මාර්කෝ උඹ කොහෙද? පිත්තල බොත්තම තාමත් ලඟ තියාගෙන මම උඹ එනකම් බලා ඉන්නවා. ජීවිතේ අතරමැද තාමත් උඹ වෙනුවෙන් හිඩැසක්. මාර්කෝ කෝ උඹ. හැමදාම රෑට වෙන පංචස්කන්ධයක තියෙන උඹේ හිතත් එක්ක මම නිදි වදිනකොට උඹ මරීනා එනකම් බලා ඉන්නවාද? මාර්කෝ.. දිස්නේ නැතිවෙන්න කලින් මේ පිත්තල බොත්තම අරන් පලයන්.. මම ඈන්..