩක් වුනා. හැබැයි ගහට නැගපු පොරට තමා දඬුවම. කුරුම්බා ගෙඩි 11ක් ඉවරවෙනකම්ම බොන්න වුනා. පොර වමනේ දදා බීවා
අපි කවදාවත් මාට්ටු වුණේ නෑ.. මොකද අපි ඕව කළේ මහ දවාලෙ. පිට්ටනියට එහා පැත්තෙ තියෙන කැලෑවෙ.
චැග් මට ලැබිලා නැහනේ එහෙම වාසනාවක්
ඕක වෙනකොට අපි හරියටම 10 වසරේ ඊට පස්සෙ නම් මාට්ටු වුනේ නෑ... ගානට වැඩේ වෙනවා.... "ම" සෙට් වෙලා ආතල් එකක් දානකොට අනිවා දසක ඔහොම ආතල් එකක් සෙට් වෙයි... හික් හික් හරෙශ් උඹ නේද ගහ උඩ හිටියේ...
අමල් කාලෙකින් නේ... අපරාදේ යාලුවට සප් එකක් දුන්නෙ නැත්තේ...
තව ක්රමයක් තියනවා මේ ක්රමේට ගහට නගින්න ඕන නෑ, කුරුම්බා කඩන්න ඕන නෑ.
1. ගන්න හොඳ සයිසි කළු ගලක්
2. කුරුම්බා ගෙඩියේ පැත්ත ඉලක්ක කරලා ගහන්න. හරියට target එක ගන්න ඕන.
3. ඊට පස්සේ කුරුම්බේ හිල් වෙලා වැක්කෙරෙන කොට උඩට කට අල්ලන් ඉන්නයි තියෙන්නේ. හැබැයි අවධානයෙන් ඉන්න ඕන නැත්නම් පස්ස පැත්තට ගුටිය වදිනකම් දන්නෑ.
අපි A/L කරනකොට කඩපු එකක් ගහ යට තිබුන යකඩ බේසමකට වැටුන වැරදීමකින්, ඉතිං හුරේ රන් තමයි, ඒත් මාට්ටු උනේ නෑ
ඊඊඊඊසිරියාවේ බෑ.. අපිට කොහෙද ඉතිං ඔය වගේ චාන්ස්.. හැබැයි ආෆ්ට ස්කූල් ඉදලා ගස් වල අඹ නම් කැඩුවා.
ඒ වුනාට එහෙම කියලා බෑ කොහෙන්හරි ආතල් එක හොයාගන්නත් ඕනි.... ස්තුතිය....
මරැනෙ.. මල්ලි ඔයා අයේ කුරැම්බා බිවුවද?
අපි ඉතිං කෙල්ලොනෙ... අපිට ඔහොම චාන්ස් හම්බුනෙ නෑ.. හැබැයි පොඩි පන්තිවල ඉන්න කාලෙ නං ඉස්කෝලෙ වත්තෙ තිබුන කජු ගස්, දම් ගස්, කොට්ටම්බා ගස් ඉවරම කලා :)
Post a Comment