Skip to main content

වෙනසක්...

මම හෝඩිපොත කියෙව්වෙත් ඉස්කොලෙන්. ඉස්කොලෙ හැමදම දැකපු මුහුනු අතරේ අවුරුදු ගානක් ගෙවිල ගියේ දන්නෙම නැතුව.අපි කොල්ලො විතරක් හිටපු නිසා ජීවිතේ ගෙවුනෙ පුදුම විනොදෙන්.. කිසිම බරක් නති නිදහස් ජීවිතයක්.....
පන්තියේ සර්ගෙන් බනුම් ඇහීම හරිම සරලයි. දණගහගෙන ඉන්න එක, වේවැල් පාරක් කන එක අසවෙන් කරන වැඩක්..
හැබයි....
සරසවියෙනම් ඊට වඩා වෙනස්.... ගෑණු ලමයි ඉන්න නිස දේශනයක් අස්සෙ නින්ද ගිහින් දවස් අහුවුනාම විලිලැජ්ජයි...

මේ එක දෙයක් විතරයි තව දෙවල් අනන්තවත්....

මතක් වෙන විදිහට මේව මම දියත් කුලෙත් එක්ක බෙදගන්නවා.....
සත්තයි........!

අදට නවතින්නම්........
ජය..... !

Comments

ඒකට මචං අහුවෙන්නේ නැතිව නිදාගන්න ඕනේ ගරු වගේ, ඒ නැතත් මගෙන් අහ ගනින් අහුවෙන්නේ නැතිව නිදා ගන්න හැටි...
=D
ගෑණු ලමයි ඉන්න නිස දේශනයක් අස්සෙ නින්ද ගිහින් දවස් අහුවුනාම විලිලැජ්ජයි...

‍මචෝ ඇත්තම තත්වෙ නම් දේශනයක් අස්සෙ නින්ද ගියාම උඹට දම්මිනීගෙන් ටොකු පූජාවක් ලැබෙන එක නේද? :D
"ගෑණු ලමයි ඉන්න නිස"

හී හී ගෑණු ලමයිනුත් ඉන්න තාත්ත කෙනෙක්ද ?

වැඩිපුර බලපු..

දේශද්‍රෝහියා...

මගේ ගෙදර ගේට්ටුවේ ජාතික කොඩියක් නැත... එම නිසා මම දේශද්‍රෝහියෙකි .. මගේ ගෙදර මිදුලේ රතිඤ්ඤා පිපිරුනේ නැත... එම නිසා මම දේශද්‍රෝහියෙකි ... දේශප්‍රේමීන්ගේ පෙළපාලියට මා සහභාගී වූයේ නැත... එම නිසා මම දේශද්‍රෝහියෙකි .. ප්‍රභාකරන්ගේ මල කිරිබත මට කෑමට නොහැක.. එම නිසා මම දේශද්‍රෝහියෙකි ... බාගයක් ගසා දේශාභිමානී ගීත කීමට මට බැරිවිය... එම නිසා මම දේශද්‍රෝහියෙකි ... පිටස්තරයා නිවැරදිය මේ ගොං පාට් හමුවේ හෙට ප්‍රභාකරන් නැවත උපදිනු ඇත සිදුවිය යුත්තේ මෙයද? මා දේශද්‍රෝහියෙකි..

ජීවිතය නම් වේදනාව

ලිපගිනි මෙලවෙන තෙක් දිය      සැලියේ සැපයක් නම් කකුළුවා දිය         කෙලියේ අවදිව පෙරයම තෙක් දිවි             මළුවේ සේපාලික මල අඳුරෙම                නැසුනේ අව්වට වැස්සට හුරු               මිනිසුන්ගේ දහඩිය ඇයි කන්තෝරුවෙ         නැසුනේ කරමත ඇවිලෙන මරගිනි              අතරේ පොලවට නුසුලන තව බර          වැටුනේ සිල්වත දිදුලන වැලිතල                 අතරේ පඬුපැහැ කිරි කලයට මුසු         කෙරුනේ ගිනි අවි බිඳ යදමින් සිර                 ඇතුලේ ඇවිලුන ගිනිදැල් කඳුලින්              නිමුනේ

එය සිදුවිය යුතුව තිබුනි....!

එය එතරම් අසීරු යැයි එය සිදුවනතුරු මම දැනගෙන සිටියේ නැත. එය සිදුවිය යුතුව තිබුනි. නමුත් අප දෙදෙනාගෙන් එකෙකු හෝ එය භාරගන්නට සූදානම් නොවීය. අවසානයේ එය සිදුවී ඇත...! ජීවිතය නම් වූ නවකථාව තුල දෑවුරුද්දක පරිඡේදයක්  අවසාන වී ඇත. කතන්දර ගොඩක් මැද්දෙ හමුවූ දෙන්නෙක්  කතන්දර ගොඩක් මැද වෙන්වී ගොසින්ය සියල්ල අනාගතයට බාරදී අත පිහිදාගන්නට ආත්මාර්ථකාමී ආසාවක් හිතට ආවත් එය සිදුකිරීම එතරම් පහසුනම් මම එය දැනටමත් අහවර කොට හමාරය.  කතාන්දරය නිල වශයෙන්ම අවසන්ය. අවසානයේ මම පිදුම වෙනස් කරමි.... "මගේ අතේ එල්ලී මගේ කණ් ගොඩ කරපු දම්මිනීට.."  පින්තූරය අහක් කිරීමට තරම් මම මුග්ධයෙකු වී නැත.  එහෙත් දවසක එයද ඉවත් කිරීමට සිදුවනු ඇත..  ආදරය කියන සූදුවෙන් මම පැරදී ඇත.. මම ලඟ තුරුම්පු අවසන් වී තිබුනි... එය සිදුවිය යුතුව තිබුනි....!