12.01.2008

සාපේක්ෂතාවය...


සුන්දරත්වය...
ඇතිකරන ප්‍රියමනප බව හා සතුට
ගෙම්බෙකුගෙන් අසන්න..
විශාල රවුම් ඇස් දෙකක්, විශාල පැතලි හොම්බක්,
දුඹුරු පැහැ පිටුපසක්...
ඌ කියනු ඇත...
අප්‍රිකාවේ ම්ලේඡයෙකුට නම්..
කළු පැහැ දෙතොල්, තෙල් සමක්, ගිලාබැසි දෑස් හා
පැතලි නාසයක්....
සුන්දරත්වය වනු ඇත...
යක්ෂයාගෙන් අසන්න....
අං යුවලක්, දිගු නිය හා
වල්ගයක් යැයි හේ කියනු ඇත....
දාර්ශනිකයෙක්ගෙන් එය ඇසුවහොත්...
ඔල්මොරොන්දම් වාගාඩම්බරයක් කියවනු ඇත....
ජපානයේ සුන්දර දෑ
රෝමයේ අසුන්දර වේ....
ප්‍රංශයේ සුන්දර දෑ
ජපානයේ අසංවර වේ...
මට සුන්දර දෑ
මිත්තණියට අසංවර වේ....
ඉදින්....
පුදුම නොයේද....?
සුන්දරත්වයේ සාපේක්ෂතාවය....
( වොල්තෙයාර් )

11 comments:

amal ishantha said...

මේ ලෝකේ හැමදෙයක්ම සාපේක්ෂයි. සුන්දරත්වය වුනත් එහෙම තමයි. ආදරයත් සාපේක්ෂයි.

malee_msg said...

අමල් කියලා තියන දේම තමයි මටත් කියන්න තියෙන්නේ... හැම දේම තීරණය වෙන්නේ පුද්ගලයාගෙන් පුද්ගලයාට අනුව ‍ඒ දේවල් විදින/දකින/හිතන විදිය හෝ රටාව අනූවයි‍.

ආගන්තුකයා | Stranger said...

ඒකනම් ඇත්ත... සුන්දරත්වය... කාගේ හරි හිතට වැදුනානම්... ප්රියමනාප නම්... එච්චරයි...

Anonymous said...

ඔව් ඔව් නැත්නම් හැම කොල්ලම එකම කෙල්ලට ට්‍රයි කරයි. දැනටත් මරා ගන්න එකේ සුන්දරත්වරටත් ISO Standard එකත් තිබුන නම් .....

සරත් ගුණතුංග said...

දාර්ශනිකයෙක් සතු මනැසක් ඔබ සතුව ඇත.

Kanch said...

Sama sundara deyakama asundara bawak atha...e wagema sama asundara deyakama yamkisi sundarathwayak atha....
meka methanata galapenawada danne na...:D apuru bolg ekak...adai ahu une...:)

ආගන්තුකයා | Stranger said...

ඒකනම් ඇත්ත... Kanch අපි දකින හැම දෙයකම අපි නොදකින පැත්තක් තියෙනවා.. සුන්දරත්වයෙත් ඒ වගේ තමා...
සරත් මහත්මයා සුන්දරත්වය දකින්නේ කොහොමද..?

සරත් ගුණතුංග said...

'සුන්දරත්වය' කියන්නෙ වෙනස් වන දෙයක්. මම සුන්දරත්වය කියන දෙයක් වෙන කෙනෙකුට සුන්දර නොවෙන්න පුලුවන්. ඒ නිසා ඕනම සුන්දර කෙනෙකුට ඕනම සුන්දර දෙයක සුන්දරත්වය විඳගන්න අවස්ථාව ඇරලා මම මට සුන්දර දෙයක් බලා ගෙන ඉන්නවා. නමුත් කාලයේ ඇවැමෙන් ඔක්කොම සුන්දර දේවල් අසුන්දර වෙනවා. ඒ යථාර්තය ගැන හිතුවම මුලු ලෝකයම සුන්දරයි, කිසිවකට බැඳීම් නැති නිසා.......................

පිටස්තරයා said...

සුන්දරයි කියලා හිතපු ගොඩක් දේවල් අසුන්දර වෙලානම් තියෙනවා. හුඟක් වෙලාවට මිනිස්සු. අඳුර ගන්න බැරි කම නිසා

ම.ම.ගි said...

හැමදෙයකම කිසියම් සුන්දරත්වයක් තියෙනවා. සමහර දේවල සුන්දරත්වය කි‍යන දේ පෙනෙන්නෙ නැහැ. වුවමනාවෙන් බලන්න ඕන. ඒක පෙනෙන්න හිතත් සුන්දර වෙන්න ඕන.

Thushara said...

සාපේක්ශතාවත් තවත් දෙයකට සාපේක්ශයි...