Skip to main content

නිර්වාණයේ දොරකඩ හිඳිමි.

පුරහඳ..
හැමදාම නැතිවුනත්.
හැමදාම තිබුනත්.
මට ඒ පුරහඳ මතක් වෙන්නේ
මාසෙකට සැරයයි..

පුරහඳේ..
හාවෝ හිටියත්..
හාවෝ නොහිටියත්..
මට ඒ පුරහඳ මතක්වෙන්නේ
මාසෙකට සැරයයි...


පුරහඳ..
ආවත් නොආවත්..
ඒ පුරහඳ තියෙනකම්..
මම නිර්වාණයේ දොරකඩ..
ඇතුල්වීම තහනම්.. 

Comments

RanDil said…
මේ කවි පෙළ අර්ථවත්, මාතෘකාව හොඳින් ම අර්ථ ගන්වනවා කියලා හිතෙනවා
hare :-) said…
ජරාවක්වත් අරං
ඇතුල් කරපං!
malee_msg said…
හැමදාම දොරකඩ හිටගෙන ඉදලත් හරියන්නේ නැහැ කොල්ලො..! දොරටුපාළ වෙන්නද හදන්නේ..

වැඩිපුර බලපු..

ජීවිතය නම් වේදනාව

ලිපගිනි මෙලවෙන තෙක් දිය      සැලියේ සැපයක් නම් කකුළුවා දිය         කෙලියේ අවදිව පෙරයම තෙක් දිවි             මළුවේ සේපාලික මල අඳුරෙම                නැසුනේ අව්වට වැස්සට හුරු               මිනිසුන්ගේ දහඩිය ඇයි කන්තෝරුවෙ         නැසුනේ කරමත ඇවිලෙන මරගිනි              අතරේ පොලවට නුසුලන තව බර          වැටුනේ සිල්වත දිදුලන වැලිතල                 අතරේ පඬුපැහැ කිරි කලයට මුසු         කෙරුනේ ගිනි අවි බිඳ යදමින් සිර                 ඇතුලේ ඇවිලුන ගිනිදැල් කඳුලින්              නිමුනේ

රති කෙලිය....

අන්තිම පෙළ යාබද අසුනේ.... රතී වීමට තැත් දරන ඈ ... අසුන යහන කොට.... ඔහු හා රගන විසූක දැක... අනෙක් පස විශාඛාවන් .... අසුනින් නැගිට ගිය සද.... ප්‍රජාපතී තොමෝ ... දුන් ඔවදන් අසා... සිනාසුනි දෙපලම..... අහෝ..... !

කපුටු බෝ...

කිරි කල හතකින් නෑවෙන.  වතුර කල වලින් පෝෂනය වන. කවි වලින් ආසිරි ලබන..  ගාථා වලින් ගෞරව ලබන.. බෝහිමියන්ගේ.. රුහිර උරා ප්‍රසූත්‍ර වන. කපුටන් විසින් අනුභව කරන. බෙටි සමග එලියට විසිවන. සැදැහැවත් බෞද්ධයින්ගේ  තාප්ප උඩ මුල් අදින..  අති ශ්‍රද්ධාවෙන්.. ගලවා විසිකරන. කපුටු බෝ..