12.05.2008

සමාදර ආරධනයයි

රංග භූමියක
එසේ මෙසේ නොව
රාජකීය භූමියක
තෙස්තියස්ගේ පරපුරේ
ලාබාල එවුන්
පුංචි අත්පොඩි ඔසවමින්
"රඟබිමින් මනුසත්බවට"
පියනගන්නට
වෙරදරන හෝරාවට
ඇබින්දක් ඇවිත්
ඇසිපිය ගහලා යන්න
ඒකම ඇති අපිට
නියත විවරණ ලබන්නට........

රාජකීය නාට්‍ය සංසදය විසින් සංවිධානය කරනු ලබන " රංගාරණ්‍යය 2008 " නාට්‍යකරණ වැඩමුළුව ප්‍රවීන දේශක මඩුල්ලක මාර්ගෝපදේශකත්වය සහිතව ක්‍රෛස්ථව වර්ෂයෙන් දෙදහස් අටක් වූ දෙසැම්බර් මස දොලොස්වන සිකුරාදා දින එනම් ශ්‍රී බුද්ධ වර්ෂ දෙදහස් පන්සිය පනස් දෙකක් වූ උඳුවප් මස පුරපසලොස්වක පොහෝ දින පූර්වභාග නමයට රාජකීය විදුහල් සංගම් ශ්‍රවණාගාරයේදී උත්සවශ්‍රීයෙන් සමාරම්භ වන මොහොතට සපැමිණීම පිණිස ඔබට කෙරෙන සමාදර ආරධනයයි........

ඒ වගත් මෙසේම........................

4 comments:

පිටස්තරයා said...

enawoooooooooooo !!!!!

සරත් ගුණතුංග said...

එන්න නම් ආසයි... මේ වගේ දේවල් කොච්චර ලස්සනද? නමුත්!!

Aravinda said...

කවුද "තෙස්තියස්" ?
මම හිතන්නේ ඔය කියන්නේ ග්‍රික නාට්‍යකලාවේ ආරම්භකයා වන තෙස්පීස් ගැනයි.

පැමිණෙන දේශකයින් කවුද කියලා කියන්න පුළුවන් ද?

ආගන්තුකයා | Stranger said...

නිවැරදි කිරීමක්.... අරවින්ද බොහොම ස්තුතියි... තෙස්පියස්... ග්‍රීක නාට්‍ය කලාවේ ආරම්භකයා වගෙම මුල්ම නළුවාද වෙනවා... දේශකයින් විදිහට ඉන්දික ෆර්ඩිනැන්ඩz, සෞම්‍ය ලියනගේ, ජයලත් මනෝරත්න කටයුතුකරනවා ආරාධිතයින් විදිහට චන්න පෙරේරා, අශෝක සේරසිංහ, එනවා. ස්තුතියි අර්වින්ද මම ඒක දැක්කෙ නෑ.....
සරත් මහත්තයෝ වෙලාවක ලංකාව පැත්තෙ එන්න... දැන් යකා හිතන තරම් කලු නෑ...