Skip to main content

බත් හැලිය ඉදෙනකම්....

පොඩ්ඩ ඇති..
රිදෙයි..
නුඹ සිනිඳු
පා යුගල...

පොඩ්ඩ ඇති..
රතුවෙයි...
නුඹ සොඳුරු..
සුදු මුහුණ....

පොඩ්ඩ වුව...
මට ඇතිය...
සුන්දර...
නුඹේ ආදරය...

Comments

malee_msg said…
හරිම ලස්සනයි...!
Anonymous said…
මේ ඇත්තටම පින්තූරෙ ඉන්නෙත් ඔය දෙන්නා ද? කවියයි පින්තූරෙයි පුදුම ලස්සනයි..මට හිතෙන හැටියට කවියක් කියන්නෙ මෙහෙම කිළිපොලා යන පේලි කිහිපයකට..තවත් කවි කියවන්න ආසයි
ම.ම.ගි said…
ඒ බදින්න ඉස්සර මේ බැන්දට පස්සෙ

පොඩ්ඩ ඇති..
හදයි..
කන්නට
මගෙ ඔළුව...

පොඩ්ඩ ඇති..
හදයි...
යන්නට..
මහගෙදර....

දන්නම්...
මට හිතෙයි...
ඇත්තට...
වහ බොන්න...
ස්තුතීය...කෙහෙලිය මලයා.. මේ අපි දෙන්නා තමා.. සුම්බා කියලා සරසවියෙ යාලුවෙක්.. මචං ඔය කතාවනම් ඇත්ත තමා... තාම බැඳලා නැති නිසා අවුලක් නෑ...
Anonymous said…
ම් ම් හරිම ලස්සනයි. පිංතූරෙත් එක්කම :)
මචං කිටියා දැක්කාම ඉරිසියා හිතෙනවා බං.... මම දැක්ක පට්ටම කවිය.... අනේ මට නෑනේ ඔහොම ගෑණුළමයා අතේ එල්ලගෙන යන්න චාන්ස් එකක්... උඹලා දෙන්න (පිස්සු කපල් එක) දැක්කාම මට මතක් වෙන්නෙම මගේ මාරිව.... =(
ආයෙත් කියන්නේ කවිය පට්ට.... නියමයි.... ලස්සනයි.... දැනෙන දේ කොහොම කිව්වත් මදි...
උඹලා දෙන්නත් සිරා තමා... ( මම මාරිගෙ අයියා යකෝ ) අපි කොච්චර කාර්යබහුල වෙලාද...? කවදා හරි අපි ඒ ආතල් ආයි ගමු සිලියෝ...
හපොයි මචං කමක් නෑ.... ඒ ආතල් හොඳටම ඇති =D
Narada said…
ජය! කවියයි ජයාරූපයයි දෙකම ලස්සනයි.
Sam said…
Nice poem..congrats..
was this picture taken at University of Colombo..?

වැඩිපුර බලපු..

දේශද්‍රෝහියා...

මගේ ගෙදර ගේට්ටුවේ ජාතික කොඩියක් නැත... එම නිසා මම දේශද්‍රෝහියෙකි .. මගේ ගෙදර මිදුලේ රතිඤ්ඤා පිපිරුනේ නැත... එම නිසා මම දේශද්‍රෝහියෙකි ... දේශප්‍රේමීන්ගේ පෙළපාලියට මා සහභාගී වූයේ නැත... එම නිසා මම දේශද්‍රෝහියෙකි .. ප්‍රභාකරන්ගේ මල කිරිබත මට කෑමට නොහැක.. එම නිසා මම දේශද්‍රෝහියෙකි ... බාගයක් ගසා දේශාභිමානී ගීත කීමට මට බැරිවිය... එම නිසා මම දේශද්‍රෝහියෙකි ... පිටස්තරයා නිවැරදිය මේ ගොං පාට් හමුවේ හෙට ප්‍රභාකරන් නැවත උපදිනු ඇත සිදුවිය යුත්තේ මෙයද? මා දේශද්‍රෝහියෙකි..

ජීවිතය නම් වේදනාව

ලිපගිනි මෙලවෙන තෙක් දිය      සැලියේ සැපයක් නම් කකුළුවා දිය         කෙලියේ අවදිව පෙරයම තෙක් දිවි             මළුවේ සේපාලික මල අඳුරෙම                නැසුනේ අව්වට වැස්සට හුරු               මිනිසුන්ගේ දහඩිය ඇයි කන්තෝරුවෙ         නැසුනේ කරමත ඇවිලෙන මරගිනි              අතරේ පොලවට නුසුලන තව බර          වැටුනේ සිල්වත දිදුලන වැලිතල                 අතරේ පඬුපැහැ කිරි කලයට මුසු         කෙරුනේ ගිනි අවි බිඳ යදමින් සිර                 ඇතුලේ ඇවිලුන ගිනිදැල් කඳුලින්              නිමුනේ

එය සිදුවිය යුතුව තිබුනි....!

එය එතරම් අසීරු යැයි එය සිදුවනතුරු මම දැනගෙන සිටියේ නැත. එය සිදුවිය යුතුව තිබුනි. නමුත් අප දෙදෙනාගෙන් එකෙකු හෝ එය භාරගන්නට සූදානම් නොවීය. අවසානයේ එය සිදුවී ඇත...! ජීවිතය නම් වූ නවකථාව තුල දෑවුරුද්දක පරිඡේදයක්  අවසාන වී ඇත. කතන්දර ගොඩක් මැද්දෙ හමුවූ දෙන්නෙක්  කතන්දර ගොඩක් මැද වෙන්වී ගොසින්ය සියල්ල අනාගතයට බාරදී අත පිහිදාගන්නට ආත්මාර්ථකාමී ආසාවක් හිතට ආවත් එය සිදුකිරීම එතරම් පහසුනම් මම එය දැනටමත් අහවර කොට හමාරය.  කතාන්දරය නිල වශයෙන්ම අවසන්ය. අවසානයේ මම පිදුම වෙනස් කරමි.... "මගේ අතේ එල්ලී මගේ කණ් ගොඩ කරපු දම්මිනීට.."  පින්තූරය අහක් කිරීමට තරම් මම මුග්ධයෙකු වී නැත.  එහෙත් දවසක එයද ඉවත් කිරීමට සිදුවනු ඇත..  ආදරය කියන සූදුවෙන් මම පැරදී ඇත.. මම ලඟ තුරුම්පු අවසන් වී තිබුනි... එය සිදුවිය යුතුව තිබුනි....!