තැබූ තැබූ තැන අවදිවු බර අවි පිදූ පිදූ තැන පරවුන මල් පෙති පිරූ පිරූ දස පෙරුමන් නැතිවුන ප්‍රසන්න මධුර සුඛං බුරා බුරා නැගෙනා ඒ බොදු ගිනි වෙලා වෙලා දැවෙනා ඒ ගිනි කෙලි දිරූ දිරූ ඒ බෝසත් පිලිරුව වණ්ණෝ සුඛං බලං දෙසූ දෙසූ දම්සක් වී පැමි ණිලි පිසූ පිසූ දන්සල් වී ඇව ටිලි ගැලූ ගැලූ දස සිල්දිය බොරවුන ගිලන පච්චං ඉමං
ලිපගිනි මෙලවෙන තෙක් දිය සැලියේ සැපයක් නම් කකුළුවා දිය කෙලියේ අවදිව පෙරයම තෙක් දිවි මළුවේ සේපාලික මල අඳුරෙම නැසුනේ අව්වට වැස්සට හුරු මිනිසුන්ගේ දහඩිය ඇයි කන්තෝරුවෙ නැසුනේ කරමත ඇවිලෙන මරගිනි අතරේ පොලවට නුසුලන තව බර වැටුනේ සිල්වත දිදුලන වැලිතල අතරේ පඬුපැහැ කිරි කලයට මුසු කෙරුනේ ගිනි අවි බිඳ යදමින් සිර ඇතුලේ ඇවිලුන ගිනිදැල් කඳුලින් නිමුනේ