Skip to main content

මාර්කෝ මම ඈන්..

මාර්කෝ උඹ කොහෙද? 
පිත්තල බොත්තම තාමත් ලඟ තියාගෙන 
මම උඹ එනකම් බලා ඉන්නවා. 
ජීවිතේ අතරමැද 
තාමත් උඹ වෙනුවෙන් හිඩැසක්. 
මාර්කෝ කෝ උඹ. 
හැමදාම රෑට
වෙන පංචස්කන්ධයක තියෙන 
උඹේ හිතත් එක්ක
මම නිදි වදිනකොට
උඹ මරීනා එනකම් බලා ඉන්නවාද? 
මාර්කෝ.. 
දිස්නේ නැතිවෙන්න කලින්
මේ පිත්තල බොත්තම අරන් පලයන්.. 

මම 
ඈන්.. 

Comments

Beetle said…
ආගන්තුකයා උඹ කොහෙද?
දූවිලි බැඳුනු මේ බ්ලොග් එක තාමත් බුක්මාර්ක් කරගෙන
මම උඹ ලියනකම් බලා ඉන්නවා.
ජීවිතේ අතරමැද
තාමත් උඹෙ ලිපි වෙනුවෙන් ඉඩක්.
ආගන්තුකයා කෝ උඹ.
හැමදාම රෑට රීඩරේ තියෙන තියෙන
අනිත් බ්ලොග් එක්ක
මම නිදි වදිනකොට
උඹ ලියන්නැතුව කන පැලෙන්න බීලා නිදාගන්නවද?
ආගන්තුකයා...
දිස්නේ නැතිවෙන්න කලින්
මේ කමෙන්ට් එකත් අරන් පලයන්..

මම
බීට්ල්..

:D
hare :-) said…
මේක කියවන එක පැත්තක තියලා මම මෙන්න මේක ඇහුවා...

http://www.youtube.com/watch?v=wqmhwXevvJU
අහ් කාලේකට පස්සේ..!
මොකද ලියන්නේ නැත්තේ යකෝව්...?

වැඩිපුර බලපු..

ජීවිතය නම් වේදනාව

ලිපගිනි මෙලවෙන තෙක් දිය      සැලියේ සැපයක් නම් කකුළුවා දිය         කෙලියේ අවදිව පෙරයම තෙක් දිවි             මළුවේ සේපාලික මල අඳුරෙම                නැසුනේ අව්වට වැස්සට හුරු               මිනිසුන්ගේ දහඩිය ඇයි කන්තෝරුවෙ         නැසුනේ කරමත ඇවිලෙන මරගිනි              අතරේ පොලවට නුසුලන තව බර          වැටුනේ සිල්වත දිදුලන වැලිතල                 අතරේ පඬුපැහැ කිරි කලයට මුසු         කෙරුනේ ගිනි අවි බිඳ යදමින් සිර                 ඇතුලේ ඇවිලුන ගිනිදැල් කඳුලින්              නිමුනේ

දේශද්‍රෝහියා...

මගේ ගෙදර ගේට්ටුවේ ජාතික කොඩියක් නැත... එම නිසා මම දේශද්‍රෝහියෙකි .. මගේ ගෙදර මිදුලේ රතිඤ්ඤා පිපිරුනේ නැත... එම නිසා මම දේශද්‍රෝහියෙකි ... දේශප්‍රේමීන්ගේ පෙළපාලියට මා සහභාගී වූයේ නැත... එම නිසා මම දේශද්‍රෝහියෙකි .. ප්‍රභාකරන්ගේ මල කිරිබත මට කෑමට නොහැක.. එම නිසා මම දේශද්‍රෝහියෙකි ... බාගයක් ගසා දේශාභිමානී ගීත කීමට මට බැරිවිය... එම නිසා මම දේශද්‍රෝහියෙකි ... පිටස්තරයා නිවැරදිය මේ ගොං පාට් හමුවේ හෙට ප්‍රභාකරන් නැවත උපදිනු ඇත සිදුවිය යුත්තේ මෙයද? මා දේශද්‍රෝහියෙකි..

උක්කුං පටි බෝල බැලන්ස්.. පුක් පේපර්.. පුක් පේපර්...

“මහත්තයා අර ජිනේ මැරිලා“  හමීඩ් මුදලාලි රෙදි මනින ගමන් එහෙම කිව්වෙ මද සිනාවක් එක්කමයි “ මොනවා...! වෙන්න බෑ “  මම එහෙම කිව්වෙ සමහරවිට ජිනේ මැරෙන්නේ නැති එකෙක් කියලා මගේ ඔළුවේ කොනක තිබුන නිසා වෙන්න ඇති “ මිනිහා ඉන්න තැනක් වත් දන්නවාද? “ මම එහෙම ඇහුවේ පව් සමාකරගන්න ගිහින් මූණවත් පෙන්නලා එන්න කියලා හිතාගෙන. ඒත් මාව දන්නේ ජිනේ විතරනේ.. “ ජිනේ “ තාත්තා හැමසතියෙම විකුණන්න ගෙනියන දොර රෙදි යාර 30 ගන්න කොලඹට එනකොට මමත් පස්සෙන් එන්නේ කොලඹ බලන්න. ඒත් අනික් එවුන් කොලඹ ඇවිල්ලා ග්‍රහලෝකාගාරේ, කටුගේ බලලා යනකොට මට බලන්න වුනේ බසාර් එකේ රෙදිකඩ ටිකයි තුන්වෙනි හරස්වීදියේ එලවළු කඩ ටිකයි විතරයි..                 ජිනේ මම මුලින්ම දැක්කේ මම සාමාන්‍ය පෙල කරන කාලයේ වගේ මතකයි. අව්වට කළුවුන අඩි 6 විතර උස ජිනේව මම එදා දැක්කේ යෝධයෙක් වගේ. ජිනේගෙන් තාත්තාගේ කඩේ විකුණන්න බ්‍රෙසියර් දුසිම් දෙකක්, ලංකට් දුසිම් දෙකක් අරගෙන යන එක සිරිතක් වගේ වෙලා තිබුනේ. ලොකු ලොකු කඩවල ලොකු ලොකු නෝනලා මහත්තුරු බර ගනන් දීලා ගන්න ලොකු ලොකු බ්‍රෑන්ඩ් ජිනේ තුට්ටු දෙකට කරත්තේ තියාගෙන විකුණුවා...